Bollywood Hot Gossip: අර්ජුන් කපූර් ගැන ‘ප්‍රීති සිංග්’ කරන උණුසුම් හෙළිදරව්ව !

Bollywood Hot Gossip:  අර්ජුන් කපූර් ගැන ‘ප්‍රීති සිංග්’ කරන උණුසුම් හෙළිදරව්ව !
Spread the love

කූල් ප්‍රීත් සිං (Rakul Preet Singh) බොලිඩුවය ආක්‍රමණය කළ දකුණු ඉන්දිය නිළියක්. ඇය බොලිවුඩ් සිනමාවට පිවිසියේ යාරියන් (2014) Yaariyan චිත්‍රපටයෙන්. අපි ඇයව අවසන් වරට දැක්කේ මාර්ජවාන් සහ ඩි ද ප්යාර් දේ (Marjaavaan and De De Pyaar De) චිත්‍රපටවලින්.

දකුණු ඉන්දිය සිනමාවෙන් ඇය බොහෝ දේ උපයා ගත්තා. ඒ නිසා ඇය කියන්නේ තමා තව බොහෝ දුර යා යුතු බවයි. ඒ කියන්නේ බොලිවුඩයට. බොලිවුඩය තුළද ඇය තම වාසනාව උරගා බැලීමට සූදානම් වෙයි. ඒ අනුව දැන් ප්‍රීත් හින්දි සිනමාව ගැන උනන්දු වෙනවා.

මේ සියලු කාරණා ගැන ඇය සමග කළ විශේෂ සම්මුඛ සාකච්ඡාව මෙන්න.

ඩි ද ප්යාර් දේ හි (De De Pyaar De) ඔබේ රංගනය බොහෝ දෙනෙක් අගය කළා. හොඳ චරිත ලබා ගැනීමේදී නිළියන්ට මෙය හොඳ කාලයක් යැයි ඔබ සිතනවාද?

ඔව්, සිනමාව විකාශනය වෙමින් පවතිනවා. ගැහැණු ළමයින් හොඳින් කටයුතු කරනවා. ටාප්සි පන්නු (Taapsee Pannu), භූමි පද්නෙකර් (Bhumi Pednekar) යන නවක නිළියන් සියලු දෙනා හොදයින් කටයුතු කරනවා. ඔබ ටබු මැම් සහ කරීනා මැම් දුටුවහොත්… ඔවුන් කරන්නේ එවැනි පුදුමාකාර වැඩක්. ඔබ තරුණ නියළියන් දෙස බැලුවහොත්, කයාරා අද්වානි, ක්‍රිති සනොන්, ආලියා භට් යන අය හොඳින් කටයුතු කරනවා. සෑම චිත්‍රපටයකම නිළියකට යමක් තිබෙනවා. ඇය තවදුරටත් ගීත සහ නර්තනය සඳහා පමණක් භාවිත වන බෝනික්කෙන් නෙමෙයි.

සිනමාව වෙනස් වෙමින් පවතිනවා. දැන් සාමාන්‍ය චිත්‍රපටයක් මුදල් උපයන්නේ නැහැ. මම හිතන්නේ එය සිදු වූයේ ඩිජිටල් නිසායි. ඩිජිටල් වේදිකාවල බොහෝ අන්තර්ගතයන් තිබෙනවා. ඔබ ප්‍රේක්ෂකයන්ට අලුත් දෙයක් ලබා නොදුනහොත් ඔවුන් එය නැරඹීමට යන්නේ නැහැ. නව සංකල්ප චිත්‍රපට එළිදක්වන නිසා එය ඉතා හොඳයි.

සමාජයේ වෙනසක් සඳහා ඔබ වැනි නිළියන්ට වගකීමක් තිබෙනවා කියලා හිතනවාද ?

