මෙරට තුළ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යා 2000 ඉක්මවා ගොස් තිබේ. මෙරට තුළ රෝහල්ගත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2000 ඉක්මවූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකිය හැකිය.
වැඩිම කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව වන රෝගීන් 300කට අධික පිරිසක් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර කඹුරුගමුව, IDH, හම්බන්තොට, ඉරණවිල, තෙල්දෙණිය සහ වැලිකන්ද යන රෝහල්වල ද කොවිඩ් රෝගින් වැඩි පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටී.
මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5475 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 3395 දෙනෙකු අද වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
කෙසේවෙතත් තවත් ආසාදිතයින් 2067 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.