තවත් මිනිස් ජිවිතයක් කිඹුලෙක්ට ගොදුරු වෙයි.

Spread the love

හබරාදුව, වැලිකන්ද පාලම අසලදී කිඹුලකු විසින් 20දා පුද්ගලයකු ඩැහැගෙන ගොස් තිබේ.

කාලයක් තිස්සේ හබරාදුව කොග්ගල ඔයේ සිටින කිඹුලන් ජනතාවට තර්ජනයක් වී තිබෙන අතර මෙසේ කිඹුලා විසින් ඩැහැගෙන ගොස් ඇත්තේ හබරාදුව, හරුමල්ගොඩ බටහිර හමෝගේවත්තේ පදිංචි හැත්තෑපස් හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

ඉකුත්දා (20දා) පෙරවරුවේ බෝගහගොඩ මහජන පොළට ගොස් එළවළු රැගෙන විත් එහි තිබූ කැරට් සේදීම සඳහා ඔයට බැස ඇති මේ පුද්ගලයා දහවල් 12.30ට පමණ කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් ඇතැයි පැවැසේ.

හබරාදුව පොලිසිය සහ කිමිඳුම්කරුවන් විසින් මේ පුද්ගලයාගේ සිරුර සෙවීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව හබරාදුව පොලිසිය පවසයි.