සයිබර් අපරාධ යනු වර්තමානයේ ලෝකය පුරාම කාන්තාවන් සහ ගැහැනු ළමුන් මුහුණ පාන සුලභ සහ අති බිහිසුණු අපරාධය බවට පත්ව ඇත. මේ සයිබර් අපරාධ හඳුනා ගැනීම, එයින් වැළකීමට ගත හැකි ප‍්‍රවේශ සහ සයිබර් අපරාධ සම්බන්ධ නීතිය පිළිබඳ දැනුවත් කෙරෙන ලිපි මාලාවේ දෙවැනි කොටසයි
සයිබර් අපරාධවලින් දැඩි සේ වින්දිතභාවයට හෝ අපයෝජනයට ලක්වන්නේ කාන්තාවන් සහ ගැහැනු ළමුන් බව සමාජ විද්‍යාඥයින්ගේ අදහසයි. මෙහිදී ඔවුන් පෙන්වා දෙන්නේ බොහෝ විට කාන්තාවන් සමාජ සම්බන්ධතා ජාල මගින් සිය පවුලේ සමීපතමයින් සහ මිතුරු මිතුරියන් සමග විවිධාකාරයේ සම්බන්ධතා පැවැත්වීමට දැඩි නැඹුරුවක් සහ රුචියක් දක්වන බැවින් සයිබර් අපරාධකරුවන්ගේ පහසු ගොදුරක් බවට පත්වන බවයි. විශේෂයෙන් කාන්තාවන් සිය ඡුායාරූප සහ අතිෂය පෞද්ගලික තොරතුරු පවා සමාජජාලා තුුුළ හුවමාරු කර ගැනීම, තෑගි බෝග යැවීම ඇතුළු නිරන්තරයෙන් සිදුකරන ක‍්‍රියාකාරකම් සයිබර් අපරාධවලට ගොදුරු වීමට පහසු අවස්ථාවක් නිර්මාණය වන බව සමාජ විද්‍යාඥයින්ගේ විසින් හඳුනා ගෙන ඇත.
මේ තත්ත්වය තුළ සයිබර් අපරාධකරුවෝ වඩාත් සක‍්‍රීයභාවට පත් වන අතර විශේෂයෙන් කාන්තාවන් සයිබර් අවකාශය තුළ වඩාත් නිරාවරණය වූ කොටස බවට පත් වෙති. උදාහරණයක් ලෙස බොහෝ කාන්තාවන් සමාජ මාධ්‍ය ජාල හරහා හඳුනා ගන්නා පුද්ගලයින් සමග පේ‍්‍රම සම්බන්ධතා ආරම්භ කර ගැනීම හෝ තම පෙම්වතා සමග සමාජ මාධ්‍ය තුළ සංවාදය, ඡුායාරූප හෝ වීඩියෝ හුවමාරු කර ගැනීම නිරන්තර පුරුද්දක් වශයෙන් කරති. මෙවැනි අවස්ථාවක සයිබර් අපරාධකරුවන්ට අදාළ කාන්තාවන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔවුන්ගේ පුද්ගලික තොරතුරු ලබා ගැනීමට හැකියාව ලැබේ. විශේෂයෙන් සමාජමාධ්‍ය හරහා තම ඡුායාරූප ඇතුළු අතිෂයින් පුද්ගලික තොරතුරු හුවමාරු කර ගන්නා පෙම්වතියන් අදාළ පේ‍්‍රම සම්බන්ධතා බිඳ වැටුණු විට සයිබර් අපරාධවල පහසු ගොදුරක් බවට පත් වන අවස්ථා නිරීක්ෂණය කළ හැකිය.
මේ අතර සයිබර් විශේෂඥයින් සහ සමාජ විද්‍යාඥයින් විසින් සයිබර් අවකාශය තුළ සිදුවන තවත් දැවැන්ත සයිබර් අපරාධයක් දෙය සමාජයේ අවධානය යොමු කරති. ඒ අන්තර්ජාලය හරහා සිදුවන ලිංගික වෙළෙඳාම සහ ලිංගික සූරාකෑමයි. මෙය සයිබර් අවකාශය කාන්තාවන්ට එරෙහිව ක‍්‍රියාත්මක වන දරුණුතම අවස්ථාව වශයෙන් ඔවුහු හඳුන්වා දෙති.
