මේගන් සහ හැරී සම්මුඛ සාකච්ඡාව: ඉතා බැරෑරුම් ලෙස සලකනු ලැබේ

මේගන් සහ හැරී සම්මුඛ සාකච්ඡාව: ඉතා බැරෑරුම් ලෙස සලකනු ලැබේ
Spread the love

ඔප්රා වින්ෆ්‍රී සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේදී සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය විසින් මතු කරන ලද වාර්ගිකත්වය පිළිබඳ ගැටලු “සැලකිල්ලට භාජන” වී ඇති අතර “ඉතා බැරෑරුම් ලෙස සලකනු ලැබේ” යනුවෙන් බකිංහම් මාලිගය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මාළිගාව පැවසුවේ “මතකයන් වෙනස් විය හැක” නමුත් අදාළ කරුණු පෞද්ගලිකව විසඳනු ඇති බවය.

මේගන් ඔප්රා ට පැවසූ පරිදි, නම හෙළි නොකළ පවුලේ සාමාජිකයෙකු හැරීගෙන් විමසා ඇත්තේ ඔවුන්ගේ පුත් ආචීගේ සමේ පැහැය කෙතරම් තද විය හැකිද යන්නයි.

මාළිගාව පැවසුවේ සසෙක්ස්වරු “සැමවිටම බෙහෙවින් පවුලේ සාමාජිකයින්ගේ ආදරයට ලක්වන” බවයි.බකිංහැම් මාලිගයේ ප්‍රතිචාරය පළවූයේ, අර්බුදය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ රාජකීයයන් සහභාහාගී වූ රැස්වීම්වලින් පසුවය.

රාජකීය බිළිඳාට නම් තබයි:
රාජකීය බිළිඳාට නම් තබයි:

නූතන රාජකීය පවුලේ පළමු මිශ්‍ර-ජාතිකත්වයක් හිමි සාමාජිකයා වන මේගන්, තම පුතුගේ සමේ පැහැය පිළිබඳව ප්‍රශ්න අසන ලද බව පැවසූ සම්මුඛ සාකච්ඡාවට ප්‍රතිචාර දැක්වන ලෙස මාළිගාව කෙරෙහි එල්ල වූ පීඩනය ඉහළ යමින් තිබිණි.

හැරී කුමරු පසුව ඔප්රාට පැහැදිලි කළේ මෙම අදහස් ප්‍රකාශ කරනු ලැබුවේ රැජින හෝ එඩින්බරා ආදිපාදවරයා විසින් නොවන බවය.

මේ අතර, සසෙක්ස් හි ආදිපාදවරිය පිළිබඳව කළ අදහස් දැක්වීමකින් අනතුරුව මතුවූ අර්බුදයක් හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වන අයිටීවී (ITV) නාලිකාවේ ‘ගුඩ් මෝර්නිං බ්‍රිට්න්’ හි ඉදිරිපත් කරන්නා වූ පියර්ස් මෝර්ගන් ඉන් ඉවත් විණි.

“හැරී සහ මේගන් හට පසුගිය වසර කිහිපය කෙතරම් අභියෝගාත්මකවීද යන්න පිළිබඳව දැනගැනීමෙන් මුළු පවුලම කණගාටුවට පත්වේ.” යනුවෙන් සම්මුඛ සාකච්ඡාව එක්සත් ජනපදයේ ප්‍රථම වරට විකාශනය වී දින එකහමාරකට පසුව නිකුත් කෙරුණු, බකිංහම් මාළිගාවේ නිවේදනයේ සඳහන් විය.

“විශේෂයෙන් වාර්ගිකත්වය පිළිබඳ මතුවූ ගැටලුව සැලකිල්ලට භාජනය වේ. සමහර මතකයන් වෙනස් විය හැකි නමුත් ඒවා ඉතා බැරෑරුම් ලෙස සලකනු ලබන අතර පවුලේ අය විසින් එය පෞද්ගලිකව විසඳනු ඇත.

“හැරී, මේගන් සහ ආචී සෑම විටම බෙහෙවින් පවුලේ සාමාජිකයින්ගේ ආදරයට ලක්වනු ඇත.”

සඳුදා සවස විකාශය වන විට සම්මුඛ සාකච්ඡාව නැරඹීමට පළමුව බ්‍රිතාන්‍ය මහජනතාවට අවස්ථාව ලබා දීමට අවශ්‍ය බවත් රාජකීයයන්ට සිය ප්‍රතිචාරය පරෙස්සම් සහගතව අවධානය යොමු කළ යුතුව තිබූ බවත් පැහැදිලි ය.

