රුපියල යළිත් වාර්තාගත බාල්දු වීමක

රුපියල යළිත් වාර්තාගත බාල්දු වීමක
Spread the love

ශ්‍රී ලංකා රුපියල අද (26) දින නැවත වරක් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 201 සීමාව ඉක්මවා පහළ ගිය බව මහ බැංකුව කියයි. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය අද (26) රුපියල් 201.60ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 196.72ක් ලෙසත් සටහන් විය.

මේ අතර 2021 වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 19 වැනිදා දක්වා කාලයේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 6.5කින් අවප්‍රමාණය වී ඇති බවයි මහ බැංකු වාර්තා දක්වන්නේ.