වරාය සේවකයන් අවදානමේ.. කොළඹ නැවු තටාකංගනයේ 16කට කොරෝනා..

වරාය සේවකයන් අවදානමේ.. කොළඹ නැවු තටාකංගනයේ 16කට කොරෝනා..
Spread the love

කොළඹ වරාය නැව් තටාකාංගණයේ තවත් සේවකයන් එකොලොස් දෙනෙක් කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. මීට පෙර එම එහි කොරෝනා ආසාදිතයන් පස් දෙනකු වාර්තා වී තිබේ.

සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ මේ වන විට එම තටාකංගනයෙන් ආසාදිතයන් 16 දෙනෙකු වාර්තාවී ඇති බවයි.

මේ තත්වය මත කොළඹ වරායේ සියළු සේවකයන් කොරෝනා අවදානමකින් ඇතැයි වරාය වෘත්තිය සමිති කියා සිටිති.

ඔවුන් පෙන්වා දෙන්නේ නැවු තටාකාංගනය ඇතුළු සියළු සේවකයන් වරායට පිවිසෙන්නේ එකම දොරටුවකින් බවයි.

නමුත් වරාය සභාපතිවරයා පවසන්නේ කොරෝනා ව්‍යාප්තියක් ඇති නොවන පරිදි වරාය මෙහෙයුම් සෞඛ්‍යාරක්‍ෂිතව සිදු කරන බවය.

-ලංකා සී නිවුස්-