රාජකීයයන් මෙය පවුලේ කාරණයක් ලෙස සලකන අතර පෞද්ගලිකව සාකච්ඡා කිරීමට ඔවුන්ට අවස්ථාව ලබා දිය යුතු යැයි විශ්වාස කෙරේ.

වර්ගවාදය, මානසික සෞඛ්‍යය, මාධ්‍ය සහ රාජකීය පවුලේ අනෙකුත් සාමාජිකයින් පිළිබඳව සදහන් කෙරුණු අතිශය ගැඹුරු පෞද්ගලික මාතෘකා ඇතුළත් වූ සසෙක්ස්වරුන්ගේ සම්මුඛ සාකච්ඡාව දුටුවේදැයි, චාල්ස් කුමරු මීට පෙර ලන්ඩන් නුවර සංචාරයකයෙදී සිටියදී විමසූ විට ඔහු එයට ප්‍රතිචාර නොදැක්වීය .

එක්සත් රාජධානිය තුළ සඳුදා රාත්‍රියේ විකාශනය කෙරුණු එම සම්මුඛ සාකච්ඡා සාමාන්‍යයෙන් මිලියන 11.1 ක ජනතාවක් නැරඹූහ.

එහි දී ආදිපාදවරිය පැවසුවේ රාජකීය ජීවිතය එතරම් දුෂ්කර වූ නිසා “තවදුරටත් ජීවතුන් අතර සිටීමට අවශ්‍ය නැති” හැගීමක් දැනුණු අවස්ථා තිබූ බවය. මාළිගාවෙන් උදව් ඉල්ලා සිටියත් එය නොලැබුණු බව ද ඇය සඳහන් කළාය.

රාජකීය බිළිඳාට නම් තබයි:

ආචී ඉපදුණු විට ඔහුගේ සම කෙතරම් තද පැහැ විය හැකිද යන්න පිළිබඳ සංවාද සිදුවූයේ ඔහුට රාජකීය පදවි නාමයක් සහ පොලිස් ආරක්ෂාවක් ලබා නොදෙන්නේ මන්ද යන්න පිළිබඳව කෙරුණු සාකච්ඡාවන්ට “සමගාමීවය”.

1917 සිට ක්‍රියාත්මක වන නීතිරීති යටතේ මෙම යුවළගේ දරුවන් රැජිනගේ මැදිහත්වීමකින් තොරව ස්වයංක්‍රීයව කුමාරවරුන් හෝ කුමාරිකාවන් බවට පත් නොවනු ඇත.

දරුවා “තද දුඹුරු පැහැයක් ගනීවි” සහ එය ගැටලුවක් වනු ඇත්දැයි ඕප්රා ඇගෙන් ගෙන් ඇසූ විට මේගන් පැවසුවේ “ඔබ එසේ උපකල්පනය කරන්නේ නම් එය නිවැරදියි” යනුවෙනි.

නමුත් පවුලේ කුමන සාමාජිකයෙකු එම අදහස් පළකළේදැයි පැවසීම මෙම යුවළ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබිණි. “එම සංවාදය, මම කිසි විටෙකත් බෙදා ගැනීමට යන්නේ නැහැ,” හැරී කුමරු පැවසීය. “ඒ වෙලාවේ එය නොගැලපෙන දෙයක්, මම ටිකක් කම්පනයට පත්වුණා.”

හැරී පැවසුවේ “යටත් විජිත බව දැනවෙන හීන් ස්වරයක්” සහිත ලිපි සහ සිරස්තල පළවීමෙන් පසු තම පවුලේ කිසිවකු හෝ මේගන්ටට සහයක් වීම වෙනුවෙන් කතා නොකිරීමෙන් තමා පීඩාවට පත්වූ බවය.

ලේබර් පක්ෂ නායක ශ්‍රීමත් කීර් ස්ටාර්මර් පැවසුවේ වර්ගවාදය සහ මානසික සෞඛ්‍ය සහයෝගය නොවීම සම්බන්ධයෙන් මේගන් කළ චෝදනා ඉතා බැරෑරුම් ලෙස සැලකිය යුතු බවය.

අගමැති බොරිස් ජොන්සන් සඳුදා රාත්‍රියේ සම්මුඛ සාකච්ඡාව නරඹා ඇති නමුත් වැඩිදුර අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ බව ඩව්නිං වීදියේ අගමැතිවරයාගේ කාර්යාලය සඳහන් කළේය.

Text by – bbc