නාමල්ගෙන් චන්ද්‍රිකාට ගැලවිල්ලක් ඇත්තෙම නෑ…

Spread the love

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට  විරුද්ධව දිසා අධිකරණයේ නඩු පැවැරීමට නාමල් රාජපක්ෂ මහතා  තීරණය කොට ඇත.

හේතුව නම් ඩුබායි රටේ ඩොලර් මිලියන 1000ක් තැනගේ නමින්  බැංකුවක ඇති බවටත් හොංකොං ඇතුළු රටවල තවත් බැංකු ගිණුම් ඇති බවටත් හිටපු ජනාධිපතිනිය කරන ලද ප්‍රකාශයක් මඟින් තමන්ගේ කීර්තිනාමයට දැඩි  හානියක් සිදුවූ බව නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. එමනිසා  පසුගිය පෙබරවාරි 8දා රුපියල් මිලියන 250ක වන්දියක් ඉල්ලා නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා විසින් හිටපු ජනාධිපතිනියට එන්තරවාසියක් යවා තිබිණි.

සති 2ක් ඇතුළත එම මුදල ගෙවන ලෙස එම එන්තරවාසිය මඟින් දැනුම්දී තිබුණද හිටපු ජනපතිනිය එම මුදල ගෙවා නොතිබිම හේතුවෙන්  ඉදිරි දෙසතිය ඇතුළත දිසා අධිකරණයේ නඩු පැවැරීමට නාමල් රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටියි.