සොරා සහ සොර කල්ලිය දෙකඩවෙයි – උදය මහින්ද ප්‍රබල මත ගැටුමක….

Spread the love

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් උපයෝගී කරගෙන ඕස්ටේ්‍රලියානු ජාතිකයෙකු වන බ්‍රයන් ෂෙඩික් හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ නමට ලියාපදිංචි වූ සමාගමකට අයත් පෑන් ඒෂියා බැංකුවේ කොටස් මිලියන 4.1 ක් ද, සිලෝන් ටී ගාර්ඩ්න්ස් සමාගම සහ මෙට්ල් රීසයික්ලර්ස් කලම්බු සමාගමේ බ්‍රයන් ෂෙඩික් මහතාගේ කොටස් හා සියළු වත්කම් ද කූට හා වංචනික ලෙස විකිණීමේ චෝදනා යටතේ උදය ගම්මන්පිලට එරෙහිව අධිකරණයේ නඩුවක් විභාග වන අතර මෙම කටයුතු වලදි විමල්ට මෙන් ගම්මන්පිලට මහින්දගෙන් සහයක් නොලැබිම පිළිබදව දින කිහිපයකට පෙර සිටම ගම්මන්පිල මහින්දට දැඩි අප්‍රසාදය පලකර ඇත. දින කිහිපයකට පෙර තම කතාවකට ආණ්ඩු පක්ෂය බාධා කිරිමේදි මහින්ද මැතිසභයෙන් නැගිටයාම පිළිබදව ගම්මන්පිල දිගින් දිගටම මහින්දට දෝෂාරෝපණ එල්ල කර ඇත. එහිදි මහින්ද පවසා ඇත්තේ තමන් පුද්ගලික කාරනාවකට එලියට ගිය බවයි. එහෙත් දිගින් දිගටම උදයගේ ප්‍රශ්ණ කිරිම් හමුවේ මහින්දටද කේන්තිය පාලනය කරගැනිමට නොහැකිව උඹලට මමද හොරකම් කරන්න කිවුවේ? යනුවෙන් විමසා ඇත. කෙසේ වෙතත් මෙම සිදුවිමෙන් පසුව මහින්ද ගම්මන්පිලගේ කිසිදු වැඩකට සහය නොදැක්විමට තිරණය කර ඇති අතර මෙය මහින්ද පාර්ශවය දෙදරායාමක් ලෙස දේශපාලණ විශ්ලේෂකයෝ අර්ථ දක්වති.