උඩුවේ හිමියන්ට වැඩ වරදී…

Spread the love

මහජනතාව  පිඩාවට පත්වන අන්දමින් ශබ්දවිකාශන යන්ත්‍ර භාවිතා කිරීම සම්බන්දයෙන් ගොනුකොට ඇති නඩුවකට පෙනී නොසිටීම නිසා උඩුවේ ධම්මාලෝක හිමියන් වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මෙනවිය ඊයේ(20) උන්වහන්සේට විරුද්ධව  වරෙන්තු නිකුත් කලා…

පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාම විහාරස්ථානය අවට පිරිසක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙම නඩුව විභාග වේ. නඩු තීන්දුව අවසන් වනතුරු උන් වහන්සේට නියෝග කර ඇත්තේ අවට ජනතාවට හිරි හැර නොවන පරිදි උදේ 5ත් 6ත් අතර කාලය තුල ශබ්දවිකාශන යන්ත්‍ර භාවිතා කරන ලෙසයි.

අදාල නියෝගය උන්වහන්සේ විසින් නිසිආකාරව ඉටු කරනවාද යන්න  සොයා බැලී සඳහා කිරුලපන ස්ථානාධිපතිවරයාට අතිරේක මහේස්ත්‍රාත්තුමිය නියෝග කර තිබෙනවා..