සයිබර් අවකාශයට නිරාවරණය වන දරුවන්, විශේෂයෙන් ගැහැනු දරුවන් සම්බන්ධ තත්ත්වය ද කාන්තාවට නොදෙවෙනි බව හඳුනා ගෙන ඇත. තම අධ්‍යාපන කටයුතු සඳහා මෙන්ම ක‍්‍රීඩාවක් වශයෙන් ද මිතුරු – මිතුරියන් සමග වඩාත් සමීප සම්බන්ධතා පවත්වා ගෙන යාමේ මාධ්‍යයක් වශයෙන් ද සමාජජාලා භාවිත කරන ගැහැනු ළමුන් සේම පිරිමි දරුවන් ද සයිබර් අවකාශය හරහා බහුල වශයෙන් හුවමාරු වන ලිංගික ප‍්‍රකාශන, නිරුවත් ඡයාරූප හෝ ලිංගික ක‍්‍රියා ඇතුළත් ඡුායාරූප හෝ වීඩියෝ පට සඳහා යොමු වීමේ සුලභ අවදානමක් ඇත. ඒ අතර ඉතාමත් සංවිධානාත්මක ආකාරයෙන් විවිධ විෂම පුද්ගලයින් සයිබර් අවකාශය හරහා දරුවන් සමග නොමනා සම්බන්ධතා ඇති කර ගැනීමේ ප‍්‍රවණතාවක් මේ වන විට පවතින අතර දරුවන් එහි ගොදුරු බවට පත්වීම ද සුලභ බව හඳුනා ගෙන ඇත. මේ තත්ත්වය තුළ දරුවන් ද සයිබර් අවකාශය තුළ වින්දිතයින් බවට පත්ව හුදකලාව සිටිනු දැකිය හැකි වන්නේ බොහෝ දරුවන් මේ පිළිබඳව තම වැඩිහිටියන් දැනුවත් කිරීමට තබා තමන්් සයිබර් අපරාධකරුවන්ගේ ගොදුරක් බවට පත්ව සිටින බව පවා නොදන්නා නිසාය. මේ තත්ත්වය සයිබර් අපරාධරුවන්ට පහසු ගොදුරු බිමක් නිර්මාණය කරන බව සමාජ විද්‍යාඥයින්ගේ අදහසයි.
සයිබර් අපරාධවලට පෙළඹීම
සයිබර් අපරාධවලට පුද්ගලයින් පෙළඹෙන හේතු මොනවාදැයි සමාජ විද්‍යාඥයින් සහ අපරාධ විද්‍යාඥයින් විසින් මේ වන විට නිවැරදි ලෙස හඳුනා ගෙන ඇත. ඒ අනුව ප‍්‍රමුඛතාව අනුව එවැනි හේතු හතරක් ඔවුුහු ඉදිරිපත් කරති.
1 මූල්‍යමය වාසි
2 සයිබර් අවකාශය තුළ නිර්ණාමිකව සහ අතථ්‍ය ලෙස පෙනී සිටීම
3 අත්හදා බැලීම
4 පළිගැනීම
සයිබර් අපරාධවලට පුද්ගලයින් පෙළඹවන ප‍්‍රමුඛ හේතුව, එසේ නැතහොත් සයිබර් අපරාධවලින් සියයට 98ක් ම සිදු කිරීමට පුද්ගලයින් පෙළඹවන්නේ මූල්‍යමය වාසි බව හඳුනා ගෙන ඇත. විශේෂයෙන් අන්තර්ජාලය ඔස්සේ සිදුවන කාන්තාවන් සහ දරුවන් පිළිබඳ ලිංගික වෙළෙඳාම සහ සූරාකෑම මූල්‍යමය වාසි සඳහාම සිදු වේ.
නිර්ණාමිකව සහ අතථ්‍ය ලෙස පෙනී සිටීමට සයිබර් අවකාශය තුළ ඉඩ සැලසන බැවින් එය ප‍්‍රයෝජනයට ගනිමින් සයිබර් අපරාධ සිදු කිරීමට පුද්ගලයින් දිරිමත් වන බව සමාජ විද්‍යාඥයින්ගේ අදහසයි. මේ නිර්නාමික / අතථ්‍ය ලෙස පෙනී සිටීම තුළ ඇතැම් විට තම අතිෂය සමීපතමයින් පවා සයිබර් අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත් වූ සිදුවීම් ලංකාව ඇතුළු බොහෝ රටවල්වලින් වාර්තා වීම මේ වන විට සුලභ තත්ත්වයක් බවට පත්ව ඇත.
සයිබර් අපරාධවලින් සුළු ප‍්‍රතිශතයක් අත්හදා බැලීමක් වශයෙන් සයිබර් අපරාධවල නිරත වන බව හඳුනා ගෙන ඇත. අධ්‍යාපනය ලබාදීමෙන් සහ උපදේශනය මගින් මේ තත්ත්වය වළක්වා ගත හැකි බව පෙන්වා දෙන සමාජ විද්‍යාඥයෝ දරුවෝ ඇතැම් විට ස්වභාවික කුතුහලය නිසා තම ඡුායාරූප හෝ වීඩියෝ අන් අය සමග බෙදා ගැනීමට තැත් කිරීමෙන් ඔවුන් සයිබර් අපරාධකරුවන්ගේ පහසු ගොදුරක් වන බව පෙන්වා දෙති.
