මම මුකුත්ම දන්නේ නෑ – බබා පාට් දාන මහින්දගෙන් අධිකරණයට විරෝධතා…

Spread the love

පසුගිය ජනාධිපතිවරණ සමයේ ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් තම පුද්ගලික දේපලක් මෙන් සලකමින් කටයුතු කිරිමට එරෙහිව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් කොළම වානිජ මහාධිකරණයේ පවරන ලද නඩුවකට එහි වග උත්තරකරුවන් වන පා.ම මහින්ද රාජපක්ෂ  ගාමිණි සෙනරත් සහ අමල් සේනාධිලංකාර යන විත්ති පාර්ශවය විසින් අද මූලික විරෝධතා ගොනු කර ඇති බව අපට වාර්තා වේ.

ඉකුත් ජනාධිපතිවරණය සමයේදී ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගත් ශ්‍රී ලංගම  බස් රථ වෙනුවෙන් නියමිත ගෙවීම් සිදු නොකළ බවට වගඋත්තරකරුවන් චෝදනා නගා තිඛෙන අතර එලෙස කළ යුතුව ඇති ගෙවිම රුපියල් මිලියන 142ක්. 

කෙසේවෙතත් ඉහත බස් රථ ලබාගැනිම සදහා අනුමැතිය ලබාදිම සිදුකරඇත්තේද මහින්ද රාජපක්ෂ විසින් වන බැවින් මෙම සිදුවිම යටගැසිමට මහින්ද විසින් දරනු ලබන උපක්‍රමයක් ලෙසද දේශපාලණ විචාරකයෝ මෙම සිදුවිම හදුන්වති.