සිංහයන් ගරුත්වය රැකගැනීමේ සටනක – හෙට වැරදිලා හරි පැරදුනොත් වෙන දේ මෙන්න…

Spread the love

වැරදිලා හරි  ශ්‍රී ලංකා – බංග්ලාදේශ අවසන් එක්දින තරගයේදී ලංකාව පරාජයට පත්වුවහොත් ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව පසුකර යෑමේ අවස්ථාවක් බංග්ලාදේශයට ලැබී තිබෙන බව අපට වාර්තා වේ.  එසේ වුවහොත් බංගලාදේශ කණ්ඩායමක් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව පසුකළ පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

දෙරට අතර තරග තුනකින් සමන්විත මෙම එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රේණිගත ලකුණු 98ක් ලබා ශ්‍රී ලංකාව හයවැනි ස්ථානයේත්, ශ්‍රේණිගත ලකුණු 91ක් ලබා බංග්ලදේශය හත්වැනි ස්ථානයේත් පසුවූ අතර, පළමු තරගය පරාජය වීම හේතුවෙන් මේ වනවිට ලංකාවට එක් ශ්‍රේණිගත ලකුණක් අහිමි වී ඇති නමුත් බංග්ලාදේශයට ශ්‍රේණිගත ලකුණු 2ක් එකතු වී ඔවුන්ගේ ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 93 දක්වා වැඩි වී ඇත.

ඒ අනුව මේ වනවිට එක්දින තරගාවලිය 1-0ක් ලෙස ඉදිරියෙන් සිටි බංග්ලාදේශ කණ්ඩායම හෙට තරගය ජයගතහොත් ඔවුන්ගේ ශ්‍රේණිගත ලකුණු 95 දක්වා වැඩිකර ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබෙන අතර, මෙම පරාජය හේතුවෙන් ශ්‍රේණිගත ලකුණු 2ක් අඩු වී ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත ලකුණු 95 දක්වා අඩු වීමට නියමිතය.

කෙසේ වෙතත් බංග්ලාදේශය 2-0ක් ලෙස තරගාවලිය ජය ගැනීම හේතුවෙන් ශ්‍රේණි සටහනේ ලංකාවට ඉහළින් ස්ථානගත වීමට අවස්ථාව උදාවනු ඇත.