AgroBizz-Smart: සෙලාටා ටෙක් සුවිශේෂ කෘෂි ව්‍යවසායක් වන්නේ ඇයි ?

AgroBizz-Smart: සෙලාටා ටෙක් සුවිශේෂ කෘෂි ව්‍යවසායක් වන්නේ ඇයි ?
Spread the love

දේශීය කෘෂිකර්මාන්තය සහ ආහාර සුරක්ෂිතභාවය ගැන වෙන කවරදාටත් වඩා දැන් කතා කරනවා. රජයේ වගේම ගොවීන්ගෙන් උනන්දුවත් දැන් දැන් කෘෂිකර්මාන්තය වෙත වැඩි වැඩියෙන් යොමු වෙනවා. ඒ අතර පාරිභෝගිකයින් ද තමන්ගේ පැත්තෙන් ඒ ගැන හිතන විට ව්‍යාපාරිකයින් ද තමන්ගේ පාර්ශ්වයෙන් සිදුවිය යුතු දේ ගැන හිතනවා. මේ සියල්ල ධනාත්මක, නැතිනම් සතුටු විය හැකි නව ප‍්‍රවණතා.

ආහාර සුරක්ෂිතභාවය කියන්නේ රටක අභිමානයට වගේම නිරෝගී පැවැත්මටත් ආර්ථික – දේශපාලන සංහිඳියාවටත් අත්‍යවශ්‍ය කරුණක් නිසා සිදුවෙමින් පවතින මේ පරිවර්තනය අපි සියලූ දෙනාටම අතිෂයින් වැදගත්.

මෙහිදී නවීන දැනුම, නැතිනම් තාක්ෂණය අතිෂයින් වැදගත්. ඊට හේතුව වන්නේ ගෝලීය කෘෂිකර්මාන්තයේ ප‍්‍රගමනය රඳා පවතින්නේ නවීන දැනුම හා තාක්ෂණය මතයි. අද ලෝකය කතා කරන්නේ ‘ස්මාර්ට් කෘෂිකර්මාන්තය’ ගැනයි. විශ්වාසය තබා ඇත්තේ ඒ මතයි.

එහිදී වගාබිම වගේම, බෙදා හැරීම, අලෙවිකරණය, පහසුකරණ වගේ බොහෝ අංශ නවීන තාක්ෂණය මත පදනම් වෙනවා. නවීන තාක්ෂණය ලංකාවේ ගොවීන් අතට, අලෙවිකරුවන් අතට පත්වීම යනු මෙරට කෘෂිකර්මාන්තයේ දැවැන්ත ඉදිරි පියවරක්.

ගොවිබිම තුළ මේ ආකාරයේ ප‍්‍රවණතා සිදුවෙද්දී දේශීය කෘෂිකර්මාන්තයේ ප‍්‍රගමනයට වගේම පාරිභෝගික ජනතාවගේ හිතසුව පිණිස අලූතින් හිතන – නවීන තාක්ෂණය හා දැක්මක් සහිතව ක‍්‍රියාත්මක වන නව කෘෂි ව්‍යවසායකයින් විශාල පිරිසක් ද කරළියට පැමිණ තිබෙනවා. ඔවුන්ගේ ආගමනය දේශීය කෘෂිකර්මාන්තයේ තිරසර සංවර්ධනයට නව ජවයක් වනවාට සැකයක් නැහැ.

මෙම කෘෂි තාක්ෂණික ව්‍යවසායකයින් අතර වඩාත් සුවිශේෂ ව්‍යවසායකයෙක් ලෙස ‘සෙලාටා ටෙක් (පුද්) සමාගම – Celata Tech (Pvt) Ltd සැලකිය හැකියි. රුපියල් මිලියන 106ක දැවැන්ත ආයෝජනයක් සමග පැමිණෙන සෙලාටා සමාගම සෙසු කෘෂි ව්‍යවසායන් අතර වඩාත් සුවිශේෂ වීමට හේතු රැසක් තිබෙනවා.

සෙලාටා ටෙක් සුවිශේෂ කෘෂි ව්‍යවසායක් වන්නේ ඇයි ?

