වනඅලි අසලම නිදා ගන්න කැමති අයගේ සිහිනය සැබෑ කළ හෝටලයක්

වනඅලි අසලම නිදා ගන්න කැමති අයගේ සිහිනය සැබෑ කළ හෝටලයක්
Spread the love

සංචාරක ව්‍යාපාරය කියන්නේ වේගයෙන් නව ඉසව් සොයා යන ක්ෂේත‍්‍රයක්. එවැනි තත්ත්වයක් තුළ පමණයි අතිෂයින් තරගකාරී මෙම කර්මාන්තය තුළ පැවැත්මක් තියෙන්නේ. මේ එවැනි නව අත්හදා බැලීමක් ගැන කතාවක්.

තායිලන්තයේ චියැං රායි හි පිහිටි අනන්තාරා ගෝල්ඩන් ට්‍රයිකොන් එලිෆන්ට් කෑම්ප් ඇන්ඩ් රිසෝට් Anantara Golden Triangle Elephant Camp & Resort’s තමන් වෙත සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට ටිකක් පමණක් වුණත් අලූත් තාලේ වැඩක් ආරම්භ කරලා තිබෙනවා. ඒ අලින් අසල අපූරු ‘ Jungle Bubbles ’ ඇතුළේ රාති‍්‍රිය ගත කිරීමට අවස්ථාව ලබාදීමෙන්. සංරක්ෂණය කරන අලි තිදෙනෙකු වාසය කරන විශාල පරිශ්‍රයක් අසල මේ විනිවිද පෙනෙන විදුලි බුබුළු දෙක පිහිටා ඇති අතර ඒවා රැකබලා ගනු ලබන්නේ නිවාඩු නිකේතනයේ ගෝල්ඩන් ට්‍රයැන්ගල් ඒෂියන් අලි පදනම Golden Triangle Asian Elephant Foundation විසිනුයි.

මෙම පරිශ‍්‍රයේ සිටින ඇතින්නියන් තිදෙනා විශාල ගස්වල උපායමාර්ගිකව එල්ලා තබා ඇති ‘සෙල්ලම් බඩු’ සමඟ සෙල්ලම් කරන විට අමුත්තන්ට වාඩි වී බලා සිටිය හැකියි. එපමණක් නොවෙයි මෙම බුබුළු සමීපයේ අලින්ට ආහාර ගැනීම සඳහා උක්ගස් ද තබා තිබෙනවා. ඔවුන් මහ ? පැමිණ ඒවා ආහාරයට ගන්නා ආකාරයත් මේ අධි සුඛෝපභෝගී බුබුල තුළට සංචාරකයින්ට අපූරුවට නැරඹිය හැකියි.

සංචාරකයින් යුවළකට වෙන් කර ඇති නිවාඩු නිකේතනයට අමතරව මෙම ‘කැලෑ බුබුල’ තුළ අමතක නොවන අත්දැකීමක් ලබා ගැනීමට එක් රාත‍්‍රියකට අමතරව වැය වන්නේ ඇමරිකානු ඩොලර් 563 ක් වැනි මුදල් බවයි වාර්තා වන්නේ.

අමුත්තන් හිරු බැස යෑමට මොහොතකට පෙර එළිමහන් ජීප් රථයකින් බුබුලු වෙත රැගෙන යන අතර ඒ සඳහා වනාන්තරය තුළ ඇති කෙටි මං භාවිතා කරනවා. ඊට පසු හිරු බැස යන මොහොතේ සිය සංචාරකයින්ට වීදුරු වලින් නිර්මිත විවෘත අවකාශයක් වැනි මේ බුබුල තුළට වී සිසිල් පැන් පානයකින් සන්තර්පණය වී විවේක ගත හැකියි. ඊට තවත් ස්වල්ප වේලාවකට පසු ඒ අසලට පැමිණෙන දැවැන්ත ඇතින්නයන් තිදෙනාගේ අසලටම වී රාත‍්‍රී ආහාරය ලබාගත හැකියි.

සෑම බුබුලක්ම වායුසමීකරණය කර ඇති අතර එය තුළ වර්ග මීටර් 22ක ඉඩ ප්‍රමාණයක් ඇති අතර රාජකීය නිදන ඇඳකින් එය සමන්විතව තිබෙනවා. මෙය සැබැවින්ම අති සුඛෝපභෝගී හෝටල් කාරමයක් තරමටම සුව පහසුයි. එපමණක් නොවෙයි මේ බුබුල අති නවීන වැසිකිළියක් සහ නාන කාමරයක් සහිත කුඩා නාන කාමරයකින් ද පුටු කිහිපයක් සහ ඇඳ අසල කුඩා මේසයකින් ද සමන්විතයි.

ඒ වගේම මතකයට නගා ගත යුතු තවත් දෙයක් වන්නේ මෙහි රූපවාහිනී යන්ත‍්‍රයක් නොවීමයි. ඔබට හිතේ හැටියට දැකබලා ගත හැකි වන්නේ ඝන අන්ධකාර රාත‍්‍රියේ ඇතින්නියන්ගේ කෙළි සෙල්ලම් පමණයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හෝටල් පරිපාලනය කියන්නේ තමන්ගේ නව ව්‍යාපෘතිය සංවේදී නින්දක් ලබා ගැනීමට කැමැති සංචාරකයින්ට ආශ්චර්යමත් අත්දැකීමක් වනු ඇති බවයි.