සයිබර් අපරාධවල තවත් බිහිසුණු සහ සුලභ පැතිකඩක් පළිගැනීම හේතුවෙන් සිදු කරන සයිබර් අපරාධ මගින් හෙළි වේ. පෙම් සබඳතා බිඳ වැටීම සිදු වූ විට බහුල වශයෙන් කාන්තාවන් සහ ගැහැනු ළමුන්ගේ ඡුායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කිරීම හෝ සැබවින්ම ඒවා මුදා හැරීම මුළු ලෝකය පුරාම සයිබර් අවකාශය තුළ සිදුවන සුලභ අපරාධයක් බවට පත්ව ඇත.
සුලභ සයිබර් අපරාධ වර්ග
කාන්තාවන්ට සහ ළමුන්ට එරෙහිව සුලභ වශයෙන් සිදුවන සයිබර් අපරාධ වර්ග 07ක් සමාජ විද්‍යාඥයින් විසින් හඳුනා ගෙන ඇත.
1 ඉලෙක්ට්‍රොනික තැපෑල මගින් කෙරෙන අඩන්තේට්ටම්
2 සයිබර් අවකාශය හරහා රහසේ ලූහුබැඳීම
3 සයිබර් ආශ‍්‍රිත කාමෝද්දීපන නිරුවක් ප‍්‍රකාශන
4 සයිබර් අවකාශය ආශ‍්‍රිත නොමනා ක‍්‍රියා
5 අපහාස කිරීම
6 මෝෆිං
7 විද්‍යුත් ලිපි ස්පූෆිං
1 ඊමේල් මගින් කෙරෙන අඩන්තේට්ටම් නව සංකල්පයක් වශයෙන් සැලකිය නොහැකි බව සමාජ විද්‍යාඥයින්ගේ අදහසයි. ඔවුන් පෙන්වා දෙන ආකාරයට එය දීර්ඝ කාලයක් පුරා සිදු වූ සාමාන්‍ය තැපැල් ලිපි මගින් ද සිදුවිය හැකි හිරිහැර හෝ අඩන්තේට්ටම් කිරීම්වලට අතිෂය සමීපය. මෙහිදී අවමාන, තර්ජන, අයුතු බලපෑම් සහ වංචා කිරීම් යනාදිය සුලභ වශයෙන් සිදුවන බව හඳුනා ගෙන ඇත. සයිබර් අතවර / අඩන්තේට්ටම් ලිපි මගින් කෙරෙන අතවරවලට සමාන වුව ද ව්‍යාජ හැඳුනුම්පත් යොදා කෙරෙන සටහන් හේතුවෙන් බොහෝ විට ප‍්‍රශ්න රැුසකට මුහුණපෑමට සිදුවේ.
2 සයිබර් අවකාශය හරහා රහසේ ලූහුබැඳීම යන්නෙන් අදහස් වන්නේ වින්දිතයා නිතර නිතර පරිහරණය කරන අන්තර්ජාල දැන්වීම් පුවරු, චැට් කාමර යනාදියෙහි බොහෝ විට තර්ජනාත්මක පණිඩුඩ සටහන් කිරීම සහ වින්දිතයා ඉලෙක්ට්‍රොනික හසුන් මාලා මගින් වෙහෙසට පත් කිරීම වැනි ක‍්‍රියා මගින් අන්තර්ජාලය පුරා කෙනෙකු යන එන ස්ථාන අනුව පසුපස යාමයි. පුරුෂයින් සෝදිසියෙන් කාන්තාවන් පසුපස යෑමෙන් ද වැඩිහිටි ගොදුරු සොයන්න වුන් හෝ ලාබාල දරුවන් කෙරේ කාමාශාවෙන් පෙළෙන්නවුන් විසින් ද දරුවන් පසුපස යෑමෙන් හෝ මෙම තත්ත්වය නිර්මාණය වේ. මෙහිදී වැඩි වශයෙන් මෙම අපරාධකරුවන්ගේ පහසු ගොදුරු බවට පත් වන්නේ කාන්තාවන්, ළමුන් සහ චිත්තවේගී දුබලකම් ඇති අය හෝ අස්ථාවර අය බව හඳුනා ගෙන ඇත.
3 සයිබර් අපරාධවල පහසු සහ වඩාත් පුළුල් ව්‍යාප්තියක් ඇති ප‍්‍රභේදය වශයෙන් සයිබර් අවකාශය ආශ‍්‍රිත කාමොද්දීපන නිරුවත් ප‍්‍රකාශන සැලකිය හැකිය. කාමෝද්දීපන නිරුවත් ප‍්‍රකාශන සහිත වෙබ් අඩවි මීට අයත් වන අතර පරිගණක සහ අන්තර් ජාල යොදා ගනිමින් නිෂ්පාදනය කරන ල කාමෝද්දීපන නිරුවත් ප‍්‍රකාශන අඩංගු සඟරා ආදිය මේ අතර වේ. මෙම ප‍්‍රකාශන බාගත කිරීමේදී එමගින් සිදුවන ඍජු හානියට අමතර වශයෙන් මැල්වෙයාර් වෛරස් යනාදිය ද පහසුවෙන් අදාළ ප‍්‍රකාශන සමග බාගත වීමට වැඩි අවකාශයක් ඇති බව හඳුනා ගෙන ඇත.