සෙලාටා ටෙක් සමාගම මගින්, AgroBIZZ ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශයේ, ලෝක බැංකු හා කෘෂිකාර්මික අංශ නවීකරණ ව්‍යාපෘතියේ සහාය ඇතිවයි. ඒ නිසා මෙම සමාගමට සෙසු සමාගම්වලට වඩා ජාතික වගකීමක් මෙන්ම ගොවීන් සහ දේශීය කෘෂිකර්මාන්තය කෙරෙහි වගවීමක් තිබෙනවා.

සෙලාටා ටෙක් සමාගම සෙසු කෘෂි  ව්‍යවසායන් අතර සුවිශේෂ වන හේතු අතර ප‍්‍රමුඛ වන්නේ ඔවුන් AgroBizz – Smart කෘෂි ඒකාබද්ධ කිරීමේ වේදිකාවක් ලෙස ක‍්‍රියාත්මක වීමයි. මෙය ලංකාවේ ගොවීන්ට මෙන්ම අලෙවි ජාලාවලට ද අලූත් අත්දැකීමක්.

සෙලාටා  ටෙක් සමාගම විසින් මෙරට ගොවිජනතාවට  ප්‍රධාන සේවාවන් කිහිපයක් සැලසීමට සූදානමින් සිටිනවා. ඒ අතර

AgroBizz Platform මගින් ගොවීන්, සිල්ලර වෙළඳසැල්, සුපිරි වෙළඳසැල් දාම, කෘෂි නිෂ්පාදන අපනයනකරුවන්, ආහාර සකසනයන්, කෘෂි නිෂ්පාදන සැපයුම්කරුවන්, පොහොර හා පළිබෝධනාශක සැපයුම්කරුවන්, ප්‍රවාහන සැපයුම්කරුවන්, බීජ සහ පැල සැපයුම්කරුවන් යනාදිය එකම වේදිකාවක් තුළ අන්තර් සම්බන්ධිත හා අන්තර්ග්‍රහණය කිරීම සිදුවෙනවා.

එපමණක් නොවෙයි සෙලාටා AgroBizz Platform මගින් කුඩා පරිමාණ කෘෂි සිල්ලර වෙළඳසැල්, සුපිරි වෙළඳසැල් දාම, ආහාර සකසන, කෘෂි නිෂ්පාදන අපනයන වැනි තොග ගැනුම්කරුවන් සමඟ වේදිකාව ගොවීන් අතරමැදියන්ගෙන් තොරව ඍජුව සම්බන්ධ කිරීමට පියවර ගන්නවා.

නව කෘෂි ව්‍යවසායකයින් 1000ක්

මෙහිදී ප‍්‍රතිලාභීන් බවට, නැතිනම් නව කෘෂි ව්‍යවසායකයින් බවට පත්වන්නේ ද මෙරට ප‍්‍රජාව වීම ද විශේෂත්වයක්. AgroBizz Platform විසින් දේශීය ප්‍රවාහන සේවා සපයන්නන්, ස්කූටි යතුරු පැදි හිමි කාන්තාවන්, ත්‍රිරෝද රථ, ඩිමෝ බට්ටෝ සහ ලොරි රථ හිමියන් ඍජුව ගොවීන් හා ගැනුම්කරුවන් සමඟ සම්බන්ධ කරනවා. ඒ අනුව මේ එක් එක් සේවා සපයන්නෙක්, නැතිනම් නව කෘෂි ව්‍යවසායකයෙක් මාසිකව රුපියල් 100,000කට වඩා ආදායමක් උපයා ගන්නා බවට සහතික කරනවා. මේ හරහා දීපව්‍යාප්තව නව රැකියා, නැතිනම් නව කෘෂි ව්‍යවසායකයින් 1000කට අධික පිරිසක් බිහිකිරීමට නියමිතව තිබෙනවා.

සුවිශේෂ සේවාවන්

AgroBizz Platform මගින් ගොවීන්ට තම නිෂ්පාදන විකිණීම සඳහා වේදිකාවක් සැපයීම මගින් තම සේවය නතර කරන්නේ නැහැ. ගෝලීය වශයෙන් කෘෂිකාර්මික කේෂත‍්‍රයේ සිදුවන විප්ලවීම දැනුම හා තාක්ෂණය මෙරට ගොවීන් වෙත ලබාදීමට ඔවුන් පියවර ගන්නවා. ඒ අනුව ජංගම යෙදුම හරහා පොහොර, පැලෑටි, බීජ, පළිබෝධනාශක සහ කෘෂි උපකරණ මිලදී ගැනීමට අවශ්‍ය දැනුම හා තොරතුරු ඔවුන් විසින් ලබා දෙනවා.