‘ඔබ සිතන්න ඝන වනාන්තරයක අලි තිදෙනෙක්ගේ උණුසුම පවා දැනෙන මොහොතක හිස් අහට යට ලබන නින්දක් ගැන. මෙම බුබුල වීදුරුවලින් නිම කරලා තිබෙන නිසා ඔබට වීදුරු කුටියක සිටින බවට කිසිම ආකාරයකින් දැනෙන්නේ නැහැ. එය එළිමහනේ නිදා ගැනීමක්ම තමයි. ඒ අතර හඳ පායලා මුදුන් වෙනවා. වවුලෝ පියඹා යනවා. නිශාචර සතුන්ගේ ශබ්දය කිසිම බාධාවකින් තොරව ඇසෙනෙවා. එය සැබවින්ම ආශ්චර්යමත් නින්දක් නොවේ ද ’

මෙහිදී තවත් වැදගත් කරුණක් ගැන හෝටල් පරිපාලනය මතක් කර දෙයි. ඒ බුබුල තුළ රැය පහන් කරන යුවළගේ පුද්ගලිකත්වය ගැනයි.

‘ඒ ගැන කිසිම ආකාරයකින් බියක් ඇතිකර ගත යුතු නැහැ. ඇතින්නියන්ට ඒවා සංවේදී නැහැ. ඒත් පසුදා උදෑසන මේ පරිශ‍්‍රයට පැමිණෙන සේවකයින්ගේ ඇස්වලින් ඔබේ පුද්ගලිකත්වය දැඩිව ආරක්ෂා වෙනවා. ඔබ නිදන ඇඳ සම්පූර්ණ තිරවලින් ආවරණය කරගත හැකියි’ හෝටල් පරිපාලනය කියනවා.

‘කැලෑ බුබුලු’ පිිළිබඳ අදහස පැමිණියේ වසර එකහමාරක පමණ කාලයක් නිවාඩු නිකේතනය සමඟ සිටි සාමාන්‍යාධිකාරී ගෞඩරික් හරන්ග්ටයි. නවීන සුඛෝපභෝගී අපේක්ෂාවන්ට අනුකූලව අද්විතීය ආගන්තුක අත්දැකීමක් ලබා දීමට මෙම කදිම සංකල්පයක් බව ඔහු පවසයි.
අලි තිදෙනකු සමග පමණක් නොව සෙසු නිශාචර සතුන් සමග ගෙවන හුදකලා රාත‍්‍රියේ ආරක්ෂාව ගැන ඔහු මෙසේ පවසනවා. ‘අපේ අරමුණ සංචාරකයින්ට උපරිම තෘප්තියක් සහ සතුටක් ලබාදීම. ඒ වගේම ආරක්ෂාව තමයි අංක එක. මෙම බුබුල නිර්මාණය කළේ දීර්ඝ කාලීන අත්හදා බැලීම් රැුසක් සමගයි. ඒවා නිර්මාණය කරලා තිබෙන්නේ ඉහළම ප‍්‍රමිතයෙන්. ඒ නිසා වගකීමෙන් කියන්නේ මේ තුළ ගත කරන රැුය සුඛෝපභෝගී වනවා සේම එහි ආරක්ෂාව සහතිකයි’ ඔහු පැහැදිලි කරයි.

‘තායිලන්තයේ උතුරේ වීම නිසා රටේ සෙසු රටවලට වඩා වෙනස් දේශගුණයක් තිබීම අපට වාසනාවක්’ යනුවෙන් ඔහු පවසයි.

‘කෙටි වුවත් මෙහි ශීත කාලගුණය ඉතා දැඩියි. අපි මෙය අත්හදා බලන විට සෙල්සියස් අංශක හයක උෂ්ණත්වයක් තමයි වාර්තා වුණේ. අපි හීටරයක් ​​භාවිතා කළේ නැහැ. එසේම වනාන්තරයේ පිහිටා තිබීම නිසා අධික ආර්ද්‍රතාවයක් තිබෙනවා. එබැවින් අධික ඝනීභවනය හේතුවෙන් රාත්‍රියේ බුබුලු ඉතා තෙත් වුණා. මම පාන්දර 3 ට අවදි වුණා. සීතලේ වෙවුලමින් ඉන්න සිදු වුණා. එනිසා අපි වහාම තීරණය කළා මේ ස්වභාවික සීතල සංචාරකයින්ට යහපත් නැති බව. එම නිසා බුබුල තුළ සුවපහසු දේශගුණයක් සහතික කිරීම සඳහා දැන් වායුසමීකරණ යන්ත්‍රයක්, හීටරයක් ​​සවිකර තිබෙනවා’ ඊට පසුව තමා මුහුණ දුන් අත්දැකීම ඔහු මෙසේ විස්තර කරයි.

‘මේ සියලූ ගැටලූ නිරාකරණය කරගත් විට මම ඒ තුළ රැය පහන් කළා. ඒක ඇත්තමට ආශිචර්යයමත් අත්දැකීමක්’ යනුවෙන් ඔහු පැවසුවා.

Text by CNN – BY Thushadhavi