Eye makeup නිවැරදිව ඉවත් කරමුද ?

Eye makeup නිවැරදිව ඉවත් කරමුද ?
Spread the love

කොවිඩ්-19 වසංගතය නිසා මුහුණු ආවරණ පැළදීමට සිදු වූ හෙයින් මේ වන තොල් ආලේපන ආදියට වැඩි අවධානයක් නැහැ. ඒත් දැන් Eye makeup ගැන නම් වැඩි අවධානයක් යොමු කරන බවක් දැකිය හැකියි.

Image result for eye makeup

ඉතිං වැඩි වැඩියෙන් Eye makeup කිරීමට යොමුවීම සමග ගැටලුත් ඇතිවීම නිමක් නැහැ. ඒ අතර වඩාත් වැඩි අවධානයක් යොමු වන්නේ eye makeup එක ඉවත් කිරීම ගැනයි.

‘Eye makeup එකක් හරියට කරනවා වගේම එය නැවත නිවැරදිව ඉවත් කිරීමටත් සැලකිලිමත් විය යුතුයි. ඒත් අපේ යුවතියන් බොහෝ දෙනෙක් මේ ගැන නිවැරදිව දන්නේ නැහැ. Eye makeup එකක් කළ පසු එය ප‍්‍රවේශමෙන් ඉවත් කළ යුත්තේ කෙසේ ද? කියලා නිවැරදිව දැන ගැනීම ඉතාම වැදගත්‘‘ ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පිනියක වන තිළිණි සමන්තිකා මහත්මිය කියනවා.

‘‘ Eye makeup එක ඉවත් කිරීමේදී පළමුවෙන්ම ඉවත් කළ යුත්තේ Eye makeup එකයි. මෙහිදී කොට්න් බඞ් එකක් ගෙන එය ජලයෙන් තෙමා ක්ලෙන්සර් ක‍්‍රීම් ස්වල්පයක් තවරා පළමුවෙන්ම ඇසේ උඩ ලයින් එක අයින් කළ යුතුයි. ඉන්පසු මස්තාරා පීරන බ‍්‍රෂ් එකෙන් ඇස් පිහාටුවල ක්ලෙන්සර් තවරා පිරිසිදු කොට්න් කැබැල්ලකින් පහතට පිස දමන්න.

මේ අවස්ථාවේ දී ඇස වසා තිබිම අවශ්‍යයි. ඉන්පසු යට ලයිනර් එකද එලෙසින්ම කොට්න් බඞ් එකක් ආධාරයෙන් ඉවත් කරන්න. ඉන්පසු තවරා ඇති අයිෂැඩෝ තෙත් කළ පුළුන්වලින් ඉවත් කළ හැකියි.

කෘතිම ඇස් පිහාටු යොදා ඇත්නම් එයද ඉවත්කර එහි ගම් එක පරිස්සමින් ගලවා දමන්න. ඉන්පසු අයිස් වතුරින් තෙමූ අයිපෑඞ්ස් දෙකක් ඇසමත තබා විනාඩි පහක් පමණ ඇස් වසා සිටිමෙන් ඇස්වල ප‍්‍රබෝධමත් බවක් ගෙන දෙයි■

සැකසුම – තුෂාධවි