ජනතාවට කාර්යක්ෂම හා පලදායී සේවාවක් ලබාදීමට ආයතන ප්‍රධානීන් වගබලාගත යුතුයි – අගමැති

ජනතාවට කාර්යක්ෂම හා පලදායී සේවාවක් ලබාදීමට ආයතන ප්‍රධානීන් වගබලාගත යුතුයි – අගමැති
Spread the love

ජනතාව සඳහා කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් ලබා දීමට ආයතන ප්‍රධානීන්  වගබලා ගත යුතුයැයි  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය.

එම කාර්යයේ දී ආයතන ප්‍රධානීන් වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සේවා නියුතිකයින්ගේ භාර අරමුදලේ (ETF) වර්තමාන තත්ත්වය පිළිබඳව අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

සේවා සපයන ආයතන වෙතට පැමිණෙන සේවාදායකයින්ගේ සේවා අවශ්‍යතාව අනුව මැදිහත්වී කඩිනමින් අදාළ මගපෙන්වීම් සිදු කිරීමටත්, කාර්යක්ෂමව අදාළ සේවාව ලබා දීමටත් කටයුතු කළ යුතු යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ඒ සඳහා ආයතන ප්‍රධානීන්ගේ මගපෙන්වීම නිලධාරීන්ට ලැබිය යුතු බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා ජනතා සේවය වගකීමක් මෙන්ම යුතුකමක් බව සිහිපත් කළේය.

ආයතන ප්‍රධානීන් සහ වෘත්තිය සමිති නියෝජිතයන් සහයෝගීතාවයෙන් යුතුව තම ආයතනවල පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට ක්‍රියා කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.