Dialog Ez Cash මගින් ගොවීන්, ගැනුම්කරුවන්ට සහ නිෂ්පාදන සැපයුම්කරුවන්ට ගෙවීම් කාඩ්පත් නොමැතිව  ගනුදෙනු කිරීමට අවස්ථාව ද ලබා දෙන අතර  ඔවුන්ට සරල EZ Cash  සමඟ ගනුදෙනු සඳහා ගෙවීමට ජංගම දුරකථනය භාවිතා කිරීමේ පහසුකම් ද හිමිවෙනවා.

ගොවීන්ට හෝ විකුණුම්කරුවන්ට භෞතිකව බැංකු හෝ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිතා කිරීමකින් තොරව තම ස්ථානයෙන් මුදල් එකතු කර ගැනීමට ඇග්‍රෝබිස් විසින් ඩයලොග් ඊස් බ්‍රෝ (Dialog Ez Bro facility) පහසුකම ලබා දීමට ද පියවර ගන්නා බව සඳහන්.

ජංගම යෙදුම මගින් ගොවීන්ට නව තාක්‍ෂණයන් හා ශිල්පීය ක්‍රම පිළිබඳව දැනුවත් කිරීම සහ කෘමි හානි, පොහොර හා පළිබෝධනාශක භාවිතය ආදිය පිළිබඳව ගොවීන්ට සහාය හෝ මග පෙන්වීම ලබා  දෙන අතර ගොවීන්ට කාලගුණ අනාවැකි නිරීක්ෂණය කිරීමේ පහසුකම ලබා දීම තවත් සුවිශේෂ කරුණක්.

තවත් සුපිරි පහසුකම් රැසක්

ගොවීන්ට මෙන්ම කුඩා පරිමාණ ගැනුම්කරුවන්ට ඔවුන්ගේ අවශ්‍යතා සඳහා ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම් සැපයීම සඳහා AgroBizz Platform ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ ශ්‍රී ලංකා ඉතුරුම් බැංකුව සමඟ ඒකාබද්ධව කටයුතු කරනවා.

AgroBizz Platform ගොවීන්ට සහ අදාළ පාර්ශ්වයන්ට පහසුකම් සපයනවා පමණක් නොව අපනයන කෘෂිකර්ම අමාත්‍යංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, වෙළඳ අමාත්‍යාංශය යනාදී බලධාරීන්ට කෘතිම බුද්ධි පහසුකම (Artificial Intelligent facility)  සහිත භූගෝලීය පදනම් විශ්ලේෂණ දත්ත (Geographical based analytical data) ද සැපයීමට පියවර ගෙන තිබෙනවා.

අප මුලින්ම ලංකාවේ සාම්ප‍්‍රදායික කෘෂි ව්‍යවසායකයින් අතර AgroBizz Platform වඩාත් සුවිශේෂ වේදිකාවක් යැයි නම් කළේ ඉහත සඳහන් සියලූ වටිනාකම් නිසයි.

තමන් හෙළන දහඩිය බිඳුවලට වැඩි වටිනාමක් ලබා ගැනීමට අවශ්‍ය ගොවීන්ට, තමන් ආයෝජනය කරන මුදලට වැඩි වටිනාකමක් ලබා ගැනීමට වුවමනා ව්‍යාපාරිකයින්ට, ප‍්‍රවාහන සේවා සපයන්න්නන්ට පමණක් නොව නව කෘෂි ව්‍යවසාකයෙක් වී ජීවිතය ජයගැනීමට සිහින දකින තරුණ – තරුණියන්ට, ගෘහණියන්ට හෝ වෙනත් පුද්ගලයින්ට තම සිහින සැබෑ කර ගැනීමට AgroBizz Platform ශක්තියක් වන බව අපට සහතිකයි.