හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් 100ක් පුරා ඇමෙරිකානු ජනාධිපතිවරුන් විසින් පවත්වා ගෙන ගිය සුන්දර සම්ප්‍රදායක් බිද දැමුවා. ඒ තමයි සුරතල් සතෙකු ඇති නොකිරීම. ට්‍රම්ප් ඇමෙරිකානු ජනතාව සහ ලෝකය, විශේෂයෙන් චීනය සමග සෙල්ලම් කළ නිසා සුරතල් සතෙක් අවශ්‍ය නොවන්න ඇති !
ඒත් නව ජනපති බිඩෙන් සුරතල් සතුන් එකෙක් නොව දෙන්නෙක්ම ධවල මන්දිරයට රැගෙන ආවා. මේ සමග ලෝකයේ අවධානය ධවල මන්දිරයේ සුරතල් සතුන් දෙස යොමු වුණා. ඒ නිසා බී.බී.සී ය 1922 සිට 2021 දක්වා ධවල මන්දිරයේ ජනප්‍රිය සුරතල් සතුන් ගැන ඡායාරූප විශේෂාගයක් පළ කළා. මේ ඒ ඡායාරූපමය විශේෂාංගය.
බී.බී.සී. වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