4 සයිබර් ආශ‍්‍රිත නොමනා ක‍්‍රියා වශයෙන් හඳුන්වන්නේ දරුවෙකු, පෙර යොවුන් වියේ කෙනෙකු තවත් එවැනිම කෙනෙකු විසින් අන්තර්ජාලය ඔස්සේ අන්තර් ක‍්‍රියා හෝ ඩිජිටල් තාක්ෂණය ඇසුරෙන් වද දීම, තර්ජනය කිරීම, හිරිහැර කිරීම, අවමන් කිරීම, අපහසුතාවට පත් කිරීම හෝ වෙනත් අතවරවලට භාජනය කිරීම සයිබර් අයුතු බලපෑමක් කිරීමයි.
5 පරිගණකය හෝ අන්තර්ජලය මගින් අපහාස කිරීම ද සයිබර් අපරාධ අතර සුලභ අපරාධ වර්ගයක් වශයෙන් හඳුනා ගෙන ඇත.
6 ‘‘මෝෆිං’’ යනුවෙන් හැඳින්වෙන්කේ අසම්මත පරිහරණය කරන්නකු හෝ ව්‍යාජ අනන්‍යතාවක් ඇති අයෙකු හෝ ඡුායාරූපයක් සංස්කරණය කිරීමයි. කාන්තාවන්ගේ ඡුායාරූප මෙහිදී බහුල වශයෙන් මෝෆිං කිරීමට ලක්වේ. පරිගණක භාවිත කරන ව්‍යාජ පුද්ගලයින් විසින් කාන්තාවන්ගේ ඡයාරූප සංස්කරණය කිරීමෙන් පසු (බොහෝ විට නිරුවත් ඡයාරූප ලෙස සංස්කරණය කර ) වෙනත් අය සේ ව්‍යාජ තොරතුරු සමග වෙනත් වෙබ් අඩවිවල සටහන් කෙරෙන බව හඳුනා ගෙන ඇත. වර්තමානයේදී කාන්තාවන් බහුල වශයෙන් මෙම සයිබර් අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත්වන අතර ඇතැම් ජනප‍්‍රිය හා බලවත් පුද්ගලයින් ද මෝෆිං ගොදුරු බවට පත්වන බවක් හඳුනා ගත හැකිය.
7 කාන්තාවන් වින්දිතයින් බවට පත්වන තවත් සුලභ සයිබර් අපරාධයක් වශයෙන් විද්‍යුත් ලිපි ස්පූෆිං හඳුනා ගෙන ඇත. මෙනමින් අදහස් වන්නේ විද්‍යුත් ලිපියක මූලාරම්භය වරදවා විස්තර කිරීමය. එහි නියම ආරම්භයට වෙනස් වූ ආරම්භයක් පෙන්වීම සුලභම තත්ත්වය වේ. නිදසුනක් ලෙස තමා ‘‘සී’’ බව හඟවමින් ‘‘ඒ’’ විසින් ‘‘බී’’ට විද්‍යුත් තැපෑලක් යවනු ලැබේ. මෙහිදී විද්‍යුත් තැපෑල යවන්නා තමාගේ නියම අනන්‍යතාව සඟවන අතර වෙනත් පුද්ගලයෙකුගේ අනන්‍යතාවක් ආරෝපණය කර ගැනීම සිදුවේ.
කාන්තාවන් මෙහිදී වින්දිතයින් බවට පත්වන සුලභ අවස්ථාවක් වන්නේ ඇතැම් පිරිමින් විසින් තමාගේ අසභ්‍ය ඡුායාරූපයක් ඊමේල් ඔස්සේ කාන්තාවකට යවා ඇයගේ රුව වර්ණනා කොට ඇයගෙන් හමුවීමට දිනයක් හෝ ඇයගේ සේවාවන් සඳහා කොපමණ මුදලක් අය කරන්නේ ද යන්න විමසීමයි.
අක‍්‍රිය සහ සක‍්‍රිය සයිබර් අපරාධ
ඉහතින් සඳහන් කළ සුලභ සයිබර් අපරාධවලට අමතරව සයිබර් අපරාධකරුවන් විසින් කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහිව අක‍්‍රිය හෝ සකී‍්‍රය ප‍්‍රහාරයන් එල්ල කිරීමට ද ඉඩ ඇතැයි හඳුනා ගෙන ඇත.
