විධායක නිලධාරීන්ට දුන් රු. 25,000ක දීමනාව රාජ්‍ය අංශයටම ඉල්ලයි

විධායක නිලධාරීන්ට දුන් රු. 25,000ක දීමනාව රාජ්‍ය අංශයටම ඉල්ලයි
Spread the love

ග්‍රාම නිලධාරීන් සහ මිනින්දෝරුවරුන් ඇතුළු රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති 200කට අධික සංඛ්‍යාවක් හෙට සහ අනිද්දා (ජූලි 8 සඳුදා සහ ජූලි 9 අඟහරුවාදා) ලෙඩනිවාඩු දමා සේවයට වාර්තා නොකරමින් දෙදින වැඩ වර්ජනයක නිරත වීමට සැලසුම් කර ඇත.

මේ අතර ජුලි 9 අඟහරුවාදා ‘ලෙඩ නිවාඩු දමා’ සේවයට වාර්තා නොකරමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වර්ජනයට එක්වනු ඇති  බව වාර්තා වේ.

සේවා ශ්‍රේණිය නොතකා රුපියල් 25,000ක දීමනාවක් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගැනීමට නියමිතය.

ජීවන වියදම සහ බදු බර වැඩිවීම නිසා ඇති වූ ආර්ථික පීඩනය හේතුවෙන් එම දීමනාව රුපියල් 25,000 දක්වා වැඩි කර ඇති නමුත් දැනට රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට පමණක් එම දීමනාව සීමාකර ඇති බවට වෘත්තීය සමිති චෝදනා කරයි.