‘නිළි ජැකලින් ෆර්නැන්ඩස්ගේ’ අලුත්ම ඡායාරූපය බොලිවුඩය කළඹයි !

‘නිළි ජැකලින් ෆර්නැන්ඩස්ගේ’ අලුත්ම ඡායාරූපය බොලිවුඩය කළඹයි !
Spread the love

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත Jacqueline Fernandez කියන්නේ බොලිවුඩයේ සුපිරි තරුවක්. ඒ වගේම විලාසිතා ලෝකයේ තරුවක්. ඒ ගැන කතා දෙකක් නැහැ.

Image result for Jacqueline Fernandez SEXY

ඒත් අපි මේ කියන්න යන්නේ ඒ කිසිවක් ගැන නොවෙයි. ජැකලින් ගැන අලුත්ම කතාවක්.

සිරුරේ නම්‍යශීලත්වය අප කාටත් අතිෂයින් වැදගත්. එය නිරෝගී බවේ සංකේතවයක්. අපට එය එසේ නම් සුපිරි නිළියකට ?

ඔව් සුපිරි නිළියකට තම සිරුරේ නම්‍යශීලීත්වය අතිෂයින්ම වැදගත්. නර්තනයට මෙන්ම සටන් ජවනිකා සදහාත් එය අත්‍යවශ්‍ය්‍යි.

ඉතිං ජැකලින් තමන්ගේ සුන්දර සිරුර කොතරම් නම්‍යශීලිද යන්න පසුගිය දා ඔප්පු කළා පමණක් නොවෙයි ඒ අසාමාන්‍ය ඡායාරූප රසිකයින් සමගත් බෙදා ගත්තා.

මෙම ඡායාරූපවලින් ඔප්පු වන්නේ ඇය නිරතුරුවම සුපිරි යෝග්‍යතාවයෙන් සිටීමටත්, නර්තනය යෝග්‍යතා තන්ත්‍රයක් ලෙස භාවිතා කිරීමටත් ප්‍රිය කරන බවයි. 

ජැකලින් ෆර්නැන්ඩස්

ජැකලින් යෝගා සහ වෙනත් ආකාරයේ ව්‍යායාම කෙරෙහි විශ්වාසය තබන අතර, කාලය ලැබෙන සෑම විටම ඇය තම සිරුර නිරතුරුවම නිරෝගීව හා මනස්කාන්තව තබා ගැනීමට වගබලා ගනී. 

ඒ නිසාම මේ සුන්දර කාන්තාව සිය සමාජ මාධ්‍යවල යමක් පළ කරන සෑම අවස්ථාවකම දීම අපට ආශ්වාදයක් ලබා දෙයි.

ජැකලින් ෆර්නැන්ඩස්

ජැකලින් ෆර්නැන්ඩස් මේ වන විට ජයිසල්මර් හි බච්චන් පාණ්ඩේ හි රූගත කිරීම් වල නිරත වන්නේ අක්ෂේ කුමාර් සහ ක්‍රිති සනොන් සමඟ යි. 

ෆිල්ම් ෆෙයාර් ඇසුරිණි – සැකසුම – තුෂාධවි