අද (21) රාත්‍රී 11.00න් පසු මැයි මැයි 25 වැනි අගහරුවාදා අළුයම 04.00 දක්වා දිවයින පුරා අඛණ්ඩව සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ රජය විසින් අද (21) ප්‍රකාශයට පත්කළා.
- සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ ඔසුසැල් විවෘතව තැබෙන අතර අවශ්‍යතාව අනුව පුද්ගලයින්ට ආසන්නතම ඔසුසැල හෝ රෝහල වෙත ගමන් කළ හැකිය.
- බේකරි විවෘතව තැබෙන අතර ජංගම රථ මඟින් බේකරි නිෂ්පාදන බෙදාහැරීමට අවසර හිමි වේ.
- 24 සහ 25 දිනවල දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන අතර එළවළු, පලතුරු ආදීය ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමට සහ රැගෙන යාමට පැමිණෙන පිරිස් වෙත බලපත්‍රයක් අවශ්‍ය නැත (මේ බව ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය)
- ජංගම රථ මඟින් භාණ්ඩ, එළවළු, පලතුරු ආදිය අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබාගැනීමෙන් තොරව අවසර හිමි වේ.
- ඇණවුම් මත පිසු ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට ආපන ශාලාවලට අවසර හිමි වේ.
- තොග වශයෙන් එළවළු පලතුරු අලෙවි කරන ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් මැයි 24 සහ 25 දිනවල දී ද මැයි 27 සහ 28 දිනවල දීද විවෘතව තැබීමට නියමිතය.
- දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය, කැප්පෙටිපොළ, වේයන්ගොඩ, මීගොඩ සහ ඇඹිලිපිටිය යන ආර්ථික මධ්‍යස්ථාන පමණක් එම දිනවල විවෘතව පවතී.