‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ ‘ටීම් ශ්‍රී ලංකා’ අතර තරගය කල් යයි

‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ ‘ටීම් ශ්‍රී ලංකා’ අතර තරගය කල් යයි
Spread the love

පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ මැයි මස 04 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ ටීම් ශ්‍රී ලංකා අතර පන්දුවාර විස්සයි-20 තරගය පැවැත්වීමට සැලසුම් කර පරිදි ඉදිරියට නොයන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටියි. රටේ පවිත්න සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහත තීරණයට එළැඹ තිබේ.


කොවිඩ් – 19 අරමුදලට ආධාර උපයා ගැනීමේ අරමුණ පෙරදැරිව මෙම තරගය පැවැත්වීමට කටයුතු යෙදුණද, රටේ පවතින පවතින අවධානම් සහගත තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී එය පැවැත්වීම කල් දැමීම ඉතාම කාලෝචිත ක්‍රියාවක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් හි අදහස වී තිබේ.


මෙහිදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ඉදිරි තරගාවලිවලට ක්‍රීඩා කිරීමට නියමිතව සිටින ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව පිළිබඳව ද මෙම තරගය කල් දැමීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලකිල්ලට ගනු ලැබීය.


කෙසේ වෙතත් මෙම උදාරතර අරමුණ මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් වුණු හිටපු ක්‍රීඩකයින්ට, වර්තමාන ක්‍රීඩකයින්ට, නිලධාරීන්ට සහ තරගය සාර්ථක කර ගැනීම වෙනුවෙන් වාණිජ හවුල්කරුවන් වශයෙන් ඉදිරිපත්වුණු සියළු දෙනාටම ශ්‍රී ලංකා ක්‍රිකට් සිය ස්තූතිය පළ කර සිටියි.