සමහර අයිතිකරුවන්ට නම් සුරතල් සතුන් ඔවුන්ගේ පවුලේ ම කොටසකි. නමුත් ඔවුන්ගේ මිතුරන් හා පෙම්වතුන් සඳහා සුරතල් සතුන් බරපතළ ගැටලුවක් විය හැකිය
ජේන් සහ ඇගේ සහකරු එකට එකතු වන විට හදිසියේම ඔහුගේ සුරතල් බැල්ලි දර්ශනය විය. (මෙය මිනිසා-ප්ලස්-බල්ලා පැකේජයකි) නමුත් ජේන් ප්‍රශ්න කල්තබා දුටුවේ නැත.
ජේන් මා සමඟ කතා කරමින් තමන් මුහුණ දුන් නීරස අත්දැකීම මෙසේ හෙළි කළාය. “මම බල්ලෙක් නොවෙයි. නමුත් මම ඔවුන් සමඟ අමනාප නැහැ. මම හිතුවේ ඔවුන් (සුරතලුන්) කෙනෙකුගේ ජීවිතයට හුරුබුහුටි එකතු කිරීමක් ලෙසයි. නමුත් නිවාඩුව, රාත්‍රී විවේකය, යුවළක් ලෙස එකට ජීවත් වීමට ඇති කැමැත්ත ආදියට බාධාකාරී වන හෝ ඒ මානව සබඳතා සියල්ලටම වඩා ප්‍රමුඛත්වය ගන්නා දෙයක් ලෙස මම සුරතල් සතුන් ගැන සිතුවේ නැහැ. ඔහුගේ බැල්ලිය අපගේ සියලු ආතතියට මූලාශ්‍රය වුණා’ ජේන් කණස්සලු ස්වරයෙන් පැවසුවාය.
ජේන්ගේ සහකරුගේ සුරතලිය වූ බැල්ල කටුක, දුෂ්කර චරිතයක් විය. ඇය බොහෝ සෙයින් බුරන්නට වූවාය. ඔහුට අන් අය සමඟ සිටීම ඇයට ඉවසා ගත නොහැකි සේ පෙනුණේය. ඇය ගෘහභාණ්ඩ විනාශ කළාය. එබැවින් ජේන් තම මහල් නිවාසයට ඇයව පිළිගත්තේ නැත.
“ඔහුගේ පරණ සෝෆා වලට ඇය කුමක් කළත් ප්‍රශ්නයක් වුණේ නැහැ. නමුත් මම මගේ සෝෆාව සඳහා යුරෝ 2,000ක් ගෙව්වා. එය කැබලිවලට ඉරා දැමීමට මට අවශ්‍ය වුණේ නැහැ” ජේන් දැඩි ස්වරයෙන් පැවසුවාය.
නමුත් බැල්ල ඔහුගේ අංක එකේ ප්‍රමුඛතාවය ලෙස පෙනුනි. “සුරතල් සතුන් ඇති බොහෝ මිනිසුන් ඔවුන්ට අසාමාන්‍ය ලෙස ආදරය කරනවා. ඔවුන්ගේ ජීවිත ඔවුන්ගේ සතුන්ට සුදුසු ලෙස සකස් කර ගෙන සිටිනවා. උදාහරණයක් ලෙස, මගේ මිතුරියක් ඉන්නවා. ඇගේ බළලුන් මහල් නිවාසවලට අකමැති නිසා ඇය කිහිප වතාවක්ම මහල් නිවාස මාරු කර තිබෙනවා. මම නම් හිතන්නේ ඔබේ සතුන් ඔබේ ජීවිතයට අනුගත විය යුතුයි. එසේ නැතිව ඔබ ඔබේ සුරතල් සතුන්ට සුදුසු ලෙස ජීවිතය වෙනස් කරගත යුතු නැහැ‘ ජේන් පෙන්වා දෙයි.
ජේන් සහ ඇගේ සහකරුට (හිටපු) එකට රාත්‍රිය ගත කිරීමට ලැබෙන්නේ කලාතුරකිනි.
