ශ්‍රී ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන 10,089ට අන්‍යාගමික සිද්ධස්ථාන 12,148ක් !

ශ්‍රී ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන 10,089ට අන්‍යාගමික සිද්ධස්ථාන 12,148ක් !
Spread the love

ශ්‍රී ලංකාවේ ආගමික නිදහස පිළිබඳව බොහෝ අය  කතාබහ කළ ද  ශ්‍රී ලංකාවේ ගොඩනගා ඇති පූජනීය ස්ථාන 20,000කට ආසන්න සංඛ්‍යාවෙන් බෞද්ධ විහාර 10,089ක්, හින්දු කෝවිල් 7,630ක්, ක්‍රිස්තියානි දේවස්ථාන 2,066ක් සහ මුස්ලිම් දේවස්ථාන 2,452ක් ඇති බව හැමෝම අමතක කර දමා ඇතැයි එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය පෙන්වා දෙන්නේය. ආගමික සිද්ධස්ථාන ගොඩ නගා ගෙන ඇති ආකාරය අනුව ශ්‍රී ලංකාව  ආගමික නිදහස කප්පාදු කරන බවට කරන චෝදනා සාධාරණ දැයි ඇය ප්‍රශ්න කර සිටියාය.

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, නිදහසින් පසු අනුප්‍රාප්තික ශ්‍රී ලංකා රජයන් විසින් සපයන ලද පොදු පහසුකම් හා දශක ගණනාවක් තිස්සේ එහි ජනතාව වෙනුවෙන් කරන ලද ශක්තිමත් ආයෝජනයන්ට ස්තූති වන්නට විශිෂ්ට දක්ෂතා දැක්වූ ශ්‍රී ලාංකිකයන් ඇගයීම සඳහා ඉකුත් දා පැවැති උත්සවයකදී මහ කොමසාරිස්වරිය මේ බව සඳහන් කළාය. 

එහි දී ඇය පෙනවා දුන්නේ  ශ්‍රී ලංකාවේ යථාර්ථය පිළිබිඹු කිරීමට, ශ්‍රී ලංකාව පිළිබඳ පවත්නා බටහිර හැඟීම් අසමත් වන බවයි. ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තරුණ තරුණියන්ගේ මනස වෙනස් කිරීම සඳහා දරන ලද දරුණු ප්‍රයත්න විශේෂයෙන් තැතිගන්වන සුළු වන අතර, ඒ පිළිබඳව අප සැවොම සැලකිලිමත් විය යුතු බව ඇය පැවසුවාය.

අවම සම්පත් තිබිය දී ද ශ්‍රී ලංකාව සිය සිත් ඇදගන්නා සුළු සමාජ සංවර්ධන දර්ශක ළඟාකර ගැනීමට සමත් වී ඇත. එක්සත් රාජධානියේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයෙන් 10% ට වඩා අඩු වුවද, ශ්‍රී ලංකාව රෝගීන් 1000කට එක් වෛද්‍යවරයකුගේ අනුපාතය සහ ගුරු ශිෂ්‍ය අනුපාතය 16.5ක් ලෙස පවත්වාගෙන යයි. ශ්‍රී ලංකාවේ රජයේ පාසල් 10,000කට අධික සංඛ්‍යාවක් අතරින් 6,925ක් සිංහල මාධ්‍ය පාසල් වන අතර 3,240ක් දෙමළ  පාසල් බවද මහ කොමසාරිස්වරිය පෙන්වා දුන්නාය.

ශ්‍රී ලංකා රජයන් විසින් සපයන ලද පොදු පහසුකම් හා දශක ගණනාවක් තිස්සේ එහි ජනතාව වෙනුවෙන් කරන ලද ශක්තිමත් ආයෝජනයන්ට ස්තූති වන්නට විශිෂ්ට දක්ෂතා දැක්වූ ශ්‍රී ලාංකිකයන් ප්‍රදර්ශනය කිරීම සඳහා වේදිකාවක් ආරම්භ කළේය. මෙම කටයුත්ත දියත් කරමින්, මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශක අබ්දුල් හලීම් මහතාගේ ජීවිතයේ සන්ධිස්ථාන දැක්වෙන කෙටි වීඩියෝවක් මහ කොමසාරිස් කාර්යාලය විසින් ඉදිරිපත් කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශක අබ්දුල් හලීම් මහතාගේ කියා සිටියේ තමා ආඩම්බර ශ්‍රී ලාංකිකයෙකු වන අතර, නිදහස් අධ්‍යාපනයේ සහ නිදහස් සෞඛ්‍යයේ නිෂ්පාදනයක් වන බැවින්, තමා සිය මව්බිමට ස්තූතිවන්ත වන බවයි. 2009 දී අවසන් වූ ත්‍රස්තවාදී ගැටුම හේතුවෙන් ඔහුගේ ජීවිතය එතරම් පහසු නොවූ අතර, ඔහුගේ උපන් ගම ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශයක පිහිටා තිබුණි. එසේ වුවද, ත්‍රස්තවාදී ගැටුම නොතකා ඔහුට පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා අඛණ්ඩව ප්‍රවේශ වීමට හැකි විය.

තමා ග්‍රාමීයව හැදී වැඩීම හෝ සුළුතර ප්‍රජාවකට අයත් වීම, 2009 දී ශ්‍රී ලංකා විදේශ සේවයට බැඳීම සඳහා බාධාවක් නොවූ බව හලීම් මහතා විස්තර කළේය. ඔහු එම වසරේ දී විවෘත තරඟ විභාගයකින් ශ්‍රී ලංකා විදේශ සේවය සඳහා තෝරාගත් නිලධාරීන් එකොළොස් දෙනාගෙන් එක් අයෙකු විය. ඔවුන්ගෙන් පස් දෙනෙක් දෙමළ භාෂාව කතා කරන අය වූ අතර එයින් තිදෙනෙක් මුස්ලිම්වරු වූහ. වෙනත් ආකාරයකින් පෙන්වීමට විරුද්ධවාදීන් දරන උත්සාහයන්ට ප්‍රතිවිරුද්ධ ලෙස, අධිෂ්ඨානය හා නොපසුබට උත්සාහය තිබේ නම්, යමෙකුගේ ජනවාර්ගිකත්වය හෝ සමාජ පසුබිම ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට සිය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා බාධාවක් නොවේ.