බොලිවුඩ් තරු මාලදිවයිනේ ගත කළ සුපිරි නිවාඩුවල සුපිරි ඡායාරූප

බොලිවුඩ් තරු මාලදිවයිනේ ගත කළ සුපිරි නිවාඩුවල සුපිරි ඡායාරූප
Spread the love

ආලියා ඛාත්ගේ මාලදිවයින් නිවාඩුවේ ඡායාරූප සමාජමාධ්‍යවල වෛරස් වීම සමග මාලදිවයින්නේ නිවාඩුව ගත කළ තවත් සුපිරි තරු ගණනාවක උණුසුම් ඡායාරූපවලින් බොලිවුඞ් ඕපාදූප වෙබ්අඩවි සහ සමාජමාධ්‍ය පිරී යමින් තිබෙනවා.

ඉතිං බොලිවුඩයේ වෛරස්වලින් අපටත් ගැළවීමක් නැති නිසා ඒ උණුසුම් ඡායාරූප අපිත් අපේ පාඨකයින්ට තිළිණ කිරීමට තීරණය කළා.

සාරා අලි ඛාන්

සාරා අලිඛාන් ගැන අපි බොහෝ දේ දන්නවා. ඒ ඇය මාලදිවයිනට පෙම්බැඳි බව නම් ඔබ ඇතැම්විට නොදන්නවා විය හැකියි. සාරා නිවාඩුක්, විවේකයක් ලැබුණු විට පියඹා ගන ප‍්‍රමුඛ තැන් අතර මාලදවයිනට මුල්ම ස්ථානයක්. එහි උණුසුම් සුන්දර වෙරළ තීරය, සිසිල් සුළඟ තමාව දෙවියන් හමුවට ගෙන යන බවයි සාරා කියන්නේ.

බොලිවුඩ් ජනප්‍රිය පුද්ගලයින් 5 දෙනෙකු මාලදිවයිනේ නිවාඩු ගත කර ඇත

තාප්සි පන්නු

පන්නු අතිෂය කාර්ය බහුල නිළියක් වගේම නිරූපිකාවක්. දෛනිකව සිදුවන වෙහෙසකර රංගන කටයුතුවලින් ඉසිඹුලන මොහොතක තමා මාලදිවයින්නේ සුන්දර දූපතක තනිවීමට කැමති බවයි පන්නු කියන්නේ. ‘ඒක මොන තරම් සුන්දර සහ අසාමාන්‍ය අත්දැකීමක් ද ? බොලිවුඩයේ හා නගරවල කළබලකාරීත්වය වෙනුවට මා අවට සිටින්නේ ඉමක් කොනක් නැති මහ සයුර පියගෙන එන සුළඟ පමණයි’ ඇය කියනවා.

බොලිවුඩ් ජනප්‍රිය පුද්ගලයින් 5 දෙනෙකු මාලදිවයිනේ නිවාඩු ගත කර ඇත

කයාරා අද්වානි

කයාරා මෙවර මාලදිවයිනට ගොඩබැස්සේ තම පෙම්වතා වන සිද්ධාර්ත් මල්හෝත්‍රා සමඟ වීම විශේෂත්වයක්. ඒ නිසා ඇයගේ නිවාඩුව වඩාත් සුන්දර සහ උණුසුම් වූ බවට සැකයක් නැහැ. ඇය තම සමාජමාධ්‍ය ගිනුම හරහා බෙදාගත් ඡුායාරූප අතිෂය උණුසුම් වූවා පමණක් නොව වචනවලින් ප‍්‍රකාශ කළ නොහැකි සුන්දරත්වයකින් ද යුතු වුණා. ‘මේක තමයි සුරංගනා ලෝකය. නැවුම් ම නැවුම් මුහුදු සුළඟ …. මල් පෙතිවලට වඩා මෘදු මුහුදු වැල්ල… උණුසුම් හිරු එළිය.. ඉතිං තම මොනවාද ? ’ ඇය ප‍්‍රකාශ කරනවා.

බොලිවුඩ් ජනප්‍රිය පුද්ගලයින් 5 දෙනෙකු මාලදිවයිනේ නිවාඩු ගත කර ඇත

අනන්යා පාණ්ඩේ

ඇය මාලදිවයින වෙත ගියේ බොහෝ කටකතාවලට ඉලක්ක වී ඇති තම පෙම්වතා වන ඉෂාන් ඛාටර් සමගයි. ඒ නිසා තම නිවාඩුව යම් ආකාරයකින් රහසක්ව තබා ගැනීමට ඇය ප‍්‍රිය කළා. ඒත් සුපුරුදු ලෙස සමාජමාධ්‍ය හරහා සුන්දර – උණුසුම් ඡායාරූප සහ වීඩියෝ බෙදා ගැනීමට ඇය නිර්ලෝභී වුණා.

බොලිවුඩ් ජනප්‍රිය පුද්ගලයින් 5 දෙනෙකු මාලදිවයිනේ නිවාඩු ගත කර ඇත


ටාරා සුතාරියා

ඇය සිය 25 වන උපන්දිනය ඇගේ පෙම්වතා වන ආදර් ජේන් සමඟ දිවයිනේ ගත කළාය. පෙම්වතා සමඟ කිසිදු පින්තූරයක් පළ නොකළද ඔවුන් දෙදෙනාම ගුවන්තොටුපලේදී දැක ඇති බැවින් මේ සංචාරය උණුසුම් එකක් වූ බව නම් පැහැදිලිය.

බොලිවුඩ් ජනප්‍රිය පුද්ගලයින් 5 දෙනෙකු මාලදිවයිනේ නිවාඩු ගත කර ඇත

Filmfare ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි