ජැක්ලයින් ෆර්නැන්ඩ්ස් සිංහල සිනමාවට…

Spread the love

බොලිවුඩ් සිනමාවේ අතිශය ජනාදරයට පත් ශ්‍රී ලාංකික නිළි ජැක්ලයින් ෆර්නැන්ඩ්ස් මුලවරට සිංහල චිත්‍රපටයකට දායක වෙමින් රංගනයට එක්වන ‘අනුරාගිනි’ අප්‍රේල් 07 වැනිදා සිට කොළඹ රීගල් ප්‍රමුඛ සී. ඊ. එල් මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වේ. ‘අනුරාගිනි’ අධ්‍යක්ෂණය චන්ද්‍රන් රත්නම් ගෙනි.

ජැක්ලයින් සමඟ ජාත්‍යන්තර කීර්තියට පත් සංගීතඥයකු, නළුවකු මෙන්ම ශ්‍රී ලාංකිකයකු ද වන ඇල්ස්ටන් කෝච් ද මෙහි ප්‍රධාන චරිතයට දායක වේ. බිම්සරා ප්‍රේමරත්න, රයන් විජයරත්න, ගාමින් ලුඩොක්ස්, කියාන් ඕ ශ්‍රේඩි ආදි නළු නිළියන් රැසක් රඟන ‘අනුරාගිනි’ චිත්‍රපටය ඉංග්‍රීසි බසින් ‘ඒජජධපඤඪදඨ බධ ර්චබඩඥඹ’ නමින් එදිනම කොළඹ මැජෙස්ටික් සිනමාශාලාවල තිරගත කෙරේ.

කලකට ඉහත රට කැළඹූ ආන්දෝලනාත්මක සිදුවීමක් අළලා තැණුන ‘අනුරාගිනි’ තිර රචනය, ක්‍රිස්ටි එලියසර් හා චන්ද්‍රන් රත්නම් ගෙනි. චන්දන ජයසිංහ කැමරාකරණයෙන්ද ජේම්ස් රත්නම් සංස්කරණයෙන්ද ‘අනුරාගිනි’ චිත්‍රපටයට දායත වූ සෙස්සෝ වෙති.