“අපිට එකම ඇඳේ නිදාගන්න එක බල්ලා විශාල ප්‍රශ්නයක් වුණා”
ඔවුන් වරක් බල්ලන් රැගෙන ඒමට අවසර දී ඇති ස්ථානයකට ගියත් ඔවුන්ට නිවාඩුව ගත කිරීමට නොහැකි විය. ඇය එහිදී මුහුණ දුන් නීරස අත්දැකීම මෙනෙහි කළාය.
“බල්ලාට ඉන්න වෙන කාමරයක් නොතිබුණ නිසා ඌට අපිත් එක්ක කාමරේ ඉන්න වුණා. මම කවදාවත් බල්ලෙකු සමඟ කාමරයක රාත්‍රිය ගත නොකළ බව මට මතක් වුණා. ඌ නිරන්තරයෙන් කලබල කළ අතර කෙඳිරිගාමින් සිටියා. බැල්ලියගේ තියුණු ගඳ මාව පීඩාවටත් අසහනයටත් පත් කළ. මම තිගැස්සුණා. මිනිසුන් බල්ලාට ආදරය කරන නිසා එය නොසලකා හරිනවාද ? නැතහොත් ඔවුටෙ ඒ තියුණු ගඳ දැනෙන්නේ නැති ද ?’’
බල්ලා ‘මට කැපවීමට අවශ්‍ය නැත’ සඳහා කේතාංක වර්ගයක් දැයි මට කිසි විටෙකත් විශ්වාස නැහැ. මම ඔහුට චෝදනා කළා ‘’මට වඩා බල්ලා තෝරා ගත්තා කියලා.
‘ඔබ සහ ඔහු අතර සම්බන්ධතාවය සාර්ථක නොවූ එකම හේතුව බල්ලා ද ?’ මම ජේන්ගෙන් විමසුවා.
“සුනඛයා ‘මට කැපවීමට අවශ්‍ය නැත’ සඳහා වූ කේතාංක වර්ගයක්දැයි මට කිසිවිටෙක විශ්වාස නැහැ. අපිට එකට ජීවත් වෙන්න බැරි වුණා. ලොකුම ප්‍රශ්නය තමයි අපිට එකට ජීවත් වෙන්න සහ බල්ලෙක් ඇති කරගන්න විදිහක් දකින්න බැරි වීම. ‘මට වඩා බල්ලා තෝරා ගත් බව‘ කියමින් මම ඔහුට චෝදනා කළා’’
“සුරතල් සතුන් සම්බන්ධතාවයකට හෝ මිත්‍රත්වයකට බාධා කරන්නේ කෙසේද ? ” යන්න ගැන මා කතා කළ බොහෝ දෙනාගෙන් ජේන් කෙනෙකි. තවත් පුද්ගයින් අතර, හිල්ඩා බර්ක් ලන්ඩනයේ මනෝචිකිත්සකවරියක්, පවුල් උපදේශකවරියක් වන හිල්ඩා බර්ක් ද වූවාය.
බර්ක්ගේ අත්දැකීම් අනුව, සුරතල් සතෙකු සාමාන්‍යයෙන් සම්බන්ධතාවයක ධනාත්මක දෙයකි. “ආදරය සහ සෙනෙහස සඳහා අන්‍යෝන්‍ය යාත්‍රාවක්, බැඳීමට යමක්.” බර්ක් සිය අදහස කෙටිකරමින් පැවසුවාය.
ජේන්ගේ හිටපු සහකරුට මෙන්, සුරතල් සතෙකු දැනටමත් එහි සිටී නම් ගැටලු මතු විය හැකිය.
“ඒක හරියට කලින් සම්බන්ධතාවයක ළමයෙක් වගේ. ඉතින් ඔබ එම පුද්ගලයාට ප්‍රමාණවත් තරම් කැමති නම්, ඔබ ස්වභාවිකව සුරතල් සතුන්ට කැමැති පුද්ගලයෙක් නොවුණත්, ඔබ එම සුරතලාව පිළිගන්නවා. සුරතල් සතුන් හරියට ළමයින්ට සමානයි. සුරතල් සතෙකු පුහුණු කළ යුතු ආකාරය, ඔවුන් හැසිරිය යුතු ආකාරය, කොපමණ වේලාවක් තනිව සිටිය යුතුද සහ ඔවුන් කොතරම් කුරිරුද යන්න පිළිබඳ විවිධ ආකල්ප ඔබ දන්නවා. එසේම බර සහ පෝෂණය ගැටුමේ මූලාශ්‍රයක් විය හැකියි” බර්ක් තත්ත්වය තව දුරටත් පැහැදිලි කළාය.
“සුරතල් සතුන් කැමති වන්නේ කාටදැයි අනුමාන කරන්න. ඒ ආහාර දෙන්නා හෝ ඔහුව සතුටින් තබා ගැනීමට උත්සාහ කරන තැනැත්තා විය හැකියි. අනුග්‍රහය සහ ඊර්ෂ්‍යාව ගතිකත්වය තුළට ද රිංගා යා හැකියි” බර්ක් ගැටුමේ තවත් මානයක් පැහැදිලි කළාය.
එය විවිධ සංස්කෘතීන් සහ පසුබිම් පිළිබඳ ගැටලුවක් ද වේ. “මා හැදී වැඩුණේ මීට වසර 30කට පෙර අයර්ලන්තයේ යි. එහි තත්ත්වය වත්මන් තත්ත්වයට වඩා බොහෝ සේ වෙනස් එකක් වුණා. බල්ලන් එළිමහන් සතුන් කොටසක් ලෙස එදා සැලකුවේ. ඔවුන් සතුන් මිස පවුලේ කොටසක් ලෙස සැලකුණේ නැහැ” බර්ක් පවසයි.
ක්‍රමක්‍රමයෙන් (ගෙවී ගිය වසර 30 පුරා) අයර්ලන්තයේ සහ වෙනත් තැන්වල, බල්ලන් විසිත්ත කාමරයට… සමහර විට (හොර රහසේ) උඩුමහලට රිංගා ඇත. මෙය සුරතල් සතුන් කෙරෙහි දක්වන ආකල්පවල වෙනසක්, මිනිසුන් ඔවුන් සමඟ කටයුතු කරන ආකාරය සහ ගෘහය තුළ ඔවුන්ගේ භූමිකාව නියෝජනය කරන බව බර්ක් පවසයි.
“ඔබේ සුරතල් සුනඛයා ආදේශක බබෙක් වගේද? ඔහු සමාන අයිතිවාසිකම් ඇති පවුලෙන් එකක්ද? ” ඇය විමසයි.
පසුගිය වසරේ Pew පර්යේෂණ මධ්‍යස්ථානය විසින් කරන ලද අධ්‍යයනයක දී, සුරතල් සතුන්ගේ හිමිකරුවන්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් කියා සිටියේ ඔවුන් තම සුරතල් සතුන් පවුලේ කොටසක් ලෙස සලකනවා පමණක් නොව, මිනිස් සාමාජිකයන් මෙන් ද සලකන බවයි.
“නිසැකවම සම්බන්ධතාවයක සිටින දෙපාර්ශ්වයටම එකම හැඟීමක් තිබේ නම්, ගැටුමක් නැහැ. නමුත් යමෙක් ඉතා වෙනස් හර පද්ධතියකින් පැමිණෙන්නේ නම්, එය ගැටුමේ මූලාශ්‍රයක් විය හැකියි ”බර්ක් තවදුරටත් පවසයි.
මම ඇගේ වට්ස්ඇප් ගිනුමට එක්කර ඇති ඡායාරූපයෙන් ඇය ගැනත් ඇය සුරතල් සුනඛයාට දක්වන කැමැත්ත ගැනත්පැහැදිලි අවබෝධයක් ගත් ගත්තා. ඒ ඡායාරූපයේ වූයේ ඇයගේ උකුළ මත හිස ලබා ගෙන සිටින ග්‍රේහවුන්ඩ් සුනඛයෙකුගේ ඡායාරූපයකි. ඇය තවදුරටත් අයර්ලන්තයේ හැදී වැඩුණු වටිනාකම් පද්ධතියට අනුගත නොවන බව ඒ ඡායාරූපය පැහැදිලි කළේය.
“මම ඒ සාම්ප්‍රදායික ආකල්පවලින් ඉවත් වුණා. මම හැම විටම මගේ ඇඳ මගේ බල්ලන් පුරවා ගැනීමට කැමතියි” ඇය සිනාසෙමින් පැවසුවාය.
ලන්ඩනයේ ජීවත් වන ලෝරාට ද එය එසේම වේ. ඇය පළමු වරට ඔහුව නිවසට කැඳවා ආ දින තරමක් කම්පනයට පත් වූවාය.
“හැන්දෑවේ අපි නිදන කාමරයට ගියා. මම මගේ සුරතල් බල්ලා ඇගේ කූඩයේ තැබීමට උත්සාහ කළ නමුත් ඇය කෑගසමින් සිටියා. ඇය මගේ සැහැල්ලු මනෝභාවය විනාශ කළා. එබැවින් අපිට බාධාවක් නොවන මම ඇයව කූඩයෙන් එළියට ගත්තා. අපි පළමු වතාවට ලිංගිකව හැසිරෙන විට මම ප්‍රේමනීය දෙයක් අපේක්ෂා කළා. නමුත් ඒ වෙනුවට ඔහු පැවසුවේ, ‘අර්ම්, මම හිතන්නේ ඔබේ බල්ලා මගේ කකුල ලෙව කෑවා විතරයි…’ වාසනාවකට මෙන් අපි දෙදෙනාම සිනාසෙමින් අපේ කටයුත්තේ නිරත වුණා. අපි දැන් විවාහකයි! ”
සුරතල් සතුන් නිසා මිත්‍රත්වයන් ද බිඳ වැටිය හැකිය. හැනා සහ ඇගේ සැමියා සති අන්තයේ නිවාඩුවක් ගත කිරීම සඳහා මිතුරු යුවළක් වාසය කරන නිවස වෙත ගියහ. “හැම දේම සතුටින් සිදු වුණා. ඒත්, ඒ ඔවුන්ගේ අපායේ දඩයම් බල්ලා එන තුරු පමණයි” ඇය මට පැවසුවාය.
බල්ලා අමුත්තන්ට හොඳින් ප්‍රතිචාර නොදැක්වූ බවත්, මීට පෙරත් මිතුරෙකු සපා කෑම හේතුවෙන් ඔහුව රෝහල් ගත කර තිබූ බවත් හැනා අසා තිබුණි. ඉතින් මෘගයා මුණගැහෙන්න කැමතිද කියලා ඇහුවම ඒ අය කලබලෙන් වගේ ගියා.
“ඒක හරි ගියේ නෑ. මගේ සැමියා සහ මම සම්පූර්ණයෙන්ම නිශ්චලව වාඩි වී සිටියා. බල්ලා සහ අපි අතර විශාල දුරක් තිබුණේ නැහැ. ඌ අප බලාපොරොත්තු වූවාට වඩා වැඩි ශබ්දයකින් බුරමින් සිටියා”හැනා පවසයි.
ඌ විශාල බල්ලෙක් නොවේ. ටෙරියර් වර්ගයේ එකෙකි.
‘ඔහු ඉක්මනින්ම සංසුන් වෙයි.ඔහු ටිකක් කලබලයි.’ අපේ මිතුරිය කිව්වා.
‘ඔව් මමත් ටිකක් කලබලයි’ මම හිතුවා!
“අවසානයේදී අපි අපේ කෑම බීම එළිමනේදී ගත්තා. නමුත් ඔවුන් සවස් වරුවේ බල්ලා ගැන වැඩි සැලකිල්ලක් දැක්වූ අතර, ඔහු හොඳින් දැයි පරීක්ෂා කිරීමට නොකඩවා ගෙතුළට ගියා. පසුව ඔවුන්ගෙන් එක් අයෙක් අපි එහි සිටියදීම ඔහුව ඇවිදීමට රැගෙන යාමට තීරණය කළා”
හැනාට සහ ඇගේ සැමියාට ඔවුන් ආපසු ආරාධනා කළේ නැත.
“ඇත්තටම මට ඒ ගැන ලොකු වේදනාවක් දැනුණා. බල්ලෙක් නිසා මාව ප්‍රතික්ෂේප කළා. වසර විස්සක ඉතා සුවිශේෂී මිත්‍රත්වයක් ඒ ආකාරයෙන් අවසන් වුණා”
ලොව පුරා සිටින මිනිසුන්ගෙන් මා මෙවැනි කතා රැසක් අසා ඇති අතර, ඔවුන්ගේ අත්දැකීම් හාස්‍යජනක මෙන්ම ඛේදජනක සිදුවීම් දක්වා විහිදේ. මා සමග අදහස් දැක් වූ බොහෝ දෙනෙකුට නිර්නාමිකව සිටීමට අවශ්‍ය විය. ඒ බව මට පහසුවෙන් තේරුම් ගත හැකිය.
දකුණු වේල්සයේ සහෝදරියන් දෙදෙනෙකු අතර ගැටුමක් ඇති කළේ ඔවුන්ගෙන් එක් අයෙකුගේ පෙම්වතා බල්ලන්ට ඉතා කුඩා බලු පැටවුන්ට පවා බිය වන බැවිනි. කැලිෆෝනියාවේ, ඊර්ෂ්‍යා සහගත දියණියක් ඇගේ මවගේ බලු පැටියාට මෙසේ පැවසුවා: “මම ඇගේ නියම දරුවා, මම මුලින්ම පැමිණියා. නමුත් ඇය මට වඩා ඔබට ආදරෙයි. ඒත් ඔබ බල්ලෙක් පමණයි.”
නිව් ජර්සි හි මිතුරන් දෙදෙනෙකුට අසනීප වූ බළලුන් සිටියහ. එක් හිමිකරුවෙකු චීනයේ කළු වෙළඳපොලේ ඖෂධ ලබා ගත්තා. ඇගේ බළලා බේරුණා. මිතුරාගේ බළලා මිය ගියේය.
“මගේ මිතුරා එදා සිට මට සහ මගේ බළලාට වෛර කරනවා. අපි ක්‍රමයෙන් කතා කිරීම නැවැත්තුවා.”
ක්‍රිස් නම් කාන්තාව මෙසේ පවසයි. “අපි අපේ සම්බන්ධතාව තහවුරු කර ගැනීම සුරතල් බල්ලා යොදා ගැනීමට තීරණය කළා. නමුත් අද ආපසු හැරී බලන විට එය තරමක් බොළඳ අදහසක් බව සිතෙනවා” ක්‍රිස් පැවසුවාය.
ක්‍රිස්ගේ ප්‍රකාශය සමග බර්ක් එකඟ වේ. ‘’සතුන් (නැවතත්, ළමයින් මෙන්) ශක්තිමත්, නොබිදෙන සබඳතා ඇති කර ගැනීමට උත්තේජනයක් ලෙස ක්‍රියා නොකරයි. අනික ඒක සුරතලයට හොඳ නැහැ. ඔවුන් අපේ ශක්තීන්ට සංවේදීයි. එබැවින් බොහෝ ගැටුම් ඇති අසතුටුදායක නිවසකට පැමිණෙන බල්ලෙකු පුහුණු කිරීමට අපහසු විය හැකියි. මිනිසුන් කෑගසන නිසා හෝ වෙනත් ඕනෑම දෙයක් නිසා බල්ලා කනස්සල්ලට පත්වුවහොත්, ඔහු සෑම තැනකම විනාශකාරී හෝ ආක්‍රමණශීලී විය හැකි අතර, එය ‘මේ බල්ලා අපේ සම්බන්ධය විනාශ කළා’ වැනි අදහස් නිර්මාණය කරනු ඇත. නමුත්, ඇත්ත වශයෙන්ම, බල්ලා එසේ වන්නේ ඔහු වටා ඇති ඍණාත්මක පරිසරය නිසාය. ඇත්ත වශයෙන්ම ඔවුන් සම්බන්ධතාවයක පරාමිතියක් වන විට බල්ලන් බිල්ලන් ලෙස අවසන් විය හැකිය.
