රිතික් රොෂාන්ගේ බිරිය සුසෑන් පවුලේ පුද්ගලික ඡායාරූප රැසක් එළියට දාලා !

රිතික් රොෂාන්ගේ බිරිය සුසෑන් පවුලේ පුද්ගලික ඡායාරූප රැසක් එළියට දාලා !
Spread the love

රිතික් රොෂාන් බොලිවුඩයේ අතිෂය ජනප්‍රිය සුපිරි තරුවක්. ඔහුගේ බිරිද සුසෑන් ඛාන් සහ දරුවන් වන හර්යාන් සහ රිහාන් ද බොහෝම ආදරණීය චරිත.

ඉතිං බොලිවුඩ් සිනමා තරු මේ දවස්වල ගත කරන්නේ බොලිවුඩ් ඉතිහාසයේ කිසිදා නොවූ නිහඩ සමයක්. ෂූටින්, සිනමා උත්සව, සාද, ප්‍රිය සම්භාෂණ ඒ කිසිවක් දැන් නැහැ. ඒ නිසා බොලිවුඩය වගේම බොලිවුඩ් තරුත් පුදුමාකාර නිහඩ, නිස්කලංක ජීවිතයක් ගත කරනවා.

රිතික් සහ ඔහුගේ ආදරණීය පවුල මේ දිනවල කාලය ගත කරන්නේ සුන්දර අරාබි මුහුදට මුහුණ ලා ඉදිකළ මන්දිරයක. හුදකලා වෙරළ තීරයක් ද සහිත මේ මන්දිරය සුසෑන්ට නම් දිව්‍ය විමානයක් බවයි කියන්නේ.

ඉතිං, නිරෝධානය අතරතුර සුසෑන් පසුගිය දා ඇයගේ පින්තූර කිහිපයක් ඉන්ස්ටග්‍රෑම්හි පළ කළා. එහි වැඩි ගණනක් තිබුණේ සුසෑන් බොහෝම තෘප්තියෙන්, හරියට කුමාරිකාවක් වගේ තම මන්දිරය තුළ ගත කරන ආකාරය ඇතුළත් ඡායාරූප. ඒත් ඒ අතර රිතික්ගේ සහ දරුවන් දෙදෙනාගෙත් ඡායාරූප තිබුණා.

රිතික් රොෂාන්

‘පරස් Paras ලෙස නම් කර ඇති රිතික් රොෂන්ගේ වර්ග අඩි 3000ක් පමණ වන මන්දිරය මුම්බාහි අරාබි මුහුදට මායිම් වන අති සුන්දර වෙරළ තීරයක් වන Juhu හි පිහිටා ඇති අතර එය සැලසුම් කර ඇත්තේ ගෘහ නිර්මාණ ශිල්පී අෂීෂ් ෂා Ashiesh Shah විසිනුයි. එහි සෞන්දර්යාත්මක අවකාශය නළුවාගේ ජීවිතය හා ශෛලිය පිළිබිඹු කරන බව පරස් දකින ඕනෑම අයෙකුට මනාව වැටහී යන බව නම් සහතිකයි.

ඉතිං, අපි මේ අපූරු මන්දිරය තුළ සුසෑන් සහ රිතක් ගත කරන ජීවිතය ගැන ටිකක් විමසා බලමුද ?

රිතික් රොෂාන්
රිතික් රොෂාන්
රිතික් රොෂාන්
රිතික් රොෂාන්
රිතික් රොෂාන්
රිතික් රොෂාන්
රිතික් රොෂාන්

Filmfare ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි