රුපියල බාල්දු වීම නිසා ‘පාරිභෝගිකයින් කබලෙන් ලිපට

රුපියල බාල්දු වීම නිසා ‘පාරිභෝගිකයින් කබලෙන් ලිපට
Spread the love

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් දෙසීය ඉක්මවා යාම හේතුවෙන් ආනයන වියදම් ඉහළ යාම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට බඩු මිල ඉහළ යෑම ආදි ප්‍රශ්නවලට මුහුණපෑමට සිදු වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ කියති.

අප සමග අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ රුපියල අවප්‍රමාණය වීම අපනයනකරුවන්ට යම් වාසියක් වුවත් ආනයන වියදම් ඉහළ යාම නිසා පාරිභෝගිකයින්ටත් ශ්‍රී ලංකාවේ ආයෝජනය කර ඇති ආයෝජකයින්ටත් අහිතකර ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,

‘ ඩොලරය රුපියල් දෙසීය ඉක්මවීමෙන් අපනයනකරුවන්ට යම් කිසි වාසියක් තිබුණත්, සමස්තයක් හැටියට පාරිභෝගිකයන්ට විශාල අවසියකට මුහුණ දීමට සිදුවෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ විදෙස් ආයෝජකයන්ද රුපියලේ අගය පහළ වැටෙන විට මුදල් ඉවත් කර ගැනීමේ ඉඩක් තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරයේ අගය රුපියල් දෙසීයට අඩුවෙන් තබා ගැනීමට ආණ්ඩුව උපරිම උත්සාහයක් ගන්නවා. ඒත් මේ වන විට රට තුළ ඩොලර් සංචිත නොමැති වීම නිසා රුපියලේ අගය දෙසීය ඉක්මවීම වැළැක්විය නොහැකියි. වෙළඳපළේ ඩොලරයේ අගය දෙසීය ඉක්මවීම පාලනය කිරීමට අසීරු තත්වයක් බව පැහැදිලියි‘‘ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැඩි දුරටත් සදහන් කළේය.