එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු කිහිපයක් සඳහා පුද්ගලයින් නම් කිරීමට අද (13) රැස් වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව පාලිත රංගෙබණ්ඩාර මහතා මහලේකම්වරයා ලෙස ද, අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂයේ සහකාර නායකයා ලෙස ද, වජිර අබේවර්ධන මහතා සභාපති ලෙස ද, ඒ.එස්.එම් මිස්බාහ් මහතා භාණ්ඩාගාරික ලෙස ද පත්කර තිබෙනවා.