ගඩාෆි නැති ලිබියාව මිහිපිට අපායක් වෙයි…(Video)

ලිබියාවේ ඇති සංක්‍රමණිකයින්ගේ අර්බුදය ඉලක්ක කර යුරෝපා සංගමය ලිබියාවේ ඇති කරන බලපෑම් සමග සිවිල් හමුදාව (militias) මෙය අවස්ථාවක් ලෙස දැකීමට ගෙන ඇත.නීතිය උදෙසා කල්ලි අතර සටන් ඇති වී ඇත. තරඟකාරීත්වය ද උද්වේගකාරියි.ට්‍රිපොලී හි ධනවත් නාගරික ප්‍රදේශයක ප්‍රතිවාදී කල්ලියක් මේ වන විටත් ලිබියාවේ මධ්‍යම ආරක්ෂාවට එකතු වී ඇත.ඔවුන් රැඳවුම් මධ්‍යස්ථානයකට යැවීම සඳහා සංක්‍රමණිකයින් කණ්ඩායමක් එකතු කර ඇත.ඒකකයේ නායක මරාද් අබ්දෙල් කති අප සමග කතා කිරීමට එකඟ වුනා.

“මෙම බලකාය පිහිටුවේ විමුක්ති අරගලයටත් කලින්අපි අපේ cellsලාට(සමාජය අතර සිවිල් වැසියන් සේ ඉදිමින් නියෝග ආ විට පමණක් ක්‍රියාත්මක වන මරාගෙන මැරෙන ත්‍රස්තයින්) දැනුවත් කළා මුඅම්මර් ගඩාෆි ගේ බලකාය එක්ක සටන් කරන්න
ඊට පස්සේ අපිව නවාසි බලකාය ලෙසින් හැඳින්වුනාඉතින් අපි ආරක්ෂක කමිටුවත් සමග එකතු වුනා.අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයෙන් අපට ලැබුණු පුහුණුවෙන් පස්සේ දැන් අපි උතුරු ට්‍රිපොලි මධ්‍යම ආරක්ෂක ශාඛාවේ කොටසක් වෙලා ඉවරයි අපිට ගර්ගරේශ් නගරය පිලිබඳ තොරතුරු ලැබුනා, එහි මුහුද දෙසට යන්න උත්සහ කරන අප්‍රිකානුවන් ඉන්නවා කියලා අපි අත්අඩංගුවට ගත් පුද්ගල සංඛ්‍යාව 441″ – මරාද් අබ්දෙල් කති

අප හා කතාකල තවත් සංක්‍රමණිකයෙක්

“මට කියන්න පුළුවන් මෙතන ඉන්න 95% විතර යුරෝපයට යාමට පිටත් වීමට උවමනා අය නෙවෙයි මේ අය රස්සාවක් හොයාගෙන, මෙහෙ ජිවත් වෙන්න ආපු අය මම දැන් ලිබියාවේ ඉන්නවා අවුරුදු දෙකක් විතර, කාර්මික ශිල්පියෙක් විදිහට සේවය කරනවාඑදා රෑ පොලිසියෙන් ඇවිල්ලා මිනිස්සුන්ට පහරදෙන්න ගත්තා. අත්අඩංගුවට ගත්තා. ඒ අපි අවුරුදු ගානක් ජිවත් වෙලා හිටපු නවාතැනක දී එයාලා දෙන්නෙක්ට කකුලට වෙඩි තිබ්බා. ලියකිවිලි ගැනවත් මොනවත් ඇහුවේ නෑ. එයාලා අපිව නිකන්ම අරගෙන ආවා.හැමෝම දන්නවා දැන් ලිබියාව කියන්නේ සාමයේ දේශයක් නෙවෙයි කියලාමේක ආරක්‍ෂිත රටක්, කිසිම ආරක්ෂාවක් නැති” – සංක්‍රමණිකයෙක්

