එම පනත තුළ ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය පිහිටුවීමේ පදනම වී ඇත්තේ ඒ ඒ නිකායවල්වලට ඇති බලපුළුවන්කාරකම්ය. වාසනාවකට මෙන් බෞද්ධ ජනතාව තවමත් කිසිදු නිකායකට නොබෙදී බුදුන්වහන්සේගේම නිකායේ රැඳී සිටීම නිසා අද පවතින තරමට බුදු දහම ආරක්ෂා වී ඇත. ගිහියන් ද භික්ෂුන් මෙන් ඒ ඒ නිකායන්වලට බෙදී කටයුතු කළේ නම් ත්‍රිපිටකයට පමණක් නොව බුද්ධ ශාසනයට ද දෙයියන්ගේම පිහිටය.
ජනාධිපති නීතිඥ, ආචාර්ය විජේදාස රාජපක්ෂ

වර්තමානයේ ජනප්‍රිය බණ දේශනා කරන භික්ෂුන්වහන්සේලා නොයෙක් ආකාරයට දේශනා පවත්වනු ලබන අතර කවි බණ, විරිඳු බණ යනාදිය ද ඊට ඇතුළත්ව ඇත. විද්‍යුත් මාධ්‍යයේ විකාශය වන සමහර බණ දේශනාවල ද ධර්මයේ වෙනස්කම් හා විකෘතිකා ඕනෑ තරම් දැකිය හැකිය.
එම දේශනාවල දී දැන හෝ නොදැන සිදුවන වරදක් හේතුවෙන් භික්ෂුන්වහන්සේලාට ද, එවන් දේ ප්‍රකාශ කරනු ලබන හෝ පළ කරනු ලබන ගිහියන්ට ද, මාධ්‍ය ආයතන සහ ඒවායේ සේවකයන්ට ද රුපියල් ලක්ෂ ගණන් දඩ ගෙවීමට සහ වසර හතක් දක්වා වූ සිරදඬුවම්වලට යටත් වීමට සිදුවන්නේ නම් කිසිවකුත් ධර්මය දේශනා කිරීමට හෝ ප්‍රචාරණය කිරීමට ඉදිරිපත් වේ ද යන්න සාධාරණ සැකයක් ඇති වෙයි. එසේ වුවහොත් ලෝකයටම බණ කීමට ඉතුරු විය හැක්කේ ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ සාමාජික භික්ෂුන්වහන්සේලා සහ අධ්‍යක්ෂ ජනරාල් පමණක් විය හැකිය.
ත්‍රිපිටකය යන්නෙන් ක්‍රිස්තුපූර්ව පළමුවැනි සියවසේ මාතලේ අලුවිහාරයේ දී ලේඛනාරූඪ කරන ලදුව අවිච්ඡින්නව පවත්වාගෙන ආ දැනට ශ්‍රී ලංකාව, තායිලන්තය, මියන්මාරය, කාම්බෝජය යන ථෙරවාද බෞද්ධ රටවල පිළිගන්නා ථෙරවාද මහා විහාරය සම්ප්‍රදාය විසින් ථෙරවාද ත්‍රිපිටකය වශයෙන් පිළිගනු ලබන ත්‍රිපිටකය ද, එහි විධිමත් පරිවර්තන ද එයට අයත් වන අතර යම් අවස්ථාවකදී සංසන්දනයක්, නිදර්ශනයක් අවශ්‍ය වුවහොත් ඓතිහාසික සෙංකඩගල පුරවරයේ ශ්‍රී දළදා මාලිගාවේ තැන්පත් කොට ඇති ත්‍රිපිටක පුස්කොළ පොත් ද, ලංකා බෞද්ධ මණ්ඩලය මගින් පිළිගෙන ප්‍රකාශ කරන ලද බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ද සමඟ සංසන්දනය කළ යුතු බව සඳහන්ව ඇත. තව ද සමහර කාරණා 1985 සයිමන් හේවාවිතාරණ භාරය මගින් මුද්‍රිත අට්ඨකථා සමඟ ද සංසන්දනය කළ යුතුව ඇත.
