මැතිවරණ නීති රීති උල්ලංඝනය කල පොහොට්ටුවේ මඩුල්ල නාම යෝජනා පත්‍රයට එරෙහිව රීට් පෙත්සමක්

මැතිවරණ නීති රීති උල්ලංඝනය කල පොහොට්ටුවේ මඩුල්ල නාම යෝජනා පත්‍රයට එරෙහිව රීට් පෙත්සමක්

පළාත් පාලන මැතිවරණයේදී  මොණරාගල මඩුල්ල ප‍්‍රදේශීය සභාවට තරඟ වැදීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්  ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුවේ විදුහල්පතිවරයෙක් නම් ලබා දීම මගින් මැතිවරණ නීති රීති උල්ලංඝනය කර ඇති බැවින් එම පක්ෂයේ නාමයෝජනා පත‍්‍රය අහෝසි කර එම ප‍්‍රාදේශීය සභාව සඳහා මැතිවරණය පැවැත්වීම අහෝසි කරන නියෝගයක්  නිකුත් කරන්නැයි ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ඇතුළු පස්දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (11) රිට් පෙත්සමක්  ගොනු කළේය.

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය , සහ එම කොමිසමේ සාමාජිකයින් තිදෙනා , දිස්ත‍්‍රික් තේරීම්බාර නිලධාරී , එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ , පොදු ජන පෙරමුණ පක්ෂ ලේකම්වරුන් සහ නීතිපති  නම් කරනු ලැබ සිටින අතර පෙත්සම ගොනු කරනු ලැබුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර , අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා , සමන් පේ‍්‍රමජිත් වික‍්‍රමආරච්චි , දිසානායක මුදියන්සේලාගේ අරුණසිරි සම්පත් කරුණාරත්න ,දිසානායක මුදියන්සේලාගේ මුණසිංහ නැමැත්තන්ය.

 

Post Comment