ඩයනා කුමරියගේ ළමා වියේ සහ තරුණ වියේ දුර්ලභ ඡායාරූප 15ක්

ඩයනා කුමරියගේ ළමා වියේ සහ තරුණ වියේ දුර්ලභ ඡායාරූප 15ක්
Spread the love

ඩයනා කුමරි’ සදා නොමැකෙන නාමයක්. අහසේ ජීවත් වූ බි‍්‍රතාන්‍ය රජ පවුල පොළවට ගෙනාවේ ඇය බවයි කියන්නේ. ඒ නිසාම ඩයනා කුමරියට අකාලයේ ජීවිතයෙන් සමුගැනීමට සිදු වුණා. ඒත් ඇය අදත් ලෝකයේ ජනප‍්‍රියම රජ කුමරියයි. ඊට අභියෝග කරන්න කේට්ට, මේගන්ට කිසිදාක නොහැකි බවයි බි‍්‍රතාන්‍ය මාධ්‍ය කියන්නේ.

මේ අතර බී.බී.සී ය පසුගිය දා ඩයනා කුමරියගේ රාජකීයත්වයට පෙර, චාල්ස් කුමාරයා සමග විවාහ වීමට පෙර ගත් අතිෂය දුර්ලභ ඡායාරූප 10ක් නිකුත් කළා. අද මෙන් ඩිජිටල් ඡුායාරූප ගැනීමක්, සෙල්ෆි ගැනීමක් සිදු නොවුණ එම යුගයේ මේ ඡායාරූප බලන්න.

ඩයනා ෆ්‍රැන්සිස් ස්පෙන්සර් Diana Frances Spencer 1962 දී සිය පළමු උපන්දිනය දා – පාක් හවුස් හි රාජකීය සැන්ඩ්‍රින්හැම් වතුයායේ Sandringham estate ඇය හැදී වැඩුණාය
ඩයනා සිය 2 වන උපන්දිනයදා – පාක් හවුස් Park House හිදී.
වයස අවුරුදු හතරේදී
දෙමව්පියන්ගේ දික්කසාදයෙන් වසරකට පසු 1968 දී ඩයනා ඇගේ බාල සොහොයුරා වන චාල්ස් ස්පෙන්සර් සමඟ
1970 ග්‍රීෂ්ම ඍතුවේදී බටහිර සසෙක්ස් හි ඉචෙනෝර් හි නිවාඩුවක් ගත කරමින්
1971 දී ගිම්හාන නිවාඩුවක් අතරතුර ඩයනා. ඇගේ පියාට අර්ල් ස්පෙන්සර්  Earl Spencer යන පදවිය ලැබීමෙන් පසු 1975 දී වයස අවුරුදු 14 දී ඇය ඩයනා ස්පෙන්සර් ආර්යාව බවට පත් වූවාය.
ඩයනා ආර්යාවගේ මෙම පෞද්ගලික ඡායාරූපය ඇගේ ළමා මිතුරා වන ආචාර්ය ජේම්ස් කොල්තර්ස්ට්ගේ ය
18 හැවිරිදි ඩයනා ආර්යාව ප්‍රංශ ඇල්ප්ස් කඳුකරයේ ස්කී චාරිකාවක යෙදී සිටියදී
1979 දී ඩයනා ආර්යාවගේ තවත් ඡායාරූපයක්
චාල්ස් කුමරු සමඟ විවාහ වීමට පෙර ඩයනා නැනී කෙනෙකු ලෙස සේවය කළාය. 
1980 දී ඇය විවාහ වීමට වසරකට පෙර  බලා ගත් දරුවන් දෙදෙනකු සමග

Text and pictures by CNN