පාම් තෙල් තහනම හකුලා ගන්නා ලකුණු

පාම් තෙල් තහනම හකුලා ගන්නා ලකුණු
Spread the love

පාම් ඔයිල් ආනයනය තහනම් කරමින් ඊයේ (05) නිකුත් කළ ගැසට් නිවේදනය වෙනස් වීමට ඉඩ ඇතැයි ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේය.

පාම් ඔයිල් තහනම් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ විවිධ අදහස් ඇති බවත් අද (06) උදෑසනද ඒ පිළිබඳ සාකච්ඡා කළ බවත් කී ඇමැතිවරයා බොහෝ දුරට අදාළ ගැසට් නිවේදනය සංශෝධනය වීමට ඉඩ ඇතැයි ද සදහන් කළේය.

මේ අතර පාම් ඔයිල් තහනම් කිරීමත් සමග බේකරි නිෂ්පාදන සඳහා ගැටලු ඇතිවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ජයවර්ධන මහතා, ‘‘ රජය හදිසියේ පාම් තෙල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කළා. මේ නිසා අපි බරපතළ ගැටලුවකට මුහුණ දීලා ඉන්නේ. ආණ්ඩුවෙ හදිසියේ මෙවැනි තීරණයක් ගත්තේ විකල්ප හදුන්වා දීමකින් පවා තොරවයි. පොල් තෙල් මිල පවතින ඉහළ තත්ත්වය හමුවේ අපි නිෂ්පාදනවලට බහුලව භාවිත කළේ පාම් තෙල්. දැන් අපි දැඩි අසීරුවක ඉන්නේ. එකම විසදුම බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීමයි. ඒ ඒ ගැන හෝ සිතිය හැක්කේ නිෂ්පාදන සිදු කිරීමට හැකිනම් පමණයි. මේ ඇති වී තිබෙන තත්ත්වය අනුව නිෂ්පාදන සිදුකිරීමට පවා නොහැකි වේවි. මේ ගැන ආණ්ඩුව වහාම සොයා බැලිය යුතුයි‘‘