ඉන්දීය B.1.617 ඇතුළු නව වෛරස 06ක ආසාදිතයින් මෙරටින් හඳුනාගනී

ඉන්දීය B.1.617 ඇතුළු නව වෛරස 06ක ආසාදිතයින් මෙරටින් හඳුනාගනී
Spread the love

මේ වන විට ඉන්දියාව විසාලාවක් බවට පත් කරමින් පැතිර යන B.1.617 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු මෙරටින් හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

ආචාර්ය චන්දිම ජීවන්දර පැවසුවේ නිරෝධායන මධ්‍යස්ථානයකින් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත එවන ලද වෛරස් සාම්පලයකින් එම ආසාදිතයා හඳුනා ගෙන ඇති බවයි.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැඩි අවධානයට ලක්ව ඇති විනාශකාරී කොවිඩ් වෛරස් ප්‍රභේද වන දකුණු අප්‍රිකානු වෛරස් ප්‍රභේදය වන B.1.351 කාණ්ඩය ආසාදනය වූ ආසාදිතයෙකුද, නයිජීරියාවේ ව්‍යාප්ත වන B.1.525 වෛරස් ප්‍රභේදය ආසාදිතයින් (බණ්ඩාරගම සහ කොළඹ දිස්ත්‍රික්කවලින්) , ඩෙන්මාර්කය/ යුරෝපය සහ මැදපෙරදිග ව්‍යාප්තවන B.1.428 වෛරස් ප්‍රභේදය (යාපනය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින්ගේ සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණයෙන් ) සහ බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රානත්යෙන් හමුවූ B.1.1.7 නම් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් විශාල පිරිසක් ද හදුනාගත් බවයි ආචාර්ය චන්දිම ජීවන්දර වැඩි දුරටත් පවසා සිටියේ.