එජාපයේ පුටු මාරුවක්!

Spread the love

හෙට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ආසන සංවිධායක ධුර බොහොමයක් වෙනස් කිරීමට එම පක්ෂයේ අවධානය යොමුව ඇතැයි  වාර්තා වේ.

ඒ අනුව ඒ ඒ ආසනයන්හි සංවිධායක වරුන්ගේ පරිසාධන මට්ටම අනුව මෙම නව ආසන සංවිධායක වරුන් පත් කිරීම සිදුවනු ඇත.

එසේම එම පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරු 03ක් සහ උපනායක තනතුරු 03ක් ඇතිකිරීම සඳහා වන යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව ද වැඩිදුරටත් වාර්තාවේ. 

ඒ අනුව අමාත්‍යවරුන් වන සජිත් ප්‍රේමදාස, රවි කරුණානායක හා කබීර් හෂිම් යන මහත්වරුන් නියෝජ්‍ය නායක තනතුරු සඳහා යෝජනා කිරීමට නියමිත නාමයන් බව ප්‍රකාශවේ.

එමෙන්ම අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රංජිත් මද්දුම බණ්ඩාර, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන්ට එක්සත් ජාතික පක්ෂයේ උපනායක ධුරයන් පිරිනැමීමට අදාළ යෝජනාවක්ද ඉදිරිපත් කිරීමට නියමිත බව පක්ෂ ආරංචිමාර්ග පැවසීය. 

මෙහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ලෙස අකිල විරාජ් කාරියවසම් මහතාද නියෝජ්‍ය මහලේකම් ලෙස සුජීව සේනසිංහ මහතාද පත්වීමට නියමිතය.

මෙලෙස එක්සත් ජාතික පක්ෂයේ තනතුරු වෙනසක් සිදුවන්නේ වසර හතකට පසුවය. කෘත්‍යාධිකාරී මණ්ඩලය හෙට (05දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ උපනායක ධුරය රවි කරුණානායක අමාත්‍යවරයා දරන අතර, මහලේකම් ධුරය දරන්නේ අමාත්‍ය කබීර් හෂීම් මහතාය.එක්සත් ජාතික පක්ෂයේ තරුණ සංවිධානය වන යොවුන් පෙරමුණ සහ ලක් වනිතා සංවිධානයේ සභාපති ධුර ඉදිරි වර්ෂය සඳහාද නොවෙනස්ව පවත්වාගෙන යෑමට පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.

[rns_reactions]