ජයග්‍රහණයෙන් පසුව හේරත් කට‍අරියි….

Spread the love

කඩුලු 362ක් ලබා නවසීලන්තයේ ඩැනියෙල් විටෝරිගේ සතුව පැවති වැඩිම ටෙස්ට් කඩුලු දවා ගැනිමේ වාර්තාව බිඳ දැමීමට බංගලාදේශයට එරෙහිව පැවැති ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේදි කඩුළු 366 ක් දවා ගනිමීන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සමත් විය.
බංගලාදේශය සමග තරගය ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය හමුවකදී හෙතෙම සඳහන් කර සිටියේ ටෙස්ට් කඩුලු 400ක් සම්පූර්ණ කිරීමද තම ප්‍රාර්ථනයක් බවයි.
“මම ඉදිරියටත් රට වෙනුවෙන් ක්‍රීඩා කරල ඒ ඉලක්කයට යන්න බලාපොරොත්තු වෙනවා. එහෙත් ඒක රදා පවතින්නෙ එතෙක් මගේ ක්‍රීඩා දිවියේ පෙන්වන දක්‍ෂතාවන් අනුවයි. නායකයා ලෙසත් මම සියයට සීයක් සාර්ථක බව ඇත්ත. නමුත් තවත් ටෙස්ට් තරග කීයකට නායකත්වය දෙනවාද කියන කාරණය තීරණය වෙන්නෙ ඇන්ජලෝගෙ ආබාධිත තත්ත්වය මතයි.”
ටෙස්ට් තරගයක දෙවනුව පන්දුවට පහරදී ලකුණු 460ක ඉලක්කයක් හඹා යෑම ඕනෑම කණ්ඩායමකට ඉතා අපහසු කරුණක් බවත් ගාල්ල තණතීරුව පළමු දිනයේ සිටම දඟපන්දු යවන්නන්ට එතරම් ලොකු සහයෝගයක් ලබා නොදුන් බවත් පැවැසූ හේරත් පවසා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම නිත්‍ය දඟපන්දු යවන්නන් තිදෙනකුගෙන් තරගයට පිවිසෙන විට බංගලාදේශ පිල නිත්‍ය වේග පන්දු යවන්නන් තිදෙනකු තරගයට යොදා ගැනීමේ වරදක් නොදකින බවයි.