යමෙකු බුදු දහම ගැන දේශනාවක් කිරීමට හෝ ලිවීමට පෙර මේ සියල්ල සංසන්දනාත්මකව අධ්‍යයනය නොකොට බුදුන්ගේ දහම මෙය යයි ප්‍රකාශ කිරීම අවුරුදු හත දක්වා සිරදඬුවමකට යටත් විය හැකි වරදක් වන නිසා කවුරුන් විසින් බුදු දහම දේශනා කරයි ද? කවුරුන් විසින් දහම ගැන පොත පත ලියයි ද? ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයට පත්කරනු ලබන භික්ෂුන්වහන්සේලාටවත් සිය එම කර්තව්‍ය ජීවිත කාලය පුරාවට කොට නිම කළ හැකි ද? කවුරුන් විසින් මෙය කෙටුම්පත් කළත් ඔහු බුදු දහම පිළිබඳව පමණක් නොව නීතිය පිළිබඳව ද අබමල් රේණුවක අවබෝධයවත් නැති මනඃකල්පිත ලෝකයක ජීවත්වන මනුස්සයෙක්ම විය යුතුය.
එහි සඳහන් ආකාරයට භික්ෂුන්වහන්සේලා හෝ වෙනත් බෞද්ධ වියතුන් හෝ ප්‍රකාශ කරනු ලැබූ දෑ ශ්‍රී ලංකාවේ සහ ඉහත සඳහන් විදේශීය රටවල්වල ත්‍රිපිටකයන් සමඟ ගළපා, එය සත්‍ය ලෙසින් බුදුන්වහන්සේ වදාළ දහම ද යන්න තීන්දු කිරීමට හැකි බුදුරජාණන්වහන්සේටම පමණි. අඩුම ගණනේ එකදු රහතන්වහන්සේ නමක්වත් සොයා ගැනීමට නැති වර්තමාන භික්ෂු සමාජය තුළ එවැනි තීන්දුවක් ගත හැකි අයෙක් සිටිතැයි විශ්වාස කළ නොහැක.
එමෙන්ම ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයට භික්ෂුන්වහන්සේලා පත් කිරීම හරහා මෙරට කවදාවත් නොතිබුණු ආකාරයේ සංඝ භේදයක් ඇතිකොට බුදු දහම බමුණන්ගේ දහමක් බවට පත්කිරීමේ ම්ලේච්ඡ උත්සාහයක් මේ තුළ දැකිය හැකිය. හින්දු දහමේ වේදය කියවිය හැක්කේ ද, ඉගැන්විය හැක්කේ ද, අසා සිටිය හැක්කේ ද බමුණන්ටම පමණි. අන් කුලවල තැනැත්තන් ඒවායෙහි යෙදීම දඬුවම් දිය යුතු වරදකි. බුදු දහම බමුණන්ගේ දහමටත් වඩා පහළ ගෝත්‍රිකයන්ටවත් නොගැළැපෙන දහමක් බවට පත්කිරීමට උත්සාහ කරන්නේ ඇත්ත වශයෙන්ම බුදු දහම අදහන්නන් ද යන්න ප්‍රශ්නයක් පැන නැගී ඇත.
අන්තර්ජාලයේ ඇති තොරතුරු අනුව 2021 වසර වනවිට කිසිදු ආගමක් කෙරෙහි විශ්වාසයක් නොමැති (අනාගමික – Secular සහ/හෝ අදේවවාදී – Atheist) ගණයට ඇතුළත්ව ඇති ජනගහනය ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. එය මිලියන 500 ඉක්මවා ගොස් ඇති බව විශ්වාස කරන අතර කිසිදු ආගමක් නොඅදහන වැඩිම ජනගහනයක් සිටින රටවල් ලෙස පහත සඳහන් රටවල් හඳුනාගෙන ඇත.
චීනය සියයට 90, ස්වීඩනය සියයට 73, චෙක් රිපබ්ලික් සියයට 72, එක්සත් රාජධානිය සියයට 69, නෙදර්ලන්තය සියයට 60 යනාදී වශයෙන් චේ. ජපානය, ජර්මනිය, දකුණු කොරියාව, කැනඩාව, ස්විට්සර්ලන්තය, නෝර්වේ යන රටවල් සිටින්නේ සියයට 60ක සීමාවේය. ඇමෙරිකාවේ එය සියයට 39කි. (2021 (2021 World Population Review Most Atheist Countries 2021) 2021) එම කොටස ලෝක ජනගහනයෙන් සියයට 15.6කි.
පසුගිය සියවසේ ලොව පහළ වූ විශිෂ්ටතම විද්‍යාඥයා වූ ඇල්බට් අයින්ස්ටයින් සිය ප්‍රඥාවෙන් පැවැසූ දේ සඳහන් කිරීම සුදුසුය. එනම්,
මෑත කාලීනව නවීන විද්‍යාත්මක සොයාගැනීම් හේතුවෙන් බුදු දහම යාවත්කාලීනව තබා ගැනීම සඳහා බුදු දහමට කිසිදු සංශෝධනයක් අවශ්‍ය නොවේ. බුදු දහම විද්‍යාව අබිබවා ගිය දහමකි. බුදු දහම, ආගම සහ විද්‍යාව යා කරන පාලමක් බඳුය. මිනිසාට ඔහු තුළ තිබෙන එමෙන්ම පරිසරය තුළ තිබෙන සැඟවුණ දක්ෂතා සොයා හෙළිදරව් කරගැනීම සඳහා එය උත්තේජනයකි. බුදු දහම සදාකාලිකය

“මෑත කාලීනව නවීන විද්‍යාත්මක සොයාගැනීම් හේතුවෙන් බුදු දහම යාවත්කාලීනව තබා ගැනීම සඳහා බුදු දහමට කිසිදු සංශෝධනයක් අවශ්‍ය නොවේ. බුදු දහම විද්‍යාව අබිබවා ගිය දහමකි. බුදු දහම, ආගම සහ විද්‍යාව යා කරන පාලමක් බඳුය. මිනිසාට ඔහු තුළ තිබෙන එමෙන්ම පරිසරය තුළ තිබෙන සැඟවුණ දක්ෂතා සොයා හෙළිදරව් කරගැනීම සඳහා එය උත්තේජනයකි. බුදු දහම සදාකාලිකය.”
ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් ද වරෙක මෙසේ පැවැසීය.

“බුදු දහම යනු ආගමක් නොව ආගමික ස්වරූපය ඇති දර්ශනයකි. අනාගතයේදී බහුශ්‍රැතයන් සහ ප්‍රඥාවන්තයන් විසින් කරනු ලබන නව විද්‍යාත්මක සොයා ගැනීම් නමැති කුලුගෙඩිවලින් දේවවාදී ඇදහිලි මත ගොඩනැගී ඇති ආගම් කුඩුපට්ටම් වී යද්දී එම හිදැස පිරවීම සඳහා ඉතිරිව පවතිනුයේ බුදු දහමයි.”
අද ලෝකයේ බොහෝ බුද්ධිමත් ජනතාව සත්‍යය ගවේෂණය කරමින් සිටින යුගයක් වන අතර, ඔවුන් අතර විශාල නැඹුරුවක් ඇති වී තිබෙන්නේ බුදු දහම දෙසටය. මෙවන් වූ නීතියක් අපගේ ව්‍යවස්ථාදායකය විසින් සම්මත කරනු ලැබුවහොත් එය බුදු දහමේ පැවැත්ම විනාශ කිරීම පිණිස ගෙන එනු ලබන නීතියක්ම බව තේරුම් ගත යුතුව ඇත. බුදු දහම අතුරුදන් කිරීම සඳහා මාන බලන බලවේගවල බළල් අතක් බවට පත් වූ කණ්ඩායමක් මෙය කිරීමට කටයුතු කරන්නේ ද යන සාධාරණ සැකය මතුව ඇත.
තරුණ භික්ෂු පරපුරට නිසි ලෙස බුදු දහම උගන්වා විනයානුකූල සංඝ පරම්පරාවක් තුළින් පමණක් සංරක්ෂණය කළ හැකි බුදු දහම නීතිය මගින් රැකීමට ගොස් සමස්ත සමාජයට බුදු දහම පිරිහීමට සැලැස්වීම මෙම පනතේ අරමුණ විය යුතුය. වර්තමානයේ මෙරට ක්‍රියාත්මක වන දේශපාලන බලවේග අනුව මෙය ද “යෙන් කතා කරයි” ව්‍යාපෘතියේ එකක් දැයි යන්න සැක සහිතය. යෙන් දුටු තැන කට ඇරෙන දේශප්‍රේමීන් බොහෝ දෙනෙක් අප සමාජයේ වෙති. මා ඕ සේතුංගේ කාලයේ මුළු මහත් චීනයේ තිබූ සියලුම බෞද්ධ විහාරස්ථාන ගිනි තබා විනාශ කළ ආකාරයත්, ටිබෙට් රටේ ලක්ෂ දහයක් බෞද්ධ ජනතාව ඝාතනය කොට පන්සල් හයදහසක් මහ පොළොවට සමතලා කළ ඉතිහාසයත් අප අමතක නොකළ යුතුය.
භික්ෂූන් සතර අගතියට යට නොවන්නේ නම් නීති කුමකට ද? භික්ෂූන්ට තම තමන්ගේ විනය ආරක්ෂා කරගත නොහැකි නම් අන් අය ලවා ත්‍රිපිටකය සංරක්ෂණය කළ හැකි ද? මෙතෙක් කල් ථෙරවාදී දහම රැකගෙන ආවේ සංඝ සාමග්‍රිය තුළින් ඇති කරගත් කතිකාවත් හරහාය.
අදට ගැළැපෙන කතිකාවතක අවශ්‍යතා සමස්ත භික්ෂු සමාජය පිළිගෙන ථෙරවාදී කතිකාවත් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් එක් මහනායක හිමිනමකගේ බලපෑම මත එය අත්හැර දැමීමට තරම් රාජ්‍ය නායකයෝ දුබල වූහ. එම කතිකාවත් පනත සම්මත වූයේ නම් ඒ ඒ නිකායන්හි නායකකාරකාදී හිමිවරුන් ගනු ලබන තීන්දු තීරණ නීතියෙන් පිළිගත් ක්‍රියාත්මක කළ හැකි තීරණ බවට පත්වේ. එහිදී ගිහියන්ගේ මැදිහත් වීමක් නොමැත. ශාසනය රැක ගැනීමට පවතින එකම පිළියමට පයින් ගසා දමා ශාසන අභිවෘද්ධියේ නාමයෙන් ශාසනය විනාශ කිරීමට ගෙන එන මෙවන් වූ අමනෝඥ නීති හකුළා දැමීම සියලුම බෞද්ධයන්ගේ යුතුකම හා වගකීම වන්නේය.
එම පනත තුළ ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය පිහිටුවීමේ පදනම වී ඇත්තේ ඒ ඒ නිකායවල්වලට ඇති බලපුළුවන්කාරකම්ය. වාසනාවකට මෙන් බෞද්ධ ජනතාව තවමත් කිසිදු නිකායකට නොබෙදී බුදුන්වහන්සේගේම නිකායේ රැඳී සිටීම නිසා අද පවතින තරමට බුදු දහම ආරක්ෂා වී ඇත. ගිහියන් ද භික්ෂුන් මෙන් ඒ ඒ නිකායන්වලට බෙදී කටයුතු කළේ නම් ත්‍රිපිටකයට පමණක් නොව බුද්ධ ශාසනයට ද දෙයියන්ගේම පිහිටය.
ජනාධිපති නීතිඥ, ආචාර්ය – විජයදාස රාජපක්ෂ මහතා විසින් ජූනි 18 වැනි දින ලංකාදීප ඊ පුවත්පතට සම්පාදිත ලිපියකි. ශීර්ෂපාඨය හා ඡායාරූප වෙනස්කර ඇත. – සංස්කාරක