මෙහිදී අක‍්‍රිය සයිබර් ප‍්‍රහාර වශයෙන් නිර්වචනය වන්නේ නීති විරෝධී ක‍්‍රියාවකට සහාය වීමට හෝ වැඩි දියුණු කිරීමට පරිගණකයක් යොදා ගැනීමට යමෙක් උත්සාහ කිරීමයි. අක‍්‍රිය පහරදීම් බහුල වශයෙන් දත්ත සොරකම් කිරීම කෙරෙහි යොමු වන අතර ‘‘ස්ටෝකිංවලට’’ සමාන අක‍්‍රිය පහරදීම් පරිගණක හෝ අන්තර්ජාලය භාවිත කරන්නන්ගේ තොරතුරු එක් රැුස් කිරීමෙන් ආරම්භ වේ. තොරතුරු එක්රැුස් කිරීමෙන් පු නියම පහරදීම ඩිජිටල් කේෂ්ත‍්‍රය තුළ හෝ ඉන් බැහැරව සිදුවිය හැකිය. ඍජු අන්තර් ක‍්‍රියාවෙන් තොරව හිංසා කිරීමේ අරමුණින් තොරතුරු යොදා ගන්නා හෙයින් එය අපරාධයක ප‍්‍රාරම්භක අවස්ථාවක් සේ සයිබර් අපරාධ විශේෂඥයින් විසින් හඳුන්වනු ලැබේ.
සක‍්‍රිය ප‍්‍රහාරයක් හෝ අපරාධයක් වන්නේ යමෙකු අපරාධ කිරීමට පරිගණකයක් උපයෝගී කර ගැනීමෙන්, එනම් ආරක්ෂිත පරිගණක පරිශ‍්‍රයකට හෝ විද්‍යුත් සංදේශ උපකරණයකට අනවසරයෙන් ප‍්‍රවේශයක් ලබා ගැනීමයි. සක‍්‍රීය ප‍්‍රහාර පද්ධතියෙහි දෝෂ හෝ හුදු ශක්තිය මගින් හානි කිරීමට උත්සාහ ගැනීම මගින් සිදුවේ. වින්දිතයාගේ පරිගණකයෙහි වේගය හීන වන පරිදි, නවතින පරිදි හෝ සම්පූර්ණයෙන්ම කඩා වැටෙන සේ දැරිය නොහැකි තරම් වැඩි බර පැටවීමට ද සක‍්‍රීය ප‍්‍රහාර මගින් උත්සාහ දරනු දැකිය හැකියි.
සක‍්‍රීය ප‍්‍රහාර හෙවත් අපරාධ තවත් අංශ රැසක් තුළ ක‍්‍රියාත්මක වේ.
උදාහරණයක් ලෙස යමෙකුට විශාල මුදලක් දිනා ඇති බව හෝ ශිෂ්‍යත්වයක් දිනා ඇති බව දන්වමින් තවත් කෙනෙකු විසින් විද්‍යුත් ලිපියක් එවීම වැනි ව්‍යාජ පරිගණක කාර්යයක් හෝ විය හැකිය. මෙවැනි දැන්වීමක් මගින් අපරාධකරු විසින් අදාළ පුද්ගලයාගේ පුද්ගලික තොරතුරු ද සපයන මෙන් ඉල්ලීමක් කරයි නම් එය සක‍්‍රීය ප‍්‍රහාරයක් හෙවත් සක‍්‍රිය සයිබර් අපරාධයක් වශයෙන් සැලකිය හැකිය. පරිගණක අපරාධවල මෙම අංශය සමාජ සම්බන්ධතා ජාලගත කිරීම් යටතට අයත් වේ. ඇතැම් විටෙක පරිගණක අපරාධ සඳහා ව්‍යාජ තොරතුරු සත්‍ය තොරතුරු සමග මුසු කර භාවිතා කරනු ද දැකිය හැකිය. විශේෂයෙන් කාන්තාවන් සහ දරුවන්ගේ ව්‍යාජ පුද්ගලික තොරතුරු සත්‍ය ඒවා සේ ඉදිරිපත් කරනු සුලභව දැකිය හැකිය. එවැනි අවස්ථාවලදී අපරාධයක් කිරීමට පරිගණකය සක‍්‍රිය ලෙස භාවිත වේ. මේ තත්ත්වය නිදසුනක් මගින් පැහැදිලි කරන්නේ නම්, පිරිමියෙකු ගැහැනු දරුවෙකු සේ පෙනී සිටි වෙනත් ගැහැනු දරුවෙකු හා මිත‍්‍රත්වයක් ගොඩනගා ගෙන ඇය පිළිබඳ සියලූ පුද්ගලික තොරතුරු ලබා ගැනීම දැක්විය හැකිය. ඔහු මේ අවස්ථාවේදී සක‍්‍රිය කායික ක‍්‍රියාවක් මගින් පරිගණක අපරාධයක් කරනු බව සැලකිය හැකිය.
