මහානාම විදුහල හා ඞී.එස්. සේනානායක විදුහල අතර පැවැත්වීමට නියමිත මහා ක්රිකට් තරගයට සමගාමීව විදුහල්පතිතුමාගේ අවසරයකින් තොරව පවත්වන ලද රිය පෙරහරක් අතරතුරු සිසුන් පිරිස යශෝදරා බාලිකා විදුහලට කඩා පැන ඇති අතර මේ නිසා එහි ඉතා උණුසුම් තත්වයක් හට ගත්තේය.
අදාල සිසුන් පිරිස මත් ගතියකින් සිටිනු දුටු බවයි එම විදුහලේ ගුරුවරුන් හා දෙමාපියන් පවසන්නේ.
සිදුවීම සම්බන්ධයෙන් මහානාම විදුහලේ එක් සිසුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.