මම එසේ හිතන්නේ නැහැ. මම පවසන දෙයින් මිනිසුන්ට බලපෑම් ඇති වෙනවා. සමාජ මාධ්‍යවල මා පසුපස මිලියන සංඛ්‍යාත ජනතාවක් සිටිනවා. මා වගකීම් විරහිත යමක් පැවසුවහොත්, ඇත්ත වශයෙන්ම මා ඔවුන්ට වැරදි ආකාරයකින් බලපෑම් කළා වෙනවා. මම ප්‍රසිද්ධ චරිතයක් වන විට, මිනිසුන් මා දෙස බලා සිටින බව මා දන්නවා. අප කැමති වුවත් නැතත්, අප පවසන දෙයට අප වගකිව යුතුයි. එබැවින් සැබෑ පින්තූරයක් ලබා දීම අපගේ කාර්යයක් කියලා මම හිතනවා.

 
මෑතකදී ඔබ එන්.ටී.ආර් චරිතාපදානය වන කතනායකඩු (2018) (NTR biopic Kathanayakudu) චිත්‍රපටයේ ශ්‍රීදේවි ලෙස රඟපෑවා. ඒ  අත්දැකීම කෙසේද?

එය විශිෂ්ට අත්දැකීමක් වුණා. ඇය සමඟ මගේ නම සඳහන් කිරීම පවා මට ආඩම්බරයට කරුණක්. ඇය අපට සිටි හොඳම නිළියයි. තිරය ​​මත මිනිත්තු කිහිපයක් ඇයව ප්‍රතිනිර්මාණය කිරීම පුදුම සහගතයි. මම ඇයව පෞද්ගලිකව දැන සිටියේ නැහැ. සම්මාන උළෙලකදී වරක් මට ඇයව මුණගැසුණා. අපි ‘හෙලෝ “ කිව්වා පමණයි.

ඔබ ඇයට සමාන බව ඔබට කවදා හෝ පවසා තිබෙනවාද ?

Kathanayakudu තිරගත වූ විට බොහෝ දෙනෙක් එසේ කිව්වා. සමහරු ඊට පෙර පවා එවැනි අදහස් දක්වා තිබුණා. නමුත් මම විශ්වාස කරන්නේ නැහැ මම ශ්‍රී දේවි වගේ කියලා. ඇය නියමයි. කවදා හෝ සාදා ඇත්නම් ඇයගේ චරිතාපදානය කිරීමට මම කැමතියි.

දකුණු ඉන්දියාවේ සිනමාව ඔබට උගන්වා ඇත්තේ කුමක්ද?

දකුණු ඉන්දීය සිනමා කර්මාන්තය විනයගරුක හා තාක්‍ෂණිකව ශක්තිමත් එකක්. ඒවායේ අන්තර්ගතය අසාමාන්‍යයි. ඒවා පර්යේෂණාත්මක යි. තෙළිඟු සිනමා කර්මාන්තයට මා ණයගැතියි. ඔවුන් රකූල් නිළියන්, තරුවක් බවට පත් කළා. මම තෙළිඟු භාෂාව චතුර ලෙස කථා කරන්නේ මට පාන් සහ බටර් ලබා දී ඇති භාෂාවෙන් කතා කිරීමට මට හැකි විය යුතු යැයි මා විශ්වාස කරන නිසයි.

නියම රකූල් මොන වගේද?

මම ශක්තිමත් කෙනෙක්.

ඔබ අර්ජුන් කපූර් සමඟ පළමු වරට වැඩ කරනවා. ඔහු සම-තරුවක් ලෙස සිටින්නේ කෙසේද?

ඔහු සමඟ වැඩ කිරීම විනෝදයක්. ඔහු මිහිරි හා විනෝදකාමී මිනිහෙක්. ඔහු ජීවයෙන් පිරුණ කෙනෙක්. නිතරම විහිළු කරනවා. ඔහු සෙට් එකේ හැමෝම සතුටින් තියනවා. නමුත් ඔහු පවසන්නේ ඔහුට බැරෑරුම් විය හැකි බවයි. අර්ජුන් හොඳ ගතිගුණ ඇති අතිශයින් සංවේදී අයෙක්.

මැයි 22 වැනිදා ‘ෆිල්ම් ෆෙයාර්‘ හි පළ වූ ලිපියකි – සැකසුම – තුෂාධවි