මුහුදු කොල්ලකරුවන්ට හසු වූ අයෙකු කි කථාව…

Spread the love

සෝමාලියාවේ ‘ෆෝස් ‘ එකෙන් ‘ඇටෑක්‌’ කළ විට
මුහුදු කොල්ලකරුවන් අපිව එළියට දැම්මා
උඹලා ඔක්‌කොම මරනවා කියා තර්ජනය කළා

ඒරිස්‌ 13 නැවේ සිටි ප්‍රධාන නිලධාරි රුවන්

සෝමාලියාවේ  ෆෝස්  එකෙන් ඇටෑක්‌ කළ හැම මොහොතකම මුහුදු කොල්ලකරුවෝ අපව එළියට දැම්මා. ඒ හැම වෙලාවකම මුහුදු කොල්ලකරුවෝ “උඹලා ඔක්‌කොම මරනවා” කියා තර්ජනය කළා යෑයි පැහැරගත් ඒරිස්‌ 13 නැවේ සිටි ප්‍රධාන නිලධාරී රුවන් සම්පත් මහතා මාධ්‍ය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් පැවැසීය.

තමන් මුහුණ දුන් අත්දැකීම් පිළිබඳව වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ රුවන් සම්පත් මහතා මෙසේද පැවැසීය.

අපව මුදා ගැනීමට මැදිහත්ව සහයෝගය දුන් ජනාධිපතිවරයාටත් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු රජයේ මැති ඇමැතිවරුන් ඇතුළු සියලුදෙනාට බෙහෙවින් ස්‌තුතියි.

මුලින්ම 13 හවස තමයි ඒ ගොල්ලෝ ඇටෑක්‌ කරලා අපිව අල්ල ගත්තේ. ඒ ගොල්ලන්ගේ ලෑන්ඩ් එක පැත්තට අරන් ගියා අපේ නැව. ඒ අය අතේ ආයුධ තිබ්බා ගොඩක්‌. ඊට පස්‌සෙ එතැනට වෙන ටීම් එකක්‌ ආවා. ඒ ටීම් එකට ඒ ගොල්ලෝ භාරදුන්නා. මේ ගොල්ලෝ දැන ගත්තා මෙහෙ ආමි එක ඇටෑක්‌ කරනවා. ඒ කියන්නේ බෝට්‌ටු වටේ කරකැවෙනවා කියලා. ඊට පස්‌සේ වෙන තැනකට අපේ නැව අරන් ගියා රෑම, ලයිට්‌ ඔක්‌කොම ඕෆ් කරලා. නැවේ නැවිගේෂන් ඕෆ් කළා. ඊට පස්‌සේ ඒත් අපේ නැවේ තියෙන ඒ අයි එක එහෙම ඕෆ් කළේ නැහැ. හොරෙන් කවර් කරලා තිබුණේ.

ටික වේලාවකින් වෙනම ටීම් එකක්‌ ආවා ෆලූලා කියලා. ඒ අය ඇන්කර් එකට නැග්ගා. එතැනින් තව ටීම් එකක්‌ ඇවිල්ලා ඒ ගොල්ලෝ බාර අරගෙන ඇන්කර් කළාම තමයි ෆෝස්  එකෙන් ඇටෑක්‌ කළේ. ඇටෑක්‌ කරන හැම වෙලාවෙම අපිව එළියට දැම්මා. ඒ ගොල්ලෝ ඇටෑක්‌ කරන වෙලාවට “උඹලා ඔක්‌කොම මරනවා” කිව්වා. මානසික අතින් තමයි හුඟක්‌ වැට්‌ටුවෙ. එක පාරක්‌වත් ගැහුවේ නැහැ. කෑම බීම එහෙම නම් එච්චර ලොකුවට ලැබුණේ නම් නැහැ. අපේ කෑමත් තිබ්බා. ඒවත් ඒ ගොල්ලෝ අරගෙන ගියා. කිසිම දෙයක්‌ ඉතුරු කරලා ගියේ නැහැ. අපිට නම් ඉතින් ඩැමේඡ් එකක්‌ වුණේ නැහැ. නැවට පොඩි පොඩි ඩැමේජස්‌ තිබ්බා.

මේ මුහුදු කොල්ලකරුවන්ටම ඇටෑක්‌ කරන්නට සෝමාලියාවේ ස්‌පෙෂල් ෆෝස්  එකක්‌ තියෙනවා. ඒක සෝමාලියන් ෆෝස්  එකක්‌. ඒ ගොල්ලො තමයි අපිව බේර ගන්න ඇටෑක්‌ කළේ. ඊට පස්‌සෙ කොල්ලකරුවො බැහැලා ගියාට පස්‌සේ අපි නැව එළියට ගත්තා. ගන්නකොට මේ ගොල්ලෝ අපේ නැවට ඇවිල්ලා නැව බාර අරගෙන අපිත් එක්‌ක මේ එන ගමන් තමයි ඉන්නේ.

විශේෂ කොමාන්ඩෝ ඒකකය වට කරලා ගහද්දී මුහුදු කොල්ලකරුවන්ට කරකියා ගන්න දෙයක්‌ නැති වුණා. ඒ හැම මොහොතකම උන් අපව පලිහක්‌ විදිහට පාවිච්චි කළා. රාත්‍රි 9.00 ට පමණ වෙද්දී ඔවුන් නැවේ තිබුණු දේවල් අරන් පැනලා ගියා.