Hot Plate: මහ ඡන්දේ ගැන මැකො තීන්දුවක් ගත යුතු බව රනිල් කියයි

Hot Plate: මහ ඡන්දේ ගැන මැකො තීන්දුවක් ගත යුතු බව රනිල් කියයි
Spread the love

සටහන – ගජබා නාගහවත්ත

මිනිස්සු කළබල වෙලා. ඒ අස්සේ ඡන්ද තියන්න ගියොත් මිනිස්සු දේශපාලකයන්ට දොස් කියාවි. ඡන්ද කල් යන එකේ වැඩිම අවාසිය ආණ්ඩුවටයි එ.ජා.ප යට අභියෝග කරන අනිත් කණ්ඩායමටයි. ඡන්ද පත්‍රිකා ලක්ෂ 150 ක ජනතාව අල්ලනවා. ඒවා ගණන් කරන නිලධාරින් අල්ලනවා. ග්ලවුස් දාලා මේවා කරන්න බෑ. මැතිවරණ කොමිසමටයි තීන්දුව ගන්න තියෙන්නේ.” නායකයා කීවේය

මහා මැතිවරණයේ නාම යෝජනා කැදවීමේ අවසන් දිනය අත ලගටම පැමිණ තිබුණ ද මාස තුනක් තිස්සේ පැවැති එ.ජා.ප සීතල අරගලය තවමත් නිම නැත. දෙපාර්ශවයේ කඹ ඇදිලි හා සාකච්ඡා තවමත් පවතී.

“අපි එකතු වෙලා යන්න තමයි හදන්නේ. සමහරු කඹ අදිනවා”. එ.ජා.ප නායකයා බ්‍රහස්පතින්දා සිය නිවසට පැමිණි අයට කීවේ එවැන්නකි.

“එකතු වෙන්න තියෙන බාධාව මොකක්ද? මාස ගාණක් කතා කරලා කෙරුවේ මොනවාද?” චම්පිකා ප්‍රේමදාස ඇසුවේ නායකයාගෙනි.

“එ.ජා.ප ලකුණ අලියායි. දශක ගාණක් මහ මැතිවරණයට ඉදිරිපත් වෙච්ච ලකුණට පයින් ගහලා ලකුණකින් යන්න මන්ත්‍රීවරු වගේම පාක්ෂිකයොත් කැමති නෑ. අලියාගෙන් යමුයි කියන්නේ ඒකයි.” නායකයා පිළිතුරු දුන්නේය.

“එකට ගියත් බෙදිලා ගියත් දැන් නොමිනේෂන් සුදානම් වෙන්න ඕනා නේද?” දයා ගමගේ ඇසුවේය.

“ඔව් නාමයෝජනා හදාගෙන යනවා. එහේ ගිය සමහරු යළි හිතන්න පටන් අරන් කියලාත් පේනවා. අන්තිම දිනය දක්වා අපේ නාම යෝජනා විවෘතයි. රට පිළිගත් කණ්ඩායමක් අපි ඉදිරිපත් කරනවා.” එ.ජා.ප නායකයා කීවේය.

“මන්ත්‍රීවරු වැඩි පිරිසක් සජිත් පිලට හිටියට පහළ කොටස්වලින් බහුතරයක් ඔවුන් එක්ක නෑ. එ.ජා.ප නායකත්ව අරගලය වසර 10 ක් පක්ෂයට අවාසි ගෙනාවා. නායකයා ඡන්දය ඉල්ලලා පැරදුනාම එයාට ඉවත් වෙන්න කියනවා. වෙන කෙනෙක් ඡන්දය ඉල්ලලා පැරදුනාමත් නායකයාට යන්න කියනවා. මේක පුදුම වැඩක්නේ.” වජිර අබේවර්ධන කීවේ එවැන්නකි.

“මම දක්ෂයන්ට පක්ෂයේ අනාගතය හදලා දීලා යන්න හිතාගෙන ඉන්න කෙනෙක්. දේශපාලනයේ දිගටම ඉන්න හිතන අය පක්ෂයට අවංක වෙලා දක්ෂ ටීම් එකක් හදා ගන්න ඕනේ. පක්ෂය බෙදුනොත් ඊට අනුබල දෙන සියළු දෙනාට එහි වගකීම බාරගන්න වෙනවා.” එ.ජා.ප නායකයා කීවේ එවැන්නකි.

“කොරෝනා ලංකාවටත් අභියෝග කරනවා. පිටරට ඉදලා එන අපේ කට්ටියගෙන් රුපියල් 7500 ගානේ එකතු කරන බංකොලොත් ආණ්ඩුවක් මේක. සල්ලි එකතු කරන්නේ එයාලට කට්ටලස් පැටිස් කන්න කියලා කෙහෙළිය කියනවා.” චම්පිකා ප්‍රේමදාස කීවේ සිනා මැදය.