ඔහුගේ විකාරරූපී සුරතලා වන ඌරා පාලනය කිරීමට ඔහු උත්සාහය නොකළ නිසා ඔහු මා ගැන තැකීමක් නොකරන බව මට දැනෙන්නට විය. ඌරා මට පහර දුන් විට ඔහු සමාව ඉල්ලන්නේවත් නැත. ඌරා පහරදීම නිසා මට සිදු වූ කැළැල් තවමත් ඇත
Cockapoo නම් සුනඛයාගේ (දැන් එකම) හිමිකරු ක්‍රිස් වෙත ආපසු එමු. “දුප්පත් මෆින් අපේ විවාහ ගැටලු විසඳුවේ නැතැයි කීම ප්‍රමාණවත්ය. ‘ඔයා මට වඩා ඔය බල්ලට ආදරෙයි’ කියන පැමිණිල්ලෙන් පස්සේ මම උත්තර දුන්නා, ‘එයාට ආදරේ කරන්න ලේසියි’ කියලා. අපි හවුල් වෙන්න එකඟ වුණා. ” ඇය සහ මෆින් එක්සත් ජනපදයෙන් පිටව ගිය අතර දැන් සතුටින් හා නිදහසේ නැගෙනහිර ලෝතියන් වෙරළ තීරය අසල දිවි ගෙවති. අසතුටුදායක විවාහයක කෙටි බැඳීමෙන් ඔවුන් දැන් නිදහස් වී ඇත.
මාර්ටි යනු ඔහුගේ හිමිකාරිය වන ඔලිගේ අනාගත හවුල්කරුවන් සඳහා ලිට්මස් පරීක්ෂණයක් ලෙස ක්‍රියා කරන කොක්ටියෙල් / cockatiel පක්ෂි සුරතලෙකි. “අගුලු දැමීමෙන් පසු මම පළමු වරට ගෙදර ගෙන ආ විට, මාටිට පිස්සු වගේ වුණා” ඇය පවසයි.
“ඔහු ගායනා කරමින්, ඔහුගේ පියාපත් සහ වලිගය පෙන්වමින් මගේ මිතුරියට කතා කළා’’
නමුත් ඔලිගේ මිතුරිය මාර්ටි ගැන සතුටු නොවූවාය. ඇය ගොරෝසු මුහුණක් මවාගෙන ‘ඔහු වඩා හොඳ ශබ්ද කිහිපයක් ඉගෙන ගත යුතු බව‘ පැවසුවාය. ඔලිගේ සහ ඇයගේ මිතුරියගේ සම්බන්ධය එදායින් පසු අවසන් විය.
ටිම් සහ මයික් හොඳ මිතුරන් විය. මයික් නිවස අහිමිව සිටි ටිම්ට ඔහුගේ නිවසේ නවාතැන් දුන්නේය. නමුත් මයික්ගේ සුරතලා වන රොස්කෝ නම් ඌරා දර්ශනය වූ විට තත්ත්වය වෙනස් විය.
“මම සිතුවේ ඔහු මේ ඌරාව මරාගෙන කෑමට අදහස් කරන බවයි” ටිම් පවසයි.