සයිබර් අපරාධකරුවන්ගේ ගොදුරක් නොවීමට නම්
ඉහත සඳහන් කළ සියලූ ආකාරයේ සයිබර් අපරාධවලට කාන්තාවන් සහ ළමුන් ලක් වන්නේ ඔවුන් තුළ ම පවතින නොදැනුවත්කම හෝ නොසැලකිල්ල නිසා බව පැහැදිලි කරුණකි. මේ තත්ත්වය තුළ කාන්තාවන් සහ ගැහැනු ළමුන් සයිබර් අපරාධවල වින්දිතයින් බවට පත්වීම වැළැක්වීම සඳහා ගත හැකි සක‍්‍රීය හා ඵලදායී පියවර රැසකි.
Facebook වැනි සමාජ ජාල සම්බන්ධතා තුළ ආරක්ෂාව
කාන්තාවන් සහ ගැහැනු ළමුන් වැඩි වශයෙන් සයිබර් අපරාධවලට ගොදුරු වන්නේ මුහුණුපොත වැනි සමාජ ජාලා තුළ බව හඳුනා ගෙන ඇත. එවැනි අවස්ථාවකදී තම ආරක්ෂාව සඳහා ගත හැකි පියවර රැසකි.
1 ආරක්ෂාකාරී ලෙස මුහුණුපොතට සේන්දුවීම. එමගින් ඔබගේ රහස් වචනය (මුරපදය) සොයා ගෙන ඔබේ ජාලයේ සිදුවන දේ රහසින් දැන ගැනීමට ඇති පහසු අවකාශය වළකා ගත හැකි වේ.
2 උපන් දිනය, ජීවත් වන ස්ථානය හා සම්බන්ධවීමට අදාළ තොරතුරු වැනි පුද්ගලික තොරතුරු මුහුණුපොතේ සටහන් කිරීම සීමාකර ගැනීම.
3 පෞද්ගලිකත්වය රැුක ගැනීමේ උපක‍්‍රම භාවිත කරමින් තොරතුරු ලබා ගැනීමේ ඉඩකඩ මිතුරන්ට පමණක් සීමා කිරීම.
4 සීමිත තොරතුරු ලැයිස්තු සකසා සැක සහිත මිතුරන් ලැයිස්තුව වෙන් කොට ඔවුන් ගැන සුපරික්ෂාකාරීව සොයා බලා පසුව ඔබ ගැන වැඩි විස්රතර ලබා ගත හැකි ලැයිස්තුවට ඇතුළත් කිරීම.
5 සෙසු අයට ගවේෂක යන්ත‍්‍රවලට හෙළිවන තොරතුරු පාලනය කිරීම සඳහා පෞද්ගලිකත්වය රැුක ගැනීමේ උපක‍්‍රම භාවිත කිරීම.
6 මුහුණුපොතේ ව්‍යාජයෙන් හෝ වෙනත් සැක සහිත සම්බන්ධතා මගින් ලැබෙන ව්‍යාජ ඉලෙක්ට්‍රොනික ලිපිවලින් ප‍්‍රවේශම් වීම.
7 ඔබ මිතුරෙකු ලෙස කෙනෙකු පිළිගැනීමට පෙර දෙවරක් සිතන්න. එසේ පිළිගැනීමට පෙර ඉල්ලීම කළ අය සමග හැකි නම් ඊමේල් මගින් හෝ දුරකථනය මගින් සම්බන්ධ වී සත්‍යතාව විමසා බලන්න.
8 චැට් කිරීමේ සම්ප‍්‍රයෝගයක් මුහුණුපොතේ අන්තර්ගත වේ. නොදන්නා අය එා චැට් කිරීමෙන් හෝ ඔවුන්ට ඔබ හඳුනා ගැනීමට හැකි වන තොරතුරු ලබාදීමෙන් වළකින්න.
9 කිසිවෙකු අනුමාන නොකළහැකි හරස් වචනයක් තෝරා ගන්න. එය නිතර වෙනස් කරන්න.
10 විශ්වාසය තැබිය හැකි පරිගණක පමණක් භාවිත කොට මුහුණුපොතට එක්වන්න. පරිගණක පද්ධතියක ඔබ භාවිත කරන සෑම යතුරු සලකුණක්ම සටහන් කරන කී ලොගාර්ස් නම් මෘදුකාංගය එහි තිබෙන්න පුළුවන.
11 භාවිත කරන රහස් වචනය වෙනත් අය අතට පත් කිරීමේදී පරීක්ෂාකාරී වන්න. එය දුර්වල ආකාරයෙන් භාවිත කළහොත් එය ඔබ අමාරුවේ වැටීමට පහසු මඟක් විය හැකිය.