“කොරෝනා පැතිරුනොත් මහ ඡන්දයට මොකද වෙන්නේ. වසංගත මැද ඡන්ද පවත්වන්න පුළුවන්ද?” නවීන් දිසානායක ඇසු ප්‍රශ්නයට කාගේත් අවධානය යොමු විය.

“මිනිස්සු කළබල වෙලා. ඒ අස්සේ ඡන්ද තියන්න ගියොත් මිනිස්සු දේශපාලකයන්ට දොස් කියාවි. ඡන්ද කල් යන එකේ වැඩිම අවාසිය ආණ්ඩුවටයි එ.ජා.ප යට අභියෝග කරන අනිත් කණ්ඩායමටයි. ඡන්ද පත්‍රිකා ලක්ෂ 150 ක ජනතාව අල්ලනවා. ඒවා ගණන් කරන නිලධාරින් අල්ලනවා. ග්ලවුස් දාලා මේවා කරන්න බෑ. මැතිවරණ කොමිසමටයි තීන්දුව ගන්න තියෙන්නේ.” නායකයා කීවේය.

“පළාවෙනි වතාවට අපේ කොටස් වෙළෙද පොල වහලා. මේ රටේ ආයෝජනකයෝ රු. කෝටි 800 රටෙන් ගෙනිහිල්ලා. සංචාරක ව්‍යාපාරය අඩපණයි. මේ ආණ්ඩුව එල්ලෙන්න හිටපු චීනයත් අනාථ නිසා විශාල ආර්ථික අහේනියක් අත ලගයි. අපි ඉවත් වෙනකොට ඩොලර් 74 ට තිබුණු තෙල් බැරලය දැන් 30 ට බැහැලා. ඒකේ වාසියවත් ජනතාවට නොදෙන තරමට මේ ආණ්ඩුව බංකොලොත් අඩියක ඉන්නේ.” නවීන් දිසානායක කීවේය.

“බදාදා නුවර පැවැති විවාහ උත්සවයකට පැමිණි එ.ජා.ප නායකයා කෙලින්ම ගොස් වාඩි වූවේ මෑතකදී සජිත් පිලට එක්වූ ලක්ෂ්මන් කිරිඇල්ලට සමීප අසුනේය.

“මේ පාර බිග් මැච් යනවාද?” කිරිඇල්ල ඇසුවේය.

“කොරෝනා නිසා පරිස්සම් වෙන්න වෙනවා. බිග් මැච් ගැන වෙනම හිතන්න ඹ්නේ.” නායකයා කීවේය.

“සන්ධානයට එ.ජා.ප යත් එකතු වෙලා මේ මල් වට්ටියට අත ගහන්න නැත්නම් රටේ පැරණිම පක්ෂයට හානි වෙන්න බැරි නෑ.” ලක්ෂ්මන් කිරිඇල්ල නායකයාගෙන් ඉල්ලුවේය.

“අද හවස මලික් හම්බ වෙනවා. එකතු වෙලා යන්න තමයි අපිටත් ඕනේ”. නායකයා පිළිතුරු දුන්නේය.

තවත් විවාහ උත්සවයකදි මෑතකදී සජිත් පිලට එකතු වූ දකුණු ආසියාවේ විශාලතම බුදු පිළිමය මතුගම දී ඉදිකළ එ.ජා.ප පළාත් සභා මන්ත්‍රී ජගත් විතාන හමුවිය.

“කළුතර තත්ත්වය කොහොමද? ඔයා ඉතින් හොද ව්‍යවසායකයෙක් නිසා ඡන්දය කරන්න සල්ලිවල ප්‍රශ්නෙකුත් නැහැනේ.” කිරිඇල්ල කීවේ සිනාසෙමිනි.

“ඔබතුමා සභානායක ලෙස අපේ ආණ්ඩුවට කළ සේවය විශිෂ්ටයි. පක්ෂය හා නායකයා වෙනුවෙන් කැප වුනත් හිටපු ජනාධිපතිගෙන් කැපිලි ආපු වෙලාවේ ඔබතුමා බලාගන්න කෙනෙක් හිටියේ නැතිවිම ගැන මටත් පුදුමයි. නුවර අධිවේගේ හදන්නත් අපේ ආණ්ඩුවෙන් ඔබතුමාට ලැබුණු සහාය මදි බව ජනතා මතයයි” ජගත් විතාන කීවේ එවැන්නකි.