ටිම් වැරදිය. රොස්කෝ ඉතා සුරතල් සතෙකු විය. ගෘහස්ථ සුරතලෙක් විය.
“කඳුකරයේ ඌරෙකුට ජීවත්වෙන්න බැරි තරම් සීතලයි.” ඉතින්… දිගු දළක් ද සහිත රාත්තල් 200ක් බරැති රොස්කෝ ජීවත් වූයේ මයික්ගේ විසිත්ත කාමරයේයි. රොස්කෝ වැඩිවිය පැමිණීමෙන් පසු ගැටලු ආරම්භ වූ අතර, ඔහු පැමිණෙන සෑම විටම ටිම් ඇතුළු අනෙකුත් පිරිමින්ට පහර දුන්නේය.
“මයික් ඌරාගේ ප්‍රශ්නය විසඳන්න හැදුවා. ඌගේ වෘෂණ කෝෂ ඉවත් කරන්න ඌව පශු වෛද්‍යවරයා ළඟට ගෙනිච්චා. එසේ කළ විට ආක්‍රමණශීලී ටෙස්ටොස්ටෙරෝන් වැඩි ප්‍රමාණයක් නිපදවන්නේ නැති නිසා සතා සන්සුන් වෙයි කියලා මයික් කල්පනා කළා. නමුත් ඌරගේ එක වෘෂණ කෝෂ දෙකම ඉවත් කරන්න වෛද්‍යවරයා කැමති වුණේ නැහැ”
ටිම් තම මිතුරා බැලීමට යන සෑම විටම ඌරා ඔහුට පහර දුන්නේය. ඒවගේම මයික් ඒක නවත්තන්න උත්සාහ කළේ නැහැ. “ඔහුගේ ඌරා පාලනය කිරීමට ඔහු උත්සාහය නොකළ නිසා ඔහු මා ගැන සැලකිල්ලක් නොදක්වන බවක් මට දැනෙන්නට වුණා. ඌරා මට පහර දෙන විට ඔහු සමාව ඉල්ලන්නේවත් නැත. ඌරා පහර දුන් නිසා ඇති වුණ කැළැල් තාමත් මගේ ඇඟේ තියෙනවා.”ටිම් පැවසුවේය.
වසර 20කට පමණ පසු මයික්ගේ ඌරා මිය ගිය බව ටිම් දැන ගත්තේය.
“ඔහු ඌරා ඔහුගේ ඉඩමේ වළලා, ඌරා වළ දැමූ තැන මට පෙන්නුවා. ඉතින් මම මිනීවළ ළඟට ගිහින් මෙහෙම කිව්වා. ‘දැන් ඔයා ඔතන ඉන්න’
බල්ලන් සහ බළලුන්, පක්ෂීන් සහ ඌරන් සහ ඉහත සඳහන් නොවන තවත් බොහෝ සුරතලුන් මිනිසුන්ට සිටිති. එම පුද්ගලයින්ට එකිනෙකා සමඟ සුහදව සිටිය හැකිද ? සබඳතා ගොඩනඟා ගත හැකිද ? සමහර විට (සාමාන්‍ය සාකච්ඡා සහ සම්මුතිය මත පමණක් නොව) සුරතල් සතෙකු කළ යුතු සහ නොකළ යුතු යැයි ඔවුන් දෙදෙනා සිතන දේ සහ කළ යුතු දේ මත ද සම්න්ධතා රඳා පවතී. තව ද එය සැමවිටම කළ නොහැකි ය. ජේන් (මිල අධික සෝෆා) සිතන්නේ එය බොහෝ විට බලාපොරොත්තු රහිත බවයි.
“බල්ලන් බල්ලන් සමඟ සිටිය යුතු අතර මිනිසුන්ට මිනිස් ජීවිත ගත කිරීමට ඉඩ හැරිය යුතුයි” ජේන් යළිත් අවධාරණය කළාය.
ද ගාර්ඩියන් ඇසුරිණි- සකස් කළේ මධූ වික්‍රමසිංහ