හොර මුදල් නෝට්ටු තොගයක් මාට්ටු…

Spread the love

කොළඹ පොලිස් විශේෂ ක්ෂේත්‍ර බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හොරණ වගවත්ත ප්‍රදේශයේ නිවෙසක් පෙරේදා 02දා වටලා ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරමින් සිටි 19 වියැති තරුණයකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මීට පෙරද හොරණ පෝරුවදණ්ඩ පෙදෙසේ නිවෙසක් වටලා රුපියල් ලක්ෂ ගණනක පන්සීයේ සහ රුපියල් දාහේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් පොලිස් අත්අඩංගුවට ගත් බවද එම පොලිස් නිලධාරියා පැවැසීය.

ඔහු සන්තකයේ තිබී රුපියල් පන්සියයේ ව්‍යාජ මුදල් නෝට්ටු 33ක් සහ රුපියල් 1000හේ ව්‍යාජ මුදල් නෝට්ටු තුනක් තිබී ඇත. සැකකරු සහ නඩු භාණ්ඩ හොරණ පොලිසියට භාර දුන් අතර මෙම වැටලීම පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් නෝට්ටු පරීක්ෂණ අංශය වෙත හොරණ පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් දන්වා සිටියේය.

සැකකරු හොරණ මහෙස්ත්‍රාත්වරයා වෙත බී වාර්තාවක් සමඟ ඉදිරිපත් කරන බව හොරණ පොලිස් නිලධාරියකු පැවැසීය. මීට මාස කිහිපයකට පෙරද හොරණ පෝරුවදණ්ඩ ගම්මානයේ නිවෙසක් වටලා ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන ස්ථානයක තිබී රුපියල් ලක්ෂ තිහකට ආසන්න වටිනාකමක් ඇති හොර මුදල් නෝට්ටු තොගයක් සහ සැකකරුවකු මුද්‍රණ උපකරණ සමඟ පොලිස් අත්අඩංගුවට ගත් බවද පොලිසියේ නිලධාරියා සඳහන් කළේය.

[rns_reactions]