රවිට එරෙහි කැරැල්ලක්… එජාපය ගිණියම් වෙයි.. සිරිකොත අලුත්ම තත්වය මෙන්න….

රවිට එරෙහි කැරැල්ලක්… එජාපය ගිණියම් වෙයි.. සිරිකොත අලුත්ම තත්වය මෙන්න….
Spread the love

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධීකාරි මණ්ඩල රුස්වීම අද අග්‍රාමාත්‍ය රනිල් විකුමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර පක්ෂයේ නව නිළධාරි මණ්ඩලය තෝරා ගැනීම මෙහි අරමුන විය.

මේ අතර රවී කරුණානායක මන්ත‍්‍රීවරයාගේ පත්කිරීමට විරෝධය පළ කරමින් හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මීට නොබෝ වේලාවකට පෙර කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත්ව ගොස් තිබේ

මේ අතර සිරිකොත ඉදිරිපිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ

එක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රීවරුන් 15 දෙනෙකු පමණ පිරිසක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග පක්‍ෂ ප‍්‍රතිසංවිධානය සම්බන්දයෙන් ඊයේ දිනයේ සාකච්චා කර තිබේ.

පැය දෙකක පමණ කාලයක් පැවති සාකච්චාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ මන්ත‍්‍රිවරුන් කියා සිටියේ පාක්‍ෂික මතය නොසලකා කටයුතු කරන්නේ නම් විශාල අර්බුදයක් ඇති වන බවයි.

නව නායකත්වයක් සම්බන්ධයෙන් තීන්දුව ගන්නා තුරු පුල පුලා බලා සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා කීය.

අද දිනය තුල හොද තීන්දුවක් ගනු ඇතැයි දැඩිව විශ්වාස කරන බවත් එසේ නොවන්නේ නම් දේශපාලන තීන්දුවග් ගැනීමට පසුබට නොවන බවත් මන්ත‍්‍රිනී රෝහණි විජේරත්න කීය.

ජනතාව ඉල්ලන දේ නොදෙන්නේ නම් ගිය පළාත් පාලන මැතිවරණයේදී ලද ප‍්‍රතිපළය දෙගුණ තෙගුණ වී ලැබෙනු ඇති බවත් ඊට විරුද්දව දැඩි තීන්දු ගන්න සූදානම් බවත් ආනන්ද අලුත්ගමගේ මහතා කීය.