Email භාවිතයේදී ආරක්ෂාකාරී වීම
වර්තමානයේ බහුලම සන්නිවේදන මාධ්‍ය විද්‍යුත් තැපෑල හෙවත් ඊමේල් බවට පත්ව ඇතත් කාන්තාවන් හා ළමුන් සයිබර් අපරාධවලට ලක් කරනු සුලභම මාධ්‍යයක් වශයෙන් ද එය ඉහළ ස්ථානයක් හිමිකර ගෙන ඇත. එහෙත් පහත සඳහන් ආරක්ෂක පියවර මගින් ඔබට මේ සුවිශේෂ සන්නිවේදන මාධ්‍ය යහපත් මිතුරෙක් බවට පත්කර ගත හැකිය.
1 අවම වශයෙන් සංකේත අටකින් යුත් මුරපදයක් නිර්මාණය කළ යුතු අතර එම මුරපදය සඳහා නම් හෝ පහසුවෙන් අනුමාන කළ හැකි වචන ඇතුළත් නොකළ යුතුය. කැපිටල් අකුරු, සිම්පල් අකුරු, සංඛ්‍යා සහ වෙනත් සංකේතාත්මක අකුරු (උදාහරණයක් ලෙස * @ # මුරපදයක් ලෙස භාවිත කළ යුතුය.
2 වෙබ් ආශ‍්‍රිත සේවාවන් භාවිත කිරීමේදී https: // www.hotmail.com භාවිත කරන්න.
3 ඩිජිටල් සහතික දෝෂ පණිවුඩයක් ලැබුණහොත් එම වෙබ් පිටුවට ඇතුළු වීමෙන් වළකින්න.
4 මුරපදය වෙනත් අය සමග බෙදා ගැනීමෙන් වළකින්න.
5 අන්තර්ජාලයට සම්බන්ධ ඉලෙක්ට්‍රොනික් පණිවිඩ සඳහා තමා භාවිත කරන සාමාන්‍ය මුරපදය භාවිත නොකළ යුතුය.
6 නූතනම වෛරස් විරෝධී ස්කෑනරයක් පාව්චිචි කරන්න.
7 අන්තර්ජාල සේවා සපයන ස්ථානවල පරිගණක පාවිච්චි කිරීමේදී සුපරික්ෂාකාරී වන්න. පාවිච්චි කරන සෑම පරිගණක යතුරක්ම සටහන් කර ගන්නා පරිගණක යතුරු කපනයක් KEY LOGGER සාමාන්‍යයෙන් මෙම ස්ථානවල පරිගණකවලට ඇතුළත් කර ඇත.
8 හැකි සෑම අවස්ථාවකදීම ක්ෂණික පණිවිඩ මගින් නැති වූ මුරපදය නැවත ලබා ගැනීමට උත්සාහ කරන්න.
9 මුරපදය යළි ලබා ගැනීමට උත්සාහ කිරීමේදී අසන රහස් ප‍්‍රශ්න අනුමාන කිරීම දුෂ්කරය.
10 නොදන්න අය විසින් එවන ලද ඉලෙක්ට්‍රොනික පණිවිඩවල ඇමුණුම් attachments විවෘත කිරීමෙන් සහ සන්ධාන Link බොත්තම් තද කිරීමෙන් වළකින්න.
Chatroom වැට් කාමරයේ ආරක්ෂාව
වර්තමානයේ බහුලවම භාවිත වන සන්නිවේදන ක‍්‍රමයක් වන ‘‘චැට්’’ කිරීමේදී එහි ආරක්ෂාව වෙනුවෙන් දැඩි සේ සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වේ. එහිදී චැට් කාමරයේදී යම් හිංසනයක් පිළිබඳ සැකයක් ඇති වුවහොත් එම චැට් සැසියේ පිටපතක් ලඝු ගණකය ජය්එ එර්බාජරසචඑසදබ කදට තුළ සුරක්ෂිත කර ගන්න.
වීඩියෝ බාගත කිරීමේදී ආරක්ෂා සහිත වීම
වීඩියෝ බාගත කර ගැනීම සඳහා වෙබ් අඩවියට පිවිසීමට පෙර අශ්ශීල නිරුවත් ඡුායාරූප පමණක් නොව, හිංසනය, ජාතිවාදය, ත‍්‍රස්තවාදී බෝම්බ සකස් කිරීම ප‍්‍රචලිත කිරීම හෝ ප‍්‍රවර්ධනය කරන තොරතුරු සහ වෙනත් අයුතු තොරතුරු ඇතුළත් අනිසි අන්තර්ගතවලට අවසර නොදීමට පුද්ගලිකත්වය ආරක්ෂා වන අයුරින් පරිගණක පාලන රාමුව සකස් කර ගන්න.
සෙවුම් අඩවිවල ආරක්ෂාව
ගූගල් Google සහ ‘‘බිංග් Bing වැනි සෙවුම් අඩවි පාවිච්චි කිරීමේදී අයුතු අන්තර්ගතයන් වැළැක්වීම සඳහා පාරිගණක පාලන රාමුව සකස් කර ගන්න.
