තරුණ සමුළුවේදී ජනපති මෛත්‍රීගෙන් මහින්දට ටොක්කක්….

Spread the love

අද පැවති තරුණ සමුළුවේදී ජනපති මෛත්‍රී පක්ෂයේ තනතුරු පිලිබදව සිදුකල විග්‍රහයේදී හිටපු ජනපතිට සහ නාමල්ට ප්‍රහාරයක් එල්ලකිරීම සුවිශේෂී සිදුවීමකි. මේ එම ප්‍රකාශයයි…..

ආදරණීය තරුණ දරුවනේ, මගේ පුතත් මේ ශාලාව තුළ ඉදිරියේ වාඩි වී සිටිනවා. ඔහු වේදිකාවේ නැහැ. ඔහුට මම තරුණ සංවිධානයේ තනතුරු දීලා නැහැ. ඔහුට මම බලකායන් බාරදීලා නැහැ. මේ පක්ෂයේ සභාපති ධුරය මම භාර ගත්තේ, මගේ පවුලේ කිසිවෙකුටත් ඔටුනු පළඳන්නට නොව, මේ රටේ සමස්ත තරුණ පරපුර සමග මේ රටේ පොදු මහජනතවගේ අනාගත ගමන් මග ශක්තිමත් කරලා ඉදිරියේදී ජනාතාවාදී මෙහෙවරක් ඔබ වෙනුවෙන් ඉටු කිරීම සඳහායි කියන එක මා ඉතා පැහැදිලිවම සඳහන් කරන්නට ඕනෑ.