අපිට එම සංක්‍රමණිකයාගේ කතාව තහවුරු කරගැනීමට නොහැකි වූවත්, අත්අඩංගුවට ගැනීම් සහ ප්‍රමාණය වැඩි කරගැනීම සිවිල් හමුදාවේ(militia) පිළිගැනීම(legacy) වර්ධනය කරගැනීම උදෙසා භාවිත කරන්නේ නම් එය දැනටමත් ලිබියාවේ පදිංචිව සිටින සහ රැකියා කරන දහස් සංඛ්‍යාත සංක්‍රමණිකයින්ට රැඳවුම් මධ්‍යස්ථාන වල සිර ගත වීමේ තර්ජනයක් වනු ඇත
ටශිරෝ වල ඇති කඳවුරේ සිවිල් හමුදාව(militia) විසින් සංක්‍රමණිකයින්ව මද්‍යස්ථානය වැඩිදියුණු කිරීම වැනි වැඩ වල යෙදවීමට පටන්ගෙන ඇත. අපගේ අවසන් සංචාරයේදී ඔවුන් විදුලි සම්බන්ධතාවය ලබාගනිමින් සිටි අතර මෙවර නල ජලය සහ පිරිමින් සඳහා නාන කාමර පහසුකම් ගොඩනගමින් සිටිය හ.

“අද අපිට ඔවුන්ට නෑමට පහසුකම් ලබාදෙන්න ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM) නාන කාමර වලට සැපයුම් ගෙනත් දුන්නා.සැප පහසුකම් පසෙකින් තබා, සති ගණනකින් පසුව නා ගැනීම හැකි වීම ඔවුන්ට ඉතාමත් සහනයක් වුවා.නලජලය සම්බන්ධ කිරීම කාන්තා ශාලා වලටද සිදු කෙරෙමින් පැවතුනා. මේ මිනිස්සු වෙනුවෙන් මුළු ලෝකයම වගකිව යුතුයි.ඊට වඩා දෙයක් මට කියන්න නෑ” –ටශිරෝ ආරක්ෂක නිලධාරියෙක්

“ඔයාලා මෙහෙන් පිටත් වුනාට පස්සේ, කෙනෙක් ඇවිත් ඇහුවා ඔයාලා මොනවද අපිට කිව්වේ කියලා එයාලා අපෙන් ඇහුවා හැමෝම මොනවත් නොකියා ඉඳිද්දී අපි ඇයි ඔයාලාට ඇත්ත කියන්නේ කියලා එයාලා මට විතරක් කතා කරනවා කියලා කිව්වේ නැහැ. එයාලා අපි හැමෝටමයි කිව්වේ මොනවත් කියන්න එපා කියලාමෙයාලට මොනවත් කියන්න බැහැ එයාල ඉන්නේ බය වෙලා නිසා, එත් වෙනසක් වෙනුවෙන් මම මගේ ජීවිතය පූජා කරනවා.මොකද මට ඕනේ වෙනසක්. මගේ ගෙදර අය බලන් ඉන්නවා වෙනසක් වෙනකන්. මෙහේ ඉන්න හැමෝටම ඕනේ වෙනසක්.අපි මෙහෙට කන්න, වැඩ කරන්න ආවේ නෑ. අපිට එයාලගේ විදුලිය, වතුර, කෑම ඕනේ නෑ. අපිට ඕනේ මෙහෙන් යන්න.අපිට කාගෙන්වත් ඒකට උදව් ලැබෙන්නේ නැත්නම්, අපිට මුහුද හරහා හරි යන්නයි ඕනේ.මේක අපිට මරණය වගේ. අපි මරණයට බය නැහැ. අපි එරිට්‍රියනුවෝ. අපේ මුලික ඉලක්කය යුරෝපයට යන්නයි.අපිට ඒක බැරි උනත්, අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද අපි මැරෙනවා හොඳයි මෙතන ඉන්නවට වඩා. අපි මැරුණු මිනිස්සු වගේ මෙහෙ ඉන්නේ.මම අහලා තියෙනවා ලිබියාවේ එක්සත් ජාතීන්ගේ (UN) සංවිධානයක් තියෙනවා කියලා. එත් ලිබියාවේ එහෙම එක්සත් ජාතීන්ගේ සංවිධානයක්(UN) නැහැ අපිට එක්සත් ජාතීන්ගේ සංවිධානය අවශ්‍යයි” – ටශිරෝ කඳවුරේ සිටින සංක්‍රමණික තරුණියක්.