ඉහතින් සඳහන් කළ ආරක්ෂක පියවර අනුගමනය කිරීම මගින් විශේෂයෙන් කාන්තාවන් සහ ගැහැනු ළමුන් සයිබර් අපරාධකරුවන්ගේ පහසු ගොදුරු බවට පත්වීමෙන් වළක්වා ගත හැකිය.
මෙම ලිපිය අවසන් කිරීමට පෙර වර්තමානයේ බහුල වශයෙන් සයිබර් අපරාධවලට ගොදුරු බවට පත්වන ගැහැනු ළමුන් අන්තර්ජාලය තුළ අපරාධවල ගොදුරු බවට (වින්දිතයින් බවට) පත් වීම වළක්වා ගත හැකි ආරක්ෂක පියවර ගැන ද දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වේ.
ගැහැනු දරුවන් සයිබර් අපරාධවලින් ආරක්ෂා කර ගැනීම
1 දරුවන් භාවිත කරන පරිගණකවලට ෆයර් වොල් හෝ දෙමාපිය පාලනය සලසන මෘදුකාංග ඇතුළත් කිරීම. මෙම මෘදුකාංග මගින් අදාළ ක‍්‍රියාකාරකම්වල ඉතිහාසය සහ වෙබ් අන්තර්ගතයන්ට ප‍්‍රවේශ වීම සීමා කිරීම ද දෙමාපියන්ට කළ හැකිය.
2 දරුවන් නිතර පරිහරණය කරන සියලූ වෙබ් අඩවි පිළිබඳ සොයා බැලීම හා ඔවුන්ගේ පරිගණක ක‍්‍රියා අධීක්ෂණය කිරීම.
3 අන්තර්ජාල කටයුතුවලදී ආරක්ෂාව සලසා ගන්නා ආකාරයත්, වින්දිතයෙකු වීමේ අවදානමත් පිළිබඳ දරුවන් දැනුවත් කිරීම සඳහා දරුවන් සමග සන්නිවේදනය වැඩි දියුණු කර ගැනීම.
4 සෑම දෙනාටම දරුවාගේ ඉරියව් පෙනෙන පරිදි පරිගණකය විවෘත ස්ථානයක තැබීම. ( වැඩිහිටියෙකු කාමරයට ඇතුළු වන විට දරුවා කලබල වීම අන්තර්ජාල අඩවි වෙනස් කිරීම වැනි ක‍්‍රියාවක යෙදෙන්නේ නම් එය විමසිලිමත් වීමට සලකුණකි)
5 දරුවන් අධීක්ෂණයෙන් තොර පරිගණක භාවිතයෙන් වළක්වාලීම.
6 දරුවන් අන්තර්ජාලයේ වැඩ කරන විට කල්පනාකාරී වීම.
7 දරුවා නොදන්නා අය සමග ඉලෙක්ට්‍රොනික ලිපි හුවමාරු කර ගැනීමෙන්, චැට් කිරීමෙන් සහ දුරකථනයෙන් සම්බන්ධ වීමෙන් වළක්වාලීම.
8 දරුවා නොදන්නා ද්‍රව්‍යයන් අන්තර්ජාලයෙන් ලබා ගැනීමෙන් දරුවාට විය හැකි හානි සහ පරිගණකයට විය හැකි හානි පිළිබඳව දරුවා දැනුවත් කිරීම.
9 දරුවා වෙනත් අයගේ අන්තර්ජාල ප‍්‍රවේශ මාර්ග භාවිත කිරීමෙන් වැළැක්වීම.
10 දරුවන් පරිගණක භාවිත කරන විට තනිව සිටීමට වැඩි කැමැත්තක් දක්වන විට විශේෂයෙන් පරීක්ෂා කාරී වීම.
11 දරුවාගේ පරිගණකයෙහි අසභ්‍ය රචනා නොමැති බවට සහතික කිරීම.
12නොහඳුනන අය සමග දරුවා කරන සංවාද අධීක්ෂණය කිරීම.
13 දරුවන් අවසර නැතිව ක්‍රෙඩිට් කාඞ්පත් භාවිත කිරීමෙන් වළක්වාලීම.
ඉහත සඳහන් ක‍්‍රමෝපායන් අනුගමනය කිරීම මගින් කාන්තාවන් සහ ගැහැනු ළමුන් සයිබර් අවකාශය තුළදී අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත්වීම පහසුවෙන් සහ ඵලදායී ආකාරයෙන් වළක්වා ගත හැකිය.
සැකසුම
තුෂාල් විතානගේ
(ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් ප‍්‍රකාශයට පත් කරන ලද ‘‘කාන්තා සහ ගැහැනු දරු ආරක්ෂණය පිළිබඳ ශ‍්‍රී ලංකා නීති නාමාවලිය ඇසුරිණින් සකස් කරන ලදි)