මද්දකට හසුවී බේරාගත් කොටියා මිය යයි

මද්දකට හසුවී බේරාගත් කොටියා මිය යයි
Spread the love

මද්දකට අසුව බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපොළ භූමියේ ඉතා අසාධ්‍යය තත්ත්වයෙන් සිටියදී ඉකුත් 24 දා සොයාගත් කොටියා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ (31)  මියගිය බවත් උදර ප්‍ර දේශයට දැඩි ලෙස තුවාල සිදුවීම මරණයට හේතුව බවත වනජිවි දෙපාර්තුමේන්තුවේ පශු වෛද්‍ය අධ්‍යක්ෂක තාරක ප්‍රසාද් මහතා පැවසීය. 

මියගිය කොටියා දිගින් අඩි 08ක් පමණ වන හොදින් වැඩුණ වයස අවුරුදු 10 ක්  පමණ වන පිරිමි සතෙකු වන බව ද ප්‍රසාද් මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ තාරක ප්‍රසාද් මහතා ‘‘බෝපත්තලාව මැණික්පාළම ආශ්‍රිත රක්ෂිතයේ දඩයම්කරුවන් විසින් අටවා තිබූ මන්දකට මෙම කොටියා හසුවීමෙන් පසු ඌ මන්ද සවිකර තිබූ මුගුරද කඩාගෙන බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපොළ භූමියට පැමිණ සිටියදී ප්‍රදේශවාසීන් දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම්දී තිබෙනවා. පසුව රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා ඇතුළු වනජිවි නිලධාරින් කණ්ඩායමක් පැමිණ කොටියා නිර්වින්දනය කර රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. පසුගිය කාලය තුළ මේ ආකාරයෙන් කොටි ගණනාවක් දඩයක්කාරයින් අතින් ඝාතනය වී තිබෙනවා. මෙය බරපතළ තත්ත්වයක්‘