‘ලංකාවේ කොවිඩ් පාලනය වී ඇතැයි’ සෞඛ්‍ය අමාත්‍යාංශය කියන කතාව විද්‍යාත්මක නෑ

‘ලංකාවේ කොවිඩ් පාලනය වී ඇතැයි’ සෞඛ්‍ය අමාත්‍යාංශය කියන කතාව විද්‍යාත්මක නෑ
Spread the love

ශ්‍රී ලංකාවේ කොවිඩ් පලනයය වී ඇති බටත්,  විදේශිකයින් මගින් කොවිඩ් පැතිරීම ඉහල ගොස් ඇති බවටත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන ප්‍රකාශ විද්‍යාත්මක  නැතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන් විද්වත් සංගමය රවී කුමුදේශ් මහතා අද (18) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

එම මාධ්‍ය නිවේදනයේ මෙසේද සදහන් වෙයි,

කොවිඩ් පිළිබඳව  සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පිළිබඳව සැලකීමේදී විද්‍යාත්මක ආවේක්ෂණ ක්‍රියාවලියක් ක්‍රියාතමක නොවන බව පැහැදිළි වේ.  රට තුළ රෝගය අඩු වනවා ද යන්න පිළිබඳව විද්‍යාතමක පුරෝකථන කිරීම  සඳහා විධිමත් කෝවිඩ් පරීක්ෂණ ක්‍රියාවලියක් මගින් ලබා ගන්නා නිවැරදි දත්ත ඊට පදනම් කර ගත යුතුය. 

ඒ සදහා අහඹු පරීක්ෂණ, සක්‍රිය ලෙස හාඹා යෑමේ පරීක්ෂණ සහ රෝහල් වලට ඇතුල් වූ රෝගින්ගේ අක්‍රීය පරීක්ෂණ නිසි ව්‍යාප්තියකින් සිදු විය යුතුය. මේ වන විට අප අහඹු  පරීක්ෂණ රෝගී ප්‍රවණතාවය, සක්‍රීය සහ අක්‍රීය පරීක්ෂණ ප්‍රවණතාවයන් පිළිබඳ කිසිදු දත්තයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් නොකරන බැවින් සහ එම දත්ත ජනනය කර ගැනීම සදහා නිසි පරීක්ෂණ ක්‍රියාවලියක් නොපවතින බැවින්, අවිධිමත් දත්ත පදනම් කර ගනිමි සිදු කරණු ලබන බොහෝ ප්‍රකාශ සහ පුරෝ කථනයන් නිවැරදි නොවීමට ඇති ඉඩ වැඩිය.
ඒ අනුව ශ්‍රී ලංකාව තුළ රෝගය අඩුවෙමින් හෝ පාළණය කර ඇති බවට සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් සිදුකරන  ප්‍රකාශයට ද විද්‍යාත්මක පදනමක් නැත. 

පසුගිය දින දහය තුළ පමණක් PCR පරීක්ෂණ 68000 ක පමණ ප්‍රමාණයක් සිදුකර ඇති අතර එමගින් 2500කට වඩා වැඩි අසාධිතයින් පරමාණයක් සොයා ගැනීමට හැකි වී ඇත. ආසාදිතයන් හමුවීමේ ප්‍රමාණය, සැබෑ ආසාධිතයින් ප්‍රමාණයට වඩා, පරීක්ෂණ සිදු කරන ප්‍රමාණය අනූව විචලනය වන බව අදාල දත්‍ත සරල අධ්‍යනයේදී පැහැදිලිවම පෙනෙන්නට තිබේ.  

  • අප්‍රේල් 10 පරීක්ෂණ 8000/412
  • අප්‍රේල් 14පරීක්ෂණ 4074/151
  • අප්‍රේල් 17පරීක්ෂණ 6000/357

ඒ අනූව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ  විසින් පරීක්ෂණ සිදු කරන ප්‍රමාණය ඉහළ පහළ දැමීමේ විද්‍යාත්ම හේතුව පැහැදිලි නොමැති  නමුත්, පරීක්ෂණ සිදු කරනු ලබන ප්‍රමාණයට අනුව හමුවන රෝගීන් ප්‍රමාණය අඩු වැඩි වන බව ඉතා පැහැදිලිය.

තවද, වසංගත රෝග අංශයේ ප්‍රකාශනයකට අනුව විදේශිකයින්ගේ ආසාදිතයන් හමුවීම ඉතා ඉහළ අගයක පවතින බව ප්‍රකාශ වුවද,  ඒ පිළිබඳව ද විද්‍යාත්මක දත්ත ඒකරාශී කරගත් විද්‍යාත්මක ක්‍රියාවලිය පිළිබදව ඔවුන් මෙතෙක් අනාවරණය කර නැත. එබැවින් පදනම් විරහිත දත්ත අවිධිමත්ව සලකා බලා, රටට විදේශ ආගමනිකයින් ගෙන්වා ගැනීම පිළිබඳව නිති රෙගුලාසි සංශෝධනය කිරීම නිෂ්ඵල ක්‍රියාවකි.
පෞද්ගලික රසායනාගාර වලට මුදල් ලබා ගැනීමේ අපේක්ෂාව පෙරදැරිව සියළු විදේස් ආගමනිකයින්ගේ PCR පරීක්ෂණ හඹා ගොස් එකක් නෑර සිදු කලද, රට තුල සිදුවන PCR ප්‍රමාණය දිනපතා අඩු කෙරෙමින් පවතී. ඒ අනූව විදේශිකයින්ගේ නියැදිය 100% පරීක්ෂා කිරීමට සාපෙක්ෂව, රටතුල නියැදියෙහි පරීක්ෂණ පන්දහසක්වත් සිදු නොකරමින්, වාර්ථාවන ආසාධිතයින් ගණන පමණක් සංසන්දනය කිරීම අවිද්‍යාත්මකය. 

දැනට රටතුල ලැබෙමින් පවතින හා ලැබෙන ප්‍රතිඵල සැලකීමේදීද, අප්‍රේල් මස දහවන දින පමණක් වැලිකඩ  බන්ධනාගාර  රැඳවියන් 131 දෙනෙකු පරික්ෂා කිරීමේදී සියයකට අධික ප්‍රමාණයක් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත. එම එක් ආසාදිතයකු ට අදාළව ආශ්‍රිතයන් දෙදෙනකු හදුනා ගත්තේ නම් අවම වශයෙන් 300ක පමණ පරීක්ෂණ ප්‍රමාණයක් සිදු කළ යුතු වුව ද, ඊයේ දින දක්වා සිදු කර ඇත්තේ පරීක්ෂණ සියයකට වඩා අඩු ප්‍රමාණයකි. 

තවද අප්‍රේල් මස 16 වන දින කුලියාපිටිය ප්‍රදේශයේ සිදු කල PCR පරීකෂණ 50 කින් පමණ, අසාධිතයින් 40ක් පමණ හදුනාගෙන ඇත.  එසේම පසුගිය දින 10ක කාලය තුළ රට තුල සිදු කර ඇත්තේ පරීක්ෂණ 68,000ක පමණ අවම ප්‍රමාණයක් වන අතර, ඉන් 2500කට වඩා වැඩි ප්‍රමාණයක් ආසාධිතයින් ලෙස වර්ථා වී ඇත. 

එම තත්ත්වයට අනුව ශ්‍රී ලංකාව තුළ විදේශිකයන්ට වඩා රෝගය අඩු ප්‍රමාණයකින් පවතින බව සඳහන් කිරීම විද්‍යාත්මක යථාර්ථයක් නොවේ.