එංගලන්තයට කඩුළු 07ක පහසු ජයක්

එංගලන්තයට කඩුළු 07ක පහසු ජයක්
Spread the love

ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් අද (18) එංගලන්ත කණ්ඩායම කඩුළු 07ක ජයග‍්‍රහණයක් වාර්තා කළා. ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස එංගලන්තය පෙරමුණ ගෙන තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දුන් අතර පිතිකරුවන් දැක්වූ දැඩි අසාර්ථකත්වය හේතුවෙන් පළමු ඉනිම ලකුණු 135කට සීමා වුණා. පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 421ක් රැස් කළ අතර ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සහ පන්දු රකින්නන්ගේ දුර්වලතා මෙහිදී කැපී පෙනුණා.

සිය දෙවැනි ඉනිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලද සාර්ථක්වය සහ වසර 08කට පසු ළහිරු තිරිමාන්න වාර්තා කළ ශතකය -111 හේතුවෙන් ඉනිමක පරාජයෙන් බේරී ලකුණු 359ක් රැස් කිරීමට ශ‍්‍රී ලංකාවට හැකි වුණා.

ජයග‍්‍රහණය වෙනුවෙන් ශ‍්‍රී ලංකාව ලබා දුන් ලකුණු 74ක පහසු ඉලක්කය හඹාගිය එංගලන්ත කණ්ඩායම අද (18) දින පෙරවරුවේදී කඩුළු 03කට ජයග‍්‍රාහී ලක්කය පසුකළා.