අද සිට කාලගුණය වෙනස් වේ… සීතල අඩුවේ… දිවයින පුරා වැසි

අද සිට කාලගුණය වෙනස් වේ… සීතල අඩුවේ… දිවයින පුරා වැසි

අද (9 ) සිට  වියළි සහ ශීතල කාලගුණයේ වෙනසක් බලාපොරොත්තු වන බවත් ඒ අනුව ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පැතුම් පැස්කුවල් මහතා පැවසීය.
 
මීට අමතරව උතුරුමැද සහ ඌව පළාතේ සහ මාතලේ, මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත‍්‍රික්කවලත් වැසි  ඇතිවන අතර සෙසු පළාත්වලද පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ඔහු සඳහන් කළේය.බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වල උදය කාලයේ මිහිදුම් තත්ත්වයක් ද  බලාපොරොත්තු විය හැකි බව ද මේ දිනවල දිවයිනේ ප‍්‍රදේශ රැසකට බලපා ඇති දැඩි ශීත කාලගුණ තත්ත්වයේ අඩුවක් ද අද සිට බලාපොරොත්තු වන බව ඔහු කියා සිටියේය. 
 

 

Post Comment