විවාහක රූ රැජිණ අවුල : කිරු‍ළ ගැලවුවත් රැජින ඇයමයි – ප්‍රධාන සංවිධායක

විවාහක රූ රැජිණ අවුල : කිරු‍ළ ගැලවුවත් රැජින ඇයමයි – ප්‍රධාන සංවිධායක
Spread the love

2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින වශයෙන් කිරුළ පැළඳි පුෂ්පිකා ද සිල්වා මහත්මියට එම කිරුළ ලබාදීමට අවශ්‍ය ක්‍රියාමර්ග ගත් බව ශ්‍රී ලංකා විවාහ රූ රැජින තේරීමේ තරගයේ ප්‍රධාන සංවිධායක චන්දිමාල් ජයසිංහ මහතා අද (5) මාධ්‍ය වෙත පැවසුවා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් චන්දිමාල් ජයසිංහ මහතා මෙසේ ද ප්‍රකාශ කළා.

‘‘ඊයේ රාත්‍රි යේ සිදු වූ ඒ සිදුවීම ගැන අප සැබවින්ම කනගාටු වෙනවා. මෙවැනි සිදුවීමක් කිසිසේත් නොවිය යුත්තක්. සංවිධියක මණ්ඩලයේ සහ විනිශ්චය මණ්ඩලයේ  ඒකමතිකව ලබා දුන් කිරුළ කිසිවකුටත් නැවත ලබාගත නොහැකියි. ඒ වගේම තමයි මෙවැනි දෙයක් කිරීමට කැරොලින් ජූරි මහත්මියට කිසිසේත් සචාචාරාත්මක අයිතියක් නැහැ. ඇය කිරුළේ බලයෙන් හිස උදුම්මාගෙන කළ ක්‍රියාව අපි කිසිසේත් අනුමත කරන්නේ නෑ. කිරුළේ නියම අයිතිකාරිය පුෂ්පිකා සිල්වා මහත්මිය බැවින් ඇයට නැවතත් කිරුළ පැළැන්දවීමට අවශ්‍යතාවයක් නැහැ‘

පුෂ්පිකා ද සිල්වා මහත්මියගෙන් උදුරාගත් එම කිරුළ සංවිධායක මණ්ඩලයට බාරයට ගත් බව එය එම කිරුළ නිර්මාණය කළ වෝග් ජුවලර්  ආයතනයට බාරදුන් බව ද චන්දිමාල් ජයසිංහ මහතා පැවසුවා.

පසුබිම් කතාව – සම්පූර්ණයෙන්

කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී ඊයේ (4) රාත්‍රියේ පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගාවලියේ කිරුළ නිරූපණ ශිල්පිනියක් වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය විසින් දිනා ගත්තා.

තරඟය අවසානයේ අංක 20 යටතේ තරඟකළ පුෂ්පිකා ද සිල්වා මහත්මිය ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත්කෙරුණු අතර ඇයට කිරුළ පළඳවනු ලැබුවේ ශිරාන්ති රාජපක්ෂ, කොළඹ පුරපතිනි මෙන්ම ලෝක විවාහක රූ රැජිණක් ද වන රෝසි සේනානායක මහත්මීන් සහ සහ චන්දිමාල් ජයසිංහ මහතා විසිනුයි.

මේ ජයග්‍රහණය සමග ඇය රූ රැජින ජයග්‍රාහී ගමනේ යෙදී සිටියදී අනපේක්ෂිත අත්දැකීමකට මුහුණ දුන්නා. හදිසියේම වේදිකාවට කඩා වැදුණු වර්තමාන ශ්‍රී ලංකා සහ ලෝක විවාහක රූ රැජින ද වන කැරොලයින් ජූරි මහත්මිය විසින් පුෂ්පිකා ද සිල්වා මහත්මිය හිස පැළද සිටි කිරුළ ගළවා ඉවත් කිරීම නිසා දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක ඇති වුණා.

ජයග්‍රාහිිකාව වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරැළ ඉවත්කිරීමට හේතු ලෙස ජූරි මහත්මිය විසින් දක්වා සිටියේ ‘ඇය දික්කසාද වූ කාන්තාවක්‘ බවත් එනිසා ම ඇය විවාහක රූ රැජිණ කිරැළ දැරීමට සූදානම් නැති බවයි‘

කැරොලින් ජූරි මහත්මිය ඉන්පසු තරඟයේ ජයග්‍රාහිකාව ලෙස අනුශූරතාවය ලබාගත් තරගකාරිය ප්‍රකාශයට පත් කරද්දී පුෂ්පිකා ද සිල්වා මහත්මිය නිහඩව වේදිකාවෙන් ඉවත් වුණා

නිරූපණ ශිල්පිනියක් වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය 2011 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කරගනිමින් ලෝක රූ රැජිණ තරඟාවලියට ද ඉදිරිපත් වූ අතර ඇය එක්දරු මවක් බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් මෙම සිදුවීම සමාජමාධ්‍ය වල දැඩි විවේචනයට ලක් වුණා.

මේ අතර අද (05) අළුයම 02.00ට පමණ පුෂ්පිකා ද සිල්වා මහත්මිය කුරුදුවත්ත පොලිසියට පැමිණ පැමිණිල්ලක් කළා. එහිදී ඇය කියා සිටියේ 2020  ශි‍්‍ර ලංකා  විවාහක රූ රැජින තරගයේ ජයග‍්‍රාහි කිරුළ පැළඳූ අවස්ථාවේ,වත්මන් ලෝක විවාහක  රූ රැජින එය බලහත්කාරයෙන් උදුරා දෙවන ස්ථානය හිමිකරගත් තරගකාරියට පැළදු බවයි.