අරක්කු බොන්න දුන්නේ නැති නිසා උපවාසයක…

Spread the love

අද සමාජයේ එක එක අය තම තමන්ට වෙන අසාධාරණ හේතුකොටගෙන නොයෙක් නොයෙක් ආකාරයේ උද්ගෝෂණය කරනවා.. නමුත් එම උපවාසය කෙතරම් සාධාරණද කියලා මේ ලිපිය කියවන ඔයාලම තමයි තීරණය කරන්න වෙන්නේ.

කුරුවිට, එනසල්දොල ගම්මානයේ පුද්ගලයකු ලයිට් කණුවක් මතට නැග අද උපවාසයක් පවත්වා ඇත. උපවාසය පවත්වා  ඇත්තේ බිරිඳ තමාට මත්පැන් පානය කිරිමට ඉඩ නොදෙන නිසා බව ඔහු පවසනවා.

මේ  පිළිබඳව පොලිසිය දැනගැනීමෙන් පසුව ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් එම ස්ථානයට ගොස් ඔහුට කරුණු පහදා දි ඇති අතර එම පුද්ගලයාගේ බිරිඳද එම ස්ථානයට පැමිණ “ඕනතරමක් බීපන්“ යයි පවසා ඇත.

පසුව බිමට බැස්ස පුද්ගලයා යම් මානසික රෝගයකින් පෙලෙන බවට පෙනියාමත් නිසා ඔහු රෝහල් ගතකිරිමට කටයුතුකර තිබේ.