වැඩිදියුණු කිරීම් සිදු වුනත් තවමත් මෙම කඳවුරේ තත්වය ප්‍රාථමික සහ දුෂ්කර තත්වයකයි තිබෙන්නේ. පටිගත කිරීම් සිදු කරන අතරේදීත් ඇතැම් සොල්දාදුවන් මත්ද්‍රව්‍ය බාවිත කර සිටින බවක් අපට පෙනෙන්නට තිබුනේ. සිවිල් හමුදාව (militia) රජයේ කොටසක් බවට පත් වන්නේ නම් තව තවත් විශාල සංක්‍රමණික සංඛ්‍යාවකගේ අනාගත ඔවුන්ගේ අතට පත්වනු ඇත. සිවිල් හමුදා(militia) නායක මර්ජික් ශරුඩර් ගෙන් විමසීමක් කළා, මෙයින් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා.

“මම අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා මොහොමඩ් ශඉටර් මහතා මුණගැසුනා.ඔහුට කිව්වා මොවුන් සිටින්නේ මගේ පාලනය යටතේ කියලා.මෙම ගැටලුවේ සම්පූර්ණ පාලනය මගේ යටතට අවශ්‍ය බවත් පැවසුවා.අපට ගුවන් තොටුපළවල්, දේශ සීමා සහ ලිබියාව පුරා සේවය කිරීමට ඉඩ ලබා දිය යුතුයි.අපට උවමනා තැන් වලට අපට යාමට ඉඩ දිය යුතුයි, ලිබියාවේ මිනිස්සුන්ට සේවය කිරීමට ඉඩ දිය යුතුයි. අපේ රටට සහ රටේ ජනතාවට සේවය කිරීමට අපට කාගෙවත් අවසරයක් අවශ්‍ය නෑ” –සිවිල් හමුදා(militia) නායක මර්ජික් ශරුඩර්

කඳවුරෙන් පිටව යාමට මත්තෙන් අපට එයින් එලියට යා ගැනීමට සමත් වූ රැඳිවියක් සමග සම්බන්ධ වීමට හැකි වුවා‍ෙඔහු පැවසු ආකාරයට සිවිල් හමුදාව(militia) ඔහුව සහ තවත් දුසිම් දෙකක් පමණ ජාවාරම් කරුවෙකුට ඩොලර් 26,000කට විකුණා තිබෙනවා. ඉන් පසුව ජාවාරම් කරුවන් ඔහුගේ නිදහස වෙනුවෙන් ඔහුගේ පවුල අදාළ මුදල ගෙවන තෙක් ඔහුව සිරගත කර තබාගෙන තිබෙනවා. සරණාගතයින් සහ සංක්‍රමණිකයින් කොතරම් විශාල ලෙසට වෙළඳ භාණ්ඩයක් බවට පත් වී ඇත්ද යන්න එයින් අවධාරණය වේ.අපි පිට වීමට පෙර, සිවිල් හමුදාව(militia) විසින් සංක්‍රමණිකයින්ව කම්කරු සේවයට යෙදවීමට පුහුණු කරන බවත් ඔහු අපට පැවසිය. කඳවුරෙන් පැනයාමට උත්සාහ කල පිරිමි අයට දුටු තැනදීම මරණය වූ අතර ගැහැණු අයට වධ දීම සිදු කෙරේ.ලිබියාවේ ස්ථාවරත්වය සඳහා අභ්‍යන්තර සටන් සිදු වන අතර සිවිල් හමුදාව(milita) විසින් දේශපාලනික සහ ව්‍යාපාරික අවස්ථා අහුරමින් සිටියි. පෙනී යන්නේ සිවිල් හමුදාව(militia) විසින් සරණාගතයින්ගේ අයිතිය යටත් කරගෙන මෙම මිනිසුන්ව ඔවුන්ගේ බලය ලබා ගැනීමේ ද්වේශ සහගත උත්සාහයන් වෙනුවෙන් යොදා ගන්නා බවයි.