හිටපු ජනාධිපතිනිගේ සොහොයුරා මෙන්ම නිදහස් පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක මහතාගේ සහ එම මැතිනියගේ පුත් අනුර බණ්ඩාරනායකගේ 09 වන ගුණ සැමරුම වෙනුවෙන් ලංකා ඉතිහාසයේ පළමු වරට ඔහුව දේශපාලන වශයෙන් විනාශ කල මහින්ද රාජපක්ෂ පාර්ශවය විසින් බෝධි පුජාවක් සංවිධානය කර ඇති බව අපට වාර්තා වේ
අනුර ජීවත්ව සිටින තාක්කල් ඔහුව තැබෑරුම් වලට ඇදගෙන ගොස් මතට ඇබ්බැහි කරමින් අනුරව විනාශ මුඛයට ඇද දමා බලය ලැබුණු පසුව සැලකුවේ තමන්ගේ පයට පෑගෙන දුවිල්ලක් මෙනි. මහින්දලාට අමතක වුවාට රටේ ජනතාවට නම් තාමත් මේ බව අමතක වි නැත.
වරෙක අනුර බණ්ඩාරනායක දැඩි ලෙස අසනීපව වූ නිසාවෙන් සිංගප්පුරුවේ පිහිටි රෝහලට රැගෙන යාමට එලියට බහින මොහොතේම ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ලියුම පැමිණියේ වහාම විසුම්පායේ පිහිටි තම නිළ නිවාසයේ හැකි ඉක්මනින් ඉවත්වන ලෙස දැනුවත් කරමිනි.
තවද අනුර ඇමති දුරය දැරූ සංචාරක අමාත්‍යාංශයෙන් ඉවත්කොට ඒ වෙනුවට ජාතික උරුමයන් අමාත්‍යංශයට මාරු කර යවා අය වැයෙන් කිසිම ප්‍රතිපාදනයක් එම අමාත්‍යංශයට වෙන් නොකරයි. එම හේතුව නිසා අනුරට තම කාර්ය මණ්ඩලයට පඩි නඩි වත් ගෙවා ගැනීමට අපොහොසත් වි තිබෙනවා..
රාජපක්ෂවරුන්ගේෙ පීඩනය මැද දැඩි පීඩාවකින් අනුර තම අවසන් කාලය ගෙවා ඇති බව මුළු රටම දන්නා කරුණකි.
චන්ද්‍රිකා හොරගොල්ලේදී තම සොහොයුරාගේ ගුණ සමරන විට එයට ගල් ගැසීමට තම කේවට්ටයන් යොමුකළ මහින්දලා අද විලි ලැජ්ජාවක් නැතුව ඔහු වෙනුවෙන් බෝධිපුජාවක් පැවැත්වීම ද රටට විහිලු සපයන මහින්දගේ තවත් එක් කුජිත වැඩක් ලෙස අපට සඳහන් කල හැක.