බඩු මිල ගැන ප්‍රශ්න කළ විට ‘බන්දුල’ මාධ්‍යවේදියෙකුට පෙනේ පුප්පයි

බඩු මිල ගැන ප්‍රශ්න කළ විට ‘බන්දුල’ මාධ්‍යවේදියෙකුට පෙනේ පුප්පයි
Spread the love

2005-2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ද ප්‍රබල කැබිනට් අමාත්‍යධුරයක් දරමින් සිටියදී ‘රුපියල් 2500කින් පස් දෙනකුගෙන් යුතු පවුලකට මාසයක් ජීවත් වීමට පුළුවන්‘ යැයි ද ඊට පසුව ‘බඩු මිල අඩු කිරීමට ශක්‍රයාගේ පුතා වයිමාටවත් බෑ‘ යැයි කී වත්මන් වෙළෙද ඇමැති බන්දුල ගුණවර්ධන අද (9) ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය වේදියෙකුට නින්දා කරමින් බැණ වැදුණා.

කහ මිල ඉහළ යෑම සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන වෙළඳ ඇමතිවරයාගෙන් අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකින් පසු මාධ්‍යවේදියෙකු ඉහළ යන බඩුමිල ගැන ප්‍රශ්න කළා.

මාධ්‍යවේදියා එහිදී විමසා සිටියේ මාස 6ක් 7ක් තිස්සේ ජනතාව බඩු මිල වැඩි වීම දරාගෙන සිටින බවත් වෙළඳපොලේ කහ හිඟයක් පවතින බවත් සතොස වැනි ආයතන තුළ එවැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පහසු මිලට නොමැති බවයි.

එම මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා දැඩි ආවේගාත්මක සහ සුපුරුදු නින්දාසහගත ස්වරයෙන් “උඹට දරාගෙන ඉන්න බැරි වුණාට, ජාවාරම්කාරයින්ට දරාගෙන ඉන්න බැරි වුණාට මිනිස්සුන්ට දරාගෙන ඉන්න පුළුවන්. කොන්ත්‍රාත් කරන්න එපා සහෝදරයා. ඉස්සෙල්ලා ඇත්ත දේ කරන්න. කොන්ත්‍රාත් කරන්න ඔන නම් වෙන කාත් එක්ක හරි කරන්න